මෙහි දැක්වෙන්නේ දෙවන ලෝකයුධ සමයේ සිදුවීමකි. මෙම ප්‍රකට සේයාරුව "Wait For Me, Daddy" ලෙස හදුන්වා දී තිබේ. 1940 දී කැනඩාවේ සෙබළු තම රාජකාරියට වාර්තා කිරීමට දුම්රිය පැමිණෙනතුරු පේළි සැදී සිටිනවා. එම අවස්ථාවේදී මෙම එක් සෙබලෙකු ගේ වයස අවුරුදු 5ක් වන කුඩා දරුවෙක් (Whitey Bernard) තම මවගේ ඇකයෙන් මිදී තම පියාණන් ගේ අත අල්ලා ගැනීමට දුව යනවා. මෙහි සිටින කුඩා දරුවා දිවයන්නේ තම පියා යන ස්ථානයට යාමටයි. නමුත් ඔහුගේ පියා යන්නේ ලෝක ඉතිහාසයේ තිබෙන දරුණුතම සටනට බව ඔහු නොදැන සිටින්නට ඇත.
මෙම ජයාරූපයෙන් නිරුපනය වන්නේ Jason K. Edens නම් 22හැවිරිදි සොල්දාදුවා ඇෆ්ගනිස්ථානු යුද්ධයේ දී මියගොස් ඔහුගේ මෘත ශරීරය ගුවන් තොටුපලට ගෙනෙන ලද අවස්ථාවයි. මෙහිදී මියගිය සෙබලාගේ තරුණ බිරිඳ නමින් Ashley Eden, තම ආදරණීය ස්වාමිපුරුෂයාගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ මිනීපෙට්ටිය සිපගනිමින් හඬන ආකාරය දැක්වෙනවා. නව ජීවිතයක ඇරඹුම පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටි ආදරණිය බිරිඳක් යුද්ධයක් නිසා වැන්දඹුවක් බවට පත්වීමත්, ඒ තුළ ඇයගේ අනාගත අපේක්ෂාවන් ඇයගේ ඇස් පනාපිට බොඳවී යෑමත් මේ තුළ දෘශ්‍යමාන වේ.
ඉහත ජයාරූපවලින් දැක්වෙන්නේ Lucy Davies නම් 6 හැවිරිදි දැරිය තම බෝනික්කා තුරුළු කරගෙන ඇයගෙන් වෙන්ව යන පියාණන්ට අත වනන ආකාරයයි. Christopher Davies නම් බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවා ඇෆ්ගනිස්ථානයේ දී තම සහෝදර සෙබළුන් 100 ක් සමග අවසන් ගමන් යනවා. Christopher ගේ දේහය ඉදිරිපිට ඔහුගේ දියණිය හඬන අයුරු එක් ජායාරුපයක දැක් වන අතර අනෙක් ජායාරුවෙන් දැක්වෙන්නේ ඇය පියාණන් ගේ දේහයට අවසාන සුබ පැතුම පලකරන ආකාරයි. අවසාන ජායාරුවෙන් ඇය තම පියාණන්ට දක්වන සෙනෙහස මනාව පැහැදිලි වෙනවා. සමස්තයක් ලෙස මෙම ජායාරුප තුල දිස් වන්නේ පියාණන් ගේ වියෝවීම තුලින් දොම්නසට පත්වසිටින දියණියකගේ කතාවක් පමණක් නොවේ. ලෝකය හරිහැටි දැකීමටත් පෙර තමාට හිමි සෙනෙහස අහිමි කළ, පියෙකු අහිමි කුඩා දියණියකගේ ජිවිත ඉරණමයි.

මෙය දෙවන ලෝක යුද්ධ සමයේ ගත් ඇසට කඳුලක් ගෙන එන තරමේ සංවේදී ජායාරූපයකි. 1944 අගෝස්තු මස ඉතාලියේ "නේපල්ස්" නුවරදී Wayne Miller නම් ජායාරූප ශිල්පියා විසින් මෙය සේයා ගත කොට ගෙන ඇත. මෙහි දැක්වෙන්නේ යුද්ධයේ ප්‍රතිඵලයක් නිසා පාදයක් අහිමිවූ තමන්ගේ යහළුවකු වාරුකරගෙන සිටින තවත් කුඩා දරුවකුගේ ජායාරූපයකි. හයක් හතරක් නොදන්නා මෙවැනි කුඩා දරුවන් යුද්ධයේ ගොදුරු වීම මහා ඛේදවාචකයකි. මේ මගින් ප්‍රබල කරුණක් ඉස්මතුකර දක්වයි. වැඩිහිටියන්ගේ බල කාමයෙන් විකෘති වූ ලෝකය දෙස සිය බොඳ වූ අනාගතය දෑතින් තුරුළු කරගත් දරුවන් දෙදෙනකු බලාපොරොත්තු රහිත දෑසින් බලා සිටී.
මෙහි දැක්වෙන්නේ ඉරාක ජාතික මවක් බෝම්බ ප්‍රහාරයකින් පිලිස්සී ගිය තම සිඟිති දරුවාගේ වේදනාබර හැඩීම නතර කිරීමට දරනා උත්සාහයයි. මෙම මවද හඬමින් තම දරුවාගේ කදුළු නැවත්වීමට වෙහෙසෙන බව පෙනේ. දරුවාගේ මුහුණ දරුණු ලෙස පිළිස්සී ඇත. ඒ තුලින් දරුවා හට දැනෙනා වේදනාව කොපමණදැයි අවබෝද කොටගත හැකිය.
මේ ඉහත සඳහන් කර ඇත්තේ යුද්ධයේ වේදනාව පෙන්වන උදාහරණ කිහිපයක් පමණි. මෙවන් සිදුවීම් ලෝක ඉතිහාසයේ ගණනය කළ නොහැකි තරමින් සිදුවී ඇතිබව ඉතිහාසය විමසීමේදී පෙනී යයි. අවසාන වශයෙන් කිවයුත්තේ ලෝක ඉතිහාසය පුරාවටම කාලයෙන් කාලයට අපට අසන්නට ලැබි තිබෙන්නේ යුද්ධ සහ සංහාර පිළිබඳව වූ වේදනාබර සිදුවීම්ය. මතක තබා ගත යුතු කාරණාවනම් මිනිසාට එරෙහිව මිනිසා අවි දැරීම යනු ම්ලේච්ජ වූ ගෝත්‍රික සමාජයේ ලක්ෂණයක් බවයි. බල තණ්හාව ආහාරය කරගත් මිනිසුන්ට අත් හැරීමක්ද නැත. අත් හැරීම නොමැති තැන ජයග්‍රහණයක් ද නැත. එබැවින් කිසිදිනක ලෝක සාමයක් ඇතිවන්නේද නැත. නමුත් සිදු විය යුත්තේ හෙට උපදින ලෝකය තුළ වෛරය හා වේදනාව රෝපණය නොකොට ඔවුන්ට ජීවිතය විඳීමට සුදුසු ලෝකයක් ගොඩනගා දීමයි.

No comments:
Post a Comment