මෙසේ පැවසුවේ මෙරට උගත් පඬි රුවනක් වන වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමියන්ය. මහාචාර්ය සරත් විජේසුරිය මහතා විසින් රචිත කුඩා පර්යේෂණ කෘතියක් වන "විශ්ව විද්‍යාලයට එන්නේ මොකටද? " යන කෘතියේ මුල් පිටුවේ ඉහත උදෘතය දක්වා තිබුණි. මේ දින වල නවක වදය යන මාතෘකාව නැවතත් කරළියට පැමිණ තිබෙන බැවින් මෙය පල කිරීමට සිතුවෙමි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන මා පෞද්ගලිකව නවක වදය නම් යල් පැනගිය සංකල්පය පිළිකෙවූ කරන බව පැවසිය යුතුමය. නවක වදය යනු කුමක්ද? අපගේ සාමාන්‍ය විවහාරයට අනුව RAG යනු බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු යුගයේ ආරම්භ වූවකි. පළමු ලෝක යුද්ධය නිමාවීමෙන් පසු නැවත පැමිණි සොල්දාදුවන් විශ්වවිද්‍යාල තුලට ඇතුළු වීමත් සමග ඔවුන් හරහා නවක වදය අධ්‍යාපන පද්ධති තුල ව්‍යාප්ත විය. RAG යන්නෙන් ජනිත වන අර්ථ ගණනාවකි. "Raise A Grand" , "Raising and Giving" වශයෙනි. බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ මෙය පසු කාලීනව යටත් විජිතයන්හි විශ්ව විද්‍යාල තුළ ව්‍යාප්ත විය. ඒ අනුව RAG නැතිනම් නවක වදය යනු බටහිරින් අප වැලඳගත් සංකල්පයකි. වර්තමානයේ නවක වද සිද්ධීන්ට සක්‍රීයව දායක වන සිසු සිසුවියන් RAG යනු කුමක්දැයි දන්නවද යන්නත් ගැටළුවකි....................
නවක වදයේ ස්වරූපය ප්‍රධාන වශයෙන් දෙකකි. එනම් සුළු නවක වදය සහ උග්‍ර නවක වදයයි.
සුළු නවක වදය -
සුළු නවක වදයට සාමාන්‍යයෙන් වාචික හිරිහැර අයත් වෙයි. අපහසුතාවයට ලක්වන ප්‍රශ්න ඇසීම, තැති ගැන්වීම, බලහත්කාරය මගින් ගරු බුහුමන් හිමිකර ගැනීම, කථා කිරීමේ අයිතිය සීමා කිරීම, කවට රංගනයන් ඉදිරිපත් කිරීමට පෙළඹවීම, විශේෂිත අයුරින් ඇඳුම් ඇඳීමට බල කිරීම වැනි ක්‍රියාවන් මීට අයත් වෙයි. මෙය මානසික හිංසනයට අදාල වේ. මෙය සුළු නවක වදයක් වූවද මානසික හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
උග්‍ර නවක වදය -

උග්‍ර නවක වදය ශාරීරික සහ ලිංගික හිංසනය අන්තයටම රැගෙන යන ක්‍රියාකාරකම් වලින් යුක්ත වේ. නිරුවත් කිරීම, ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීම, කටුක තත්ව යටතේ ව්‍යායාම වල යෙදවීම, කායික හිංසන සිදු කිරීම වැනි දෑ මීට අයත් වේ.උග්‍ර නවක වදය බොහෝ විට සිදුවන්නේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුල වෙයි. මීට ශාරීරික සහ ලිංගික හිංසනයන් ඇතුළත් නොවන අතර, බොහෝ විට සුළු නවක වදය සිදුවන්නේ විශ්වවිද්‍යාල භූමි පරිශ්‍රය තුල වේ.
සිදු වූ මරණ සහ ඝාතන -
ලාංකේය විශ්ව විද්‍යාල ඉතිහාසයේ නවක වද සිදුවීම් නිසාවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් බොහෝය. ඒ අතරින් 1975 වසරේ සිදු වූ රූපා රත්නසීලි ශිෂ්‍යාවගේ සිදුවීම විශ්ව විද්‍යාල ඉතිහාසයේ කළු පැල්ලමකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක්ව සිටියදී නවක වදය වශයෙන් සිදු වූ ලිංගික අඩත්තේට්ටම් වලින් බේරීමට ගත් උත්සාහයකදී ස්ථිර අබාධීත තත්‍වයකට පත්වූ රූපා රත්නසීලි ඉන් වසර 22කට පමණ පසුව 1997 වසරේදී සියදිවි නසාගන්නා ලදී. ඇයගේ මරණය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයීය නවක වදය හේතු කොට සිදුවූ ප්‍රථම මරණය ලෙස ඉතිහාසයට එක් විය.

මෑත ඉතිහාසයේ උදාහරණයක් ගෙන දැක්වුවහොත් 2002 වසරේ නොවැම්බර් 7 වන දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ තෙවැනි වසරේ උගෙනුම ලබමින් සිටි "සමන්ත විතානගේ" ශිෂ්‍යයාගේ ඝාතනය තවත් එක් කළු පැල්ලමකි. කළමනාකරණ පීඨය තුල ක්‍රියාත්මක වූ දරුණු නවක වදය නැවැත්වීම සම්බන්ධ රැස්වීමක් අතරතුරදී එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඔහු ඝාතනයට ලක් විය. ඔහුගේ ඝාතනයට මූලිකම හේතුව වූයේ ඔහු නවක වදයට එරෙහිව විශ්ව විද්‍යාලය තුළ ගෙන ගිය අරගලයයි.
නවක වදය යනු දියුණු අධ්‍යාපන සංස්කෘතියක් තුළ නොතිබිය යුත්තකි. ඉතිහාසය පුරා මෙරට විශ්ව විද්‍යාල ලෝකයේ ප්‍රථම ස්ථාන දිනා සිටින්නේ උග්‍ර නවක වදය තදින්ම ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල ලෙසයි. යමෙක් පමණ ඉක්මවා නවක වදය සාධාරණීකරණය කරයිනම් ඔහුගේ හෝ ඇයගේ මානසික මට්ටම් පරික්ෂා කළ යුතුය. මන්ද පරපීඩක මානසිකත්වය යනු මානසික රෝගයක් වන බැවිනි. සරත් විජේසුරිය මහාචාර්යතුමන් ඔහුගේ කෘතියේ දක්වා ඇති කරුණක් සංක්ෂිප්තව දක්වමින් මාගේ ලිපිය අවසන් කරමි. එය මෙසේය
"නවක වදය මොනම අන්දමකින්වත් සාධාරණීකරණය කළ නොහැක. මෙහිදී අවබෝද කරගත යුතු කාරණාවක් ඇත. එය නම් කෙනෙකුට අභිමත අන්දමට තවත් කෙනෙකුට ශාරීරික හෝ මානසික හිංසාවක් කරන්නට තිබෙන අයිතිය කුමක්ද? යන්නයි. නවක වදය සම්බන්දයෙන් චෝදනා ලත් සිසුන් පමණක් නොව සිසුවියන්ද මම දැක ඇත්තෙමි. මා ප්‍රථමව අවබෝද කරගත් කාරණාව නම් ඔවුන් ඉතා දුර්වල චරිත ඇත්තන්ය යන්නය. කිසිම පෞර්ෂයක් නැති පසුගාමී මානසිකත්වයකින් පෙළෙන්නන් යන්නයි. වැදගත්ම කාරණාව වන්නේ ඕනෑම ශිෂ්‍යයෙක්ට හිංසනයකින් තොරව විශ්ව විද්‍යාල පරිසරයේ නිදහසේ ජීවත් වීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීමයි. විශ්ව විද්‍යාලයට පැමිණෙන කිසිම දරුවෙකුට අනර්ථයක් සිදු වනු දැකීමට ඒ දරුවන්ගේ දෙමාපියන් කැමති වන්නේ නැත. තරුණ පරම්පරාවක අවධානය නිතරම යොමු විය යුත්තේ මානව සමාජයේ අභිවෘදිය උදෙසාය......."
අයේෂ් ලියනගේ

රූපා රත්නසීලි මෙනෙවිය මෙරට නවක වදයේ ප්‍රථම බිල්ල විය
No comments:
Post a Comment