මොවුන්ගේ ජීවත් වීමේ රටාව අතිශය වෙනස් රටාවක් ගනී. සෑම විටෙකම සාම්ප්‍රධායික මෙවලම් මත යැපෙන ඔවුන් නූතන සමාජයේ මෙවලම් වන ජංගම දුරකථන, පරිගණක, රුපවාහිනී වැනි දෑ භාවිතාවට ගන්නේ නැත. සාම්ප්‍රධායික ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කොටගන්නා ඔවුන් ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියයි. විශේෂත්වයක් නම් 18 වැනි සියවසට පෙර භාවිතා වූ තාක්ෂණය පමණක් ඔවුන් අදටත් භාවිතාවට ගැනීමයි.තමන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පවා ඔවුන් සිය නිවස තුළම මසා නිමකරගැනීම සිදු කරගන්නා අතර හැම විටෙකම තනි පැහැයෙන් යුතු ඇඳුම් අඳින මොවුන් නවීන විලාසිතාවේ ඇඳුම් භාවිතා නොකරයි.
ඔවුන්ගේ පවුල් සංස්ථාව ඉතා ශක්තිමත් එකකි. දික්කසාදය වැනි දෑ එම සමාජය තුළ ඉතා අවම මට්ටමක පවතින අතර පවුලට මුල් තැන දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. එක් පවුලක දරු දැරියන් 6ත් 10ත් අතර ප්‍රමාණයක් සිටින අතර එය ඔවුනගේ ආර්ථිකයට ශක්තියක් කොටගෙන ඇත. අසීමිත ආශාවන් සහ අරමුණු පසුපස හඹා නොයන ආමිෂ්වරුන්ගේ දරුවන් පවා 8 හෝ 9 ශ්‍රේණි වලදී අධ්‍යාපනය අවසන් කරන්නේ ජීවත් වීමට අවැසි මූලික දැනුම ලබා ගැනීමත් සමගිනි. ඔවුන් තරුණ වියට එළඹුන කල සිය වර්ගයෙන් ඔවුනට තෝරා ගැනීමේ නිදහසක් හිමි වන අතර එහිදී ඔවුනට තවදුරටත් ආමිෂ්වරයෙකු ලෙස සිටිනවාද සාමාන්‍ය සමාජය හා එකතු වනවාද යන්න තීරණය කල හැකිය. නමුත් විශේෂත්වය නම් බහුතරයක් තරුණ තරුණියන් නැවතත් සිය ආමිෂ් ජන සමාජය හා එක් වීමයි.
සාමාකාමී ජන කණ්ඩායමක් වන ආමිෂ්වරු කිසි විටෙකත් ප්‍රචණ්ඩ ක්‍රියා හා සම්බන්ද වීම අනුමත නොකරයි. සාමුහිකව වැඩ කටයුතු කිරීමත්,එකිනෙකාට උදව් උපකාර කිරීමත් ඔවුන්ගේ ජන වර්ගයේ වන යහපත් පැවතුම්ය.මත්ද්‍රව්‍ය වැනි භාවිතාවන් සිදු නොවන මෙම සමාජය තුළ චාම් දිවිපෙවතට මූලික ස්ථානය ලබා දේ. සරල වීම තුළ ජීවිතයේ සතුට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. එය කොතරම් වටිනා ඇදහීමක්ද යන වග අපගේ සංකීර්ණ ජීවිත හා ඔවුනගේ ජීවිත සැසඳීමේදී පෙනී යයි. එමෙන්ම බටහිරින් පැමිණෙන සියල්ල දෝතින් බදා ගන්නා අපගේ සමාජයට බටහිර ලෝකයේම ජීවත් වන ආමිෂ්වරුන්ගෙන් සරලකම පිළිබඳව ඉගෙනගත හැකි පාඩම් බොහෝය.
ආමිෂ් තරුණියන්
ආමිෂ් ගම්මානයක්
ඔවුන්ගේ ගමන් බිමන් බොහෝමයක් අශ්ව කරත්ත හරහා සිදු වේ
සාම්ප්‍රධායික ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ
සාමුහිකත්වය
පාසල් යන දරුවන්
No comments:
Post a Comment