මම නැවතත් එතැනම හිඳ සිටිමි. වසර දහයකුත් දින ගණනක් ගත වී ඇතත් එම සැන්දෑවේ දුටු ඒ රත් පැහැ අහස දෙසම යලිත් මම බලා හිඳිමි. වෙනසකට ඇත්තේ මම පමණක් තනිවම මෙලෙස ඒ දෙස බලා සිටීම පමණි. මා පළමු වරට කැමරාවක් මිළට ගත් දිනට පසු දිනම මා ඔබ සමග ගාලු කොටුවේ බටහිර මායිමේ "රැම්පාර්ට්" වීදියට පැමිණියේ මා එම කැමරාවෙන් ගන්නා පළමු සේයාරුව ඔබ කරගැනීමටයි. ඔව් අදටත් ඒ ජායාරූපය මා සතුයි. ඉර බැස යන බටහිර අහසට දිගු කළ ජායාරූපය අතැතිව මම ඒ දෙස බලා සිටිමි. මෙම ජායාරූපයට ඔබව අවනත කරගත්තේ කොතරම් නම් ආයාසයක් දරාද කියා දැනුදු මට සිහිවේ. කොටු පවුර මත ඔබ සිටගෙන සිටියේ ඈතින් බැස යන හිරුට පිටුපාගෙනයි. ඉර එළියේ රත් පැහැ ආලෝකය ඔය කෙහෙරැලි වලට වැටී රන් පැහැයෙන් දිදිලූ අයුරු දැනුදු සිහිවන්නේ අද ඊයේ ඔබ දුටුවාක් මෙන් යැයි මට හැඟේ. ජායාරූපය ගැනීමට ඔබ අවනත කරගත්තත් මටවත් ඔබටවත් අවනත නොවුනු ඔය අකීකරු කෙහෙ රැළි ඒ මේ අත විසිරුණේ ඔබව සිනා ගස්සමින්. ඒ සිනාවත් සමග මම ඔබව කැමරාවට හසු කරගත්තේ අහම්බයකින්. යටැසින් මදෙස බලා සිනාසුනු ඔබේ ඒ රුව දෙස මා යළිත් බලා සිටී . එය දකින දකින වාරයක් පාසා මා හදවතට නැගෙන ශෝකය දරා ගැනීමට මා දරනා වෑයම දෑසින් පිටාර ගලා යන්නේ නොදැනුවත්වමයි. යළිත් එයම සිදු වෙයි. උගුරේ යමක් සිර වී ඇත්තාක් මෙන් හැඟේ.
ඔබ මා අසලින් හිඳ ගත් අවස්ථාවේ මා අතින් කැමරාව උදුරාගත් ඔබ එය පිරික්සන්නට උනේ පොඩි දරුවෙක් වගේ. "ඇයි එකක් විතරක් ගත්තේ?" යැයි ඔබ විමසූ අවස්ථාවේ "එකම එක හොඳම එක නිසා" යැයි මා පිළිතුරු දුන් අයුරු මට හොඳින් මතකය. රෑන් රෑන් කුරුළු රංචු රත් පැහැ අහසේ කළු තිත් මෙන් නොපෙනී යන දෙස බලා ඔබ කොතරම්නම් සතුටු උනාද? ඒ එකම මොහොතකවත් අදවන් දවසකුත් මාගේ ජීවිතයට උදා වේ යැයි මම කිසි ලෙසකින්වත් නොසිතුවෙමි.
මූදු හුළගට අවනත නොවුනු ඔය කෙහෙරැලි මගේ මුහුණ පුරා එහා මෙහා දඟලන විටත් මා ඔබ දෙසම බලා සිටියේ ඔය මුහුණේ හැඩතල හැමදාටම හිතේ තැන්පත් කර ගැනීමේ උවමනාවකින්. නමුත් ඒ යළි කිසි දිනෙක ඔබව දකින්න නොවේයැයි සිහිනෙකින් හෝ සිතා නොවේ. නොනවත්වා මොන මොනවාදෝ කියවමින් සිටි ඔබ එක් වරම මා දෙස බලා නිහඬ උනා.
"ඇයි කච කචේ නවත්තන්න හිතුනේ?"
"නෑ නිකං. ඔයා ගියාම ආයේ කවදා දකින්නද කියලා හිතුනා"
"ඉතිං ආයේ දෙසැම්බරයේ එනවනේ."
"ඔව්. හැම දෙයක්ම හොඳින් කරගන්න. අලුත් රස්සාව එක්ක මට කතා කරන්නත් වෙලාව නැති වෙයි ඔයාට .ඒත් කමක් නෑ හැම දෙයක්ම පිළිවෙලක් වෙනවනම්".
ඒ සවස් යාමයට අඳුර ගලා එත්ම දිගට ඇදුනු සෙවනැලි දෙස බලමින් අප කොටු පවුරෙන් ඈතට පිය නැගුවෙමු. පහළින් දර්ශනය වූ මුහුද නිසල විය. බැස යන හිරුගේ කවයක් පමණක් ඈතින් දර්ශනය වූ අතර හාත්පස නිසල බව සියුම් දොම්නසක් සිතට ගෙනා බව මා හට සිහිවේ. මම දැනුදු එම නිසල බව දකිමි. බොහෝ දෑ එදා සේම නිසලය. නිසල නොවන යමක් වේද ඒ මාගේ සිතයි. තවත් පැය භාගයකින් පමණ මා වටා වූ සියල්ල අඳුර විසින් ගිල ගනු ඇත. අඳුර මට නුහුරු නොවේ. මින් වසර දහයකටත් පෙර මා වසා ගත් අඳුරු මතකය ආලෝකයේ රැස් වලින් වියැකී නොයන බව මා දැන් හොඳින් දනිමි.

නව රැකියාවත් එයට හුරු වීමට ගත වන කාලයත් සමග මා හට ඔබ මග හැරුනේදැයි විටෙක මට සිතේ. ඒ කෙසේ වෙතත් කිසිදු අවස්ථාවක නෝක්කාඩු නොකියූ ඔබ මාගේ අභිවෘදිය හැම විටෙකම අපේක්ෂා කළ බව මා හොඳින් දනී. දුරකථන ගාස්තු පවා අධික වූ එම කාලයේ ඔබ හා ගෙන ගිය දුරකථන සංවාද පවා ඉතා සීමාසහිත විය. දෙසැම්බර් මාසය උදා විය. නත්තල් දිනත්, පොහොය දිනත් ආසන්නයේ යෙදී තිබූ බැවින් මා 24 දින සවස් යාමයේ නිවස කරා පැමිණියේ පොහොය දින ඔබ හමු වීමේ අරමුණෙනි. නත්තල් ප්‍රසාද දීමනාවද සමග මා ලද පළමු වැටුපින් මව පියා ඇතුළුව නිවසේ අයටත් ඔබටත් තෑගී වශයෙන් මිළදී ගත් දෑ සමග එදින රාත්‍රියේ මා නිවසට පැමිණියේ අධික තෙහෙට්ටුවකින් බව මට හොඳින් මතකය. ඔබ වෙනුවෙන් කුමක් මිළදී ගත යුතුදැයි මා අනේකවර කල්පනා කළ අතර අවසානයේ අත් ඔරලෝසුවක් මිළට ගත්තේ එයින් ඔබ සතුටු වෙතැයි සිතූ නිසාමය.
කාලය ගෙවී යන්නේ කොතරම් සෙමින් දැයි මා කල්පනා කරන්නට විය. පසු දින ඔබව දැකීමට මා තුළ වූයේ මහත් නොඉවසිලිමත්කමක් බවකි. නත්තල් දින සාමාන්‍ය පරිදි ගෙවී ගොස් පසු දින උදාවිය. ඒ උඳුවප් පොහෝ දිනයි. උදෑසන 6.30 පමණ වන විට මාගේ දුරකතනයට ඇමතුමක් ලබා දුන් ඔබගේ කටහඬ දැනුදු වරින් වර මාගේ සවන් පුරා දෝංකාර දෙයි.
මා අවදි වූයේ දුරකථනයේ නාදයෙනි. නින්දෙන් අවදිකිරීමේ සියුම් නොරිස්සුම්සහගත බවින් මම ඔබ ඇමතුවෙමි. මා වරින් වර යම් යම් දෑ නිසා කෝප වී ඔබ හට කෙතරම් ඇනුම් පද කීවද ඔබ කිසි දිනෙක මා හට එවන් ප්‍රතිචාර දැක්වූයේ නැති බව සිහි වන විට දැනෙන වේදනාව කියා නිම කළ නොහැක. "මොකද මේ උදේ පාන්දර කුකුල්ලු නැගිටින්නත් කලින් නැගිටලා මාව ඇහැරෙවුවේ? හරිම වධකභාරියක්." යනුවෙන් මා ඉතා මුග්ධ ලෙස ඇසූ කළ "අයියෝ දැන් වෙලාව කියද? හයයි තිහත් පහු වෙලා.කෝ දැන්ම එන්න හිතක් නැද්ද ඉතිං මේ වධකභාරිව බලන්න" යැයි ඔබ ඉතා සරලව මා හට පිළිතුරු දුන් අයුරු මාගේ දෙසවනේ දැනුදු නිම්නාද දේ.
එවේලේ මා ව්‍යාජ තරහක් මවගත්තේ ඔබව තරමක් කේන්ති ගැස්වීමේ අරමුණින් නමුත් ඔබ ලෙහෙසියෙන් කේන්ති නොගන්නා බව මම සැමවිටම දැන සිටියෙමි. මා ඔබට කීවේ උදෑසන නවයයි තිහට ගාලු බස් නැවතුම්පලේ අප වෙනදා හමු වන සුපුරුදු ස්ථානයටම පැමිණෙන ලෙසයි. නින්දෙන් අවදි වූ මා තකහනියේ ලක ලැහැස්ති වූයේ සැබවින්ම ඔබව හැකි ඉක්මනින් දැක ගැනීමට ඇති ආශාව නිසාමයි. ඔබගේ ප්‍රියතම සුවඳ විලවුන් වර්ගය අඩංගු බෝතලය මා කිහිප වරක් මාගේ කමිසය පුරා ඉස ගත්තේ ඔබ එතරම් ඒ සුවඳට කැමැත්තක් දැක්වූ නිසා. මට තිබූ කලබලය කොතෙක්ද යත් හදිසියේම මා අතින් ගිලිහුනු සුවඳ විලවුන් බෝතලය මා දෙපා මුලම වැටී බිඳී ඉහිරී ගියා. මුළු නිවසම සුවඳ විලවුන් සුවඳින් පිරී ගිය අතර එය කිසියම් අසුභ පෙර නිමිත්තක්දෝ කියා සිතුනද, මිත්‍යාවේ නොඇලුනු මා එය ගණනකට නොගෙන බිඳී ගිය වීදුරු කටු අහුලා දමා නිවසින් පිට වූයේ ඒ වන විටත් ප්‍රමාද වී තිබූ බැවින්.
නිවස ආසන්නයේ වූ බස් නැවතුමට ගොඩ වී මද වේලාවකින් ගාලු බස් රථය පැමිණියා. පොහොය දිනයක් නිසාවෙන්දෝ ඒ තරම් සෙනගක් බස් රථයේ සිටියේ නෑ. මම මාගේ අත් ඔරලෝසුව දෙස බැලුවේ වේලාව කීයදැයි බලා ගැනීමට. හදිසියේම මා හට යමක් අමතක වූ බවත් ඒ ඇයට ලබා දීමට ගත් අත් ඔරලෝසුව බවත් සිහි උනා. වේලාව අට පසු වී විනාඩි හතළිහක් වී තිබුණා. එය ඔබට දිය යුතුම නිසා ඒ ආසන්නයේම වූ බස් නැවතුමෙන් බැසගත් මා නැවත නිවසට පැමිණියේ ත්‍රී රෝද රථයකින්. එය ඇසුරුම් කළ ආකාරයටම තිබූ අතර එය සුරක්ෂිතව ගමන් මල්ලෙහි දමා නැවත බස් නැවතුමට පැමිණියේ ඉක්මනින් බස් රථයක් පැමිණේය යන බලාපොරොත්තුවෙන්. නමුත් දෛවය යනු එය බව මා පසක් කොට ගත්තේ එදිනයි. බස් රථයක් පැමිණීමට විනාඩි විස්සක පමණ කාලයක් ගත වූයේ ඔබ හමු වන හෝරාව තවත් කල් දමමින්.
බසයට මා ගොඩ වන විටත් නවය පසු වී විනාඩි පහළොවක් පමණ ගත වී තිබුණා. බස් රථයට නැගී විනාඩි දහයක් ගත වූ තැන මා ඔබට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.
" හෙලෝ.... ඔයා කොහේද දැන් ඉන්නේ?"

"මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලත් ඉන්නේ. ඔයා කොහේද?
"අනේ හරි වැඩේ උනේ... මට බස් එකට නැග්ගටත් පස්සේ මතක් උනේ අත්‍යවශ්‍යම දෙයක් අමතක කරලා අවා කියලා. ඉතිං අයේම ගෙදර ගිහිං ඒක අරගෙන අවා"
"මොකද්ද අප්පේ ඔය තරම් අත්‍යවශ්‍ය දේ"
"ඇවිල්ලාම කියන්නම්කෝ....."
"එහෙනම් පරිස්සමින් එන්න. මම බලාගෙන ඉන්නවා...."
තත්පරයෙන් තත්පරය මා ඔබට ලං වන බව සිතුවත් තත්පරයෙන් තත්පරය ඔබ මාගෙන් ඈත් වුණා. තවත් විනාඩි දහයක් ගත වූ තැන මාගේ දුරකථනය නාද වුනා. ඒ ඇමතුම ඔබගෙන්. ඒ වන විටත් මා ගාලු නගරයට ආසන්න වී සිටියා.
"හෙලෝ.... ඔයා මග නේද?"
"ඔවු ඇයි හදිස්සියේම ගත්තේ? පරක්කු නිසා තරහෙන් නේද ඉන්නේ හොඳටම?"
"නෑ... මෙහෙ හරි කලබලයක් වගේ. මිනිස්සු කලබල වෙලා දුවනවා එහේ මෙහේ . මූදු වතුර පාරට ගහලාලු. අනේ මන්දා ඔයා එන්න එපා දැන්. මොකද්ද දන්නේ නැහැනේ. මමත් පුළුවන් උනොත් බස් එකේ නැගලා ගෙදර යනවා"
"හරි මම මේ එන ගමන්. මොකුත් කරදරයක් වගේනම් ඔයා ඔතන තනියම ඉන්න එපා. එහෙනම් ගෙදර යන බස් එකට නගින්න"
ඔබ දුරකථනය විසන්දි කළා. දුරකථනය විසන්දි කිරීමට පෙර ඔබ මා හට "ආදරේ" යැයි පැවසූ අයුරු මා සවන් තුළ එදා මෙන්ම අදත් රැවු දෙනවා. ඒ ඔබ මා ඇමතූ අවසන් අවස්ථාව බව මා එක මොහොතකටවත් සිතුවේ නෑ. 2004 දෙසැම්බර් 26 පැමිණි ඒ වියරු රළ පහර ඔබ මා කෙරෙන් වෙන් කළේ කවරනම් පාපයක් නිසාදැයි මා අදටත් නොදනී. යළිත් ඔබගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් පැමිණියේ නැත. අධික මාර්ග තදබදය නිසාවෙන් මහ මග නැවතුනු මා පැයකට පමණ පසු ගාලු නගරයට පැමිණෙන විට සියල්ල සිදු වී හමාර වී තිබුණි. සිදු වී ඇත්තේ කුමක්දැයි හරි හැටි වටහාගැනීමට නොහැකි වී මා ඒ මේ අත ඇවිද ගියේ පිස්සෙකු මෙන් යැයි මට දැන් වැටහේ. ඔබ හා මා සුපුරුදු ලෙස හමු වූ තැන නටඹුන් ගොඩක් වී තිබුණා. නමුත් ඔබ එහි සිටියේ නෑත. එම නටඹුන් මත මා ඔබගේ පා සටහන් සෙවූ නමුත් ඒ සියල්ල වියරු රළ විසින් ගෙන ගොස් තිබුණා.
............................................................................................................
............................................................................................................
හිරු බැස යාමට ආසන්නය. වලා තීරය අඳුර මුසු වූ රත් පැහැයෙන් දිලිසේ. මා අවට වූ සියල්ල මා හට දැන් පෙනෙන්නේ අඳුරු චායාවන් ලෙස පමණි. ඔබගේ ජායාරූපය දෙස මා නෙත් යොමමි. එයද අඳුරින් වැසී ගොසිනි. "අතීතයේ දවසක" මතකය හදවත පතුලේ නිදන්ගත කොට හිඳ සිටි තැනින් නැගිටගත් මා ඒ අඳුරු රත් පැහැ අහස දෙස බලමින් නැවත පැමිණීමට කොටු පවුර මතින් ඈතට පිය නගමි.
is that a true story??
ReplyDeleteBased on a true story. But not totally.... write with my imagination :) Always like a fictions which a mix of reality & fantasy :)
DeleteHarima lassanata hithata wadina vidiyata liyala thiyenawa.
ReplyDelete