ටූට්න් කාමන් යනු Akhenaten නම් ඊජිප්තු රජුගේ පුත්‍රයා වූ අතර සිය පියාගේ අකල් මරණය හේතුවෙන් ඔහුට කුඩා අවදියේම රජකම බාරගැනීමට සිදු විය. රජකම බාරගන්නා විට ඔහුගේ වයස අවුරුදු 9ක් විය. එසේ ආරම්භ කළ රාජ්‍ය පාලනය ක්‍රි.පූ 1336 සිට ක්‍රී පූ 1327 දක්වා සිදුකොට ඇත. කෙසේ හෝ ඝාතන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස වයස අවුරුදු 18දී ටූට්න් කාමන් ඝාතනය වූ බවට ඉතිහාසවේදීන් අනුමාන කරයි. එසේ වැළලී ගිය අතීතය නැවත ගොඩ ගනු ලබන්නේ 1918 වසරේදීය. කානවන් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යාඥ හොවාර්ඩ් කාටර් සහ පිරිවර එම කර්තව්‍යයේ ආරම්භ කරන ලදී. වසර පහක පමණ කාලයක් අඛණ්ඩ සහ අසීරු ව්‍යායාමයක ප්‍රතිපලයක් ලෙස ටූට්න් කාමන් තරුණ රජුගේ වැළලී ගිය මමිය සොයා ගැනීමට ඔවුනට හැකි විය. සිදුවීම් සමුදාය ආරම්භ වන්නේ එතැන් සිටයි. එම සොහොන් කොතේ මෙසේ සටහන් කොට තිබූ බව පැවසේ "ටූටන් කාමන් ගේ දිගු නින්දට බධා කරන්නන් වෙත මරණය ලඟා වනු ඇත".
එම සොහොන්කොත ආවරණය කළ දොරටුව කඩා දැමූ දිනම අදහාගත නොහැකි දෙයක් සිදු විය. එනම් ප්‍රධාන පුරාවිද්‍යාඥ කාටර් විසින් ඇති කළ කැනරි වර්ගයේ පක්ෂියා නයෙකුගේ දෂ්ට කිරීමකින් මරණයට පත් වීමයි. කාටර්ගේ හිතවතුන් ඔහුට අනතුරු ඇඟවීම් කළද නව විද්‍යාව විශ්වාස කළ ඔහු එම මිත්‍යා කතා බැහැර කළේය. මමිය සොයා ගැනුනි. එය පරීක්ෂණය සඳහාද ගනු ලැබුණි. එතැන් සිට මසක් ගත විය. සියලු ගවේෂණ සඳහා මූල්‍ය ආධාර ලබාදුන් බ්‍රිතාන්‍ය ජාතික කානවන් සාමි හදිසියේ අසනීප විය. ඒ මදුරු දෂ්ටනයක් හේතුවෙනි. ලේ විෂ වීමක් සිදු වූ අතර අවසානයේ එය නිව්මෝනියාව දක්වා වැඩි වර්ධනය විය. රෝගය උත්සන්න වූ අතර කයිරෝ නුවරදී ඔහු මරණයට පත් විය. එම අවස්ථවේ මුළු කයිරෝ නුවරම විදුලිය විසන්දි විය. බ්‍රිතාන්‍යයේ ඔහුගේ නිවසේ ඔහු විසින් ඇති දැඩි කළ සුරතල් බල්ලාද එම අවස්ථාවේම එක දිගට උඩු බුරුලා අවසානයේ මරණයට පත් වූ බව පැවසේ. එය ශාපයේ පළමු බිල්ල ලෙස සැලකේ.
ටූටන් කාමන් ගේ මමියේ මුහුණේද කානවන් සාමිගේ මුහුණට මදුරුවා දෂ්ට කළ ස්ථානයේම පැහැදිලිව හඳුනාගත හැකි කැළලක් දැකගත හැකි විය. අනතුරුව පිළිවෙලින් කානවන් ස්වාමිගේ පවුලේ සාමාජිකයෙකුත්, පාරාවෝ පෙලපතකින් පැවත එන කුමරෙක් සහ ඔහුගේ සොහොයුරෙක් මරණයට පත් විය. මෙම මරණ අතරින් ඇතැම් මරණ සියදිවි නසාගැනීම්ය. හොවාර්ඩ් කාටර්ගේ සහායකයා මරණයට පත් වූයේද නිව්මෝනියා රෝගයෙනි. කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් නම් පුරාවිද්‍යඥයා හිටිවනම කෝමා තත්වයට පත් විය. මාස ගණනක් එසේ තිබී ඔහුද මරණය වැළඳ ගත්තේය. සොහොනේ කැනීම් පරීක්ෂණයට සහ එම කාල වකවානු නිර්ණය කිරීමට පැමිණි විද්‍යාඥයා පරීක්ෂණ නිමකොට නැවත බ්‍රිතාන්‍යයට පැමිණි පසුව අධික වෙහෙස හේතුවෙන් හටගත් හෘදයාබාදයකින් මිය ගියේය. මේ හා සම්බන්ද වූ තවත් කිහිපදෙනෙකුම මිය යන්නේ වෛද්‍යවරුන්ටද සොයා ගැනීමට නොහැකි වූ හේතු මතයි. නමුත් පුදුමය නම් මෙම පරීක්ෂණයේ මූලිකයා වූ හොවාර්ඩ් කාටර් එතෙක් කිසිදු කරදරයකින් තොරව ජීවත් වීමයි. ඔහු මියයන්නේ 1939 වසරේ මාර්තු මස දෙවන දිනයි. එය අස්වාභාවික මරණයක් නොවීය. ඔහු ස්වභාවික මරණයකට උරුමකම් කීවේය.
වසර විසි ගණනක් ගතවිය. ටූටන් කාමන් සොහොනින් සොයාගත් පෞරාණික දෑ කෞතුක වස්තූන් ලෙස ප්‍රංශයට යැවීමට ඊජිප්තු රජය තීරණය කරන ලදී. මේ තීරණය අරබයා රට තුළ විරෝදතා ආරම්භ විය. එවක ඊජිප්තු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයාද එම තීරණයට එකහෙළා විරුද්ධ විය. නමුත් ඔහුගේ විරෝධතාවය ප්‍රභල නොවීය. අවසානයේ ඔහු පැවසුවේ ටූටන් කාමන් සතු දෑ මෙම ශුද්ධ භූමියෙන් පිට කිරීම ශාපයට අත වැනීමක් බවයි. එම ප්‍රකාශය කොට රැස්වීම් භූමියෙන් පිටත්ව ගිය ඔහු රිය අනතුරකට ලක් වී මරණය වැළඳ ගත්තේය. මිනිසුන් එය සැලකුවේ නැවත ශාපයේ පැමිණීමක් ලෙසයි. නමුත් හොවර්ඩ් හට එම ශාපය බල නොපෑවේ මන්ද ? ඔහු මිත්‍යාව තඹයකට මායිම් නොකළ නිසාද ? එසේනම් මේ පරීක්ෂණය හා සම්බන්ද වූවන් බොහෝමයකට අස්වාභාවික සහ සාක්ෂි නැති මරණ හිමි වූයේ ඇයි ? මෙය අදටත් අභිරහසක් වන්නේ ඒ නිසා විය හැක. කෙසේ හෝ ටූටන් කාමන් පිළිබඳව පුරා විද්‍යාත්මක පරීක්ෂණ එතැනින් නිම වූයේ නැත. පසුගිය වසර කිහිපයේද එම පරීක්ෂණ වරින් වර සිදු විය. එසේනම් ටූටන් කාමන් ශාපය අවසන් වීද ? නැතිනම් මේ තාවකාලික විරාමයක් පමණද ? එය අනාගතය තීරණය කරනු ඇත.
ශාපයේ පළමු බිල්ල ලෙස සැළකෙන කානවන් සාමි
පරීක්ෂණයේ මූලිකත්වය ගත් හොවාර්ඩ් කාටර්
හොවාර්ඩ් විසින් පරීක්ෂණ සිදු කරන අතරතුර
No comments:
Post a Comment