"දවස් ගානක් වැහලා ඔය අද තමයි ඩිංගක් පෑයුවේ.... ඔය වැස්සා මදැයි දැන්......"
මමත් ඊට ගැලපෙන සේ ඔහු හා සංවාදයේ යෙදුනෙමි. එම අවස්ථාවේම වයස 68ක පමණයැයි සිතිය හැකි වයසේ වියපත් කාන්තාවක්ද බස් නැවතුමට පැමිණියාය. ඇයද අප සමග සිනාසුන අතර අපද පෙරලා ඇය සමග සිනාසී බස් රථය පැමිණෙන්නේදැයි විමසිලිව බලන්නට උනා. ඒ අවස්ථාවේම යතුරු පැදියක් අධික වේගයෙන් අපව පසු කරමින් ඇදී ගිය අතර එහි තිදෙනෙකු ගමන් කළ බව පෙනෙන්නට විය. තරුණයෙකු සහ තරුණියන් දෙදෙනෙක් එහි ගමන් කළ බව පෙනෙන්නට තිබුණි. යතුරු පැදිය අපව පසු වී ගොස් මද වේලාවකට පසුව වියපත් පුද්ගලයා සිනාමුසු මුහුණින් මා දෙස බලා කතා කරන්නට උනා.
"ඉස්සරහ පොලිසියෙන් හිටියොත් හරි අර ළමයින්ට. අද කාලේ කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි.........."
ඔහු එසේ කියා සිනාසුන අතර මාත් ඔහු සමග සිනාසුනේ එය මාද ඇතුළු සමස්ථ තරුණ පිරිස අරබයා කළ චෝදනාවක් ලෙස හැඟුනත් එය එසේ නොවේ යැයි තර්ක කිරීම තේරුමක් නැතැයි සිතුන බැවිනි. එම අවස්ථාවේම පෙරකී වියපත් කාන්තාවද එයට ඇයගේ අදහස් එකතු කළාය.
"අද කාලේ කොල්ලෝ කවුද? කෙල්ලෝ කවුද කියලා අඳුනගන්නත් බැහැ. නවීන ලෝකෙලු... විච්චූරණ පිරිච්ච ලෝකයක්... අපේ කාලෙනම් ඔය කිසි එකක් නැහැ....."
වියපත් මිනිසා නැවතත් තම හඬ අවදි කළා.
"පහුගිය දවසක මම ගියා කඩේට. ඒ වෙලාවේ ගෑනු ළමයෙක් ඇවිත් සීනි ග්‍රෑම් 200ක් අරගත්තා. ඊට පස්සේ රුපියල් දෙසිය ගානක මූණේ ගාන ක්‍රීම් එකක් ගත්තා. අනේ මට හිතාගන්න බැහැ සීනි ඩිංගට වඩා මූණේ ගාන ක්‍රීම් එකට වියදම් කරන්නේ මොකටද කියලා. සමහරවිට ඒ දරුවට දියවැඩියාවද කියලා කවුද දන්නේ? අද කාලේ පොඩි දරුවාගේ ඉඳන් ලෝකේ නැති ලෙඩ නෙව...."
ඔහුගේ සීනි කතාවටනම් මට ඇත්තටම සිනහ ගියේය. මේ මිනිසාගේ කතාවේ කිසියම් තර්කයක් ඇතැයි මට සිතෙන්නට විය. අපේ පරම්පරාවත් ඔවුන්ගේ පරම්පරාවත් අතර ඇති වෙනස කුමක්දැයි මම සිතන්නට වීමි. එම අවස්ථාවේ බස් රථය පැමිණි අතර අප බස් රථයට ගොඩ වීමු. ඔවුන් වෙන් වෙන් අසුන් වල හිඳගත් අතර මම වෙනම අසුනක හිඳ ගතිමි. බස් රථයේ බොහෝ වියපත් පුද්ගලයින් සිටින බව මම දුටිමි. ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩි බව මට එවෙලේ නැවත සිහි විය. ඔවුන් අතරත් අප අතරත් විශාල පරතරයක් ඇත. පරම්පරා දෙකක් අතර වන එකී පරතරය වර්තමානයේ පමණක් පවතින දෙයක් නොව සෑම කලකම පැවති දෙයකි. තම තරුණ කාලය ගෙවී ගිය ආකාරය පිළිබඳව වන යහපත් සිතිවිල්ලකුත් නව පරම්පරාවේ තරුණ ජීවිත ගෙවෙන ආකාරය පිළිබඳව වන විවේචනයකුත් බහුතරයක් වූ වැඩිහිටි පිරිසකට ඇත. එය ලෝකයේ කවර රටක වුවත් වන පොදු ස්වභාවය විය හැක. නමුත් කාලයට සාපේක්ෂ වූ එකී පරතරය දෙස මැදහත් මනසින් බලන වැඩිහිටියන්ද බොහෝ ඇත.

මේ සියල්ල සිතන අතරතුර බස් රථය ඉදිරියටම ඇදුනා. මට පසෙකින් වූ අසුනක් මත පෙරකී වියපත් කාන්තාව හිඳගෙන සිටියා. ඇයගේ දෑස් රැඳී තිබුණේ බස් රථයේ දමා තිබූ රූපවාහිනී තිරය මතයි. නැටුම් ගැයුම් පිරි නව පරපුරේ ගීතයන්හි රූපරාමු එහි ධාවනය වෙමින් තිබුණි. ඇයට දැනුන හැඟීමේ දිග පළල මා හට අවබෝද කරගැනීමට නොහැක. යම් දිනෙක මාද මහළු වූ කලෙක එම සමාජ තත්වය තුළ එම පරම්පරා පරතරය කෙසේ දැනෙනු ඇතිද ? මම තවදුරටත් සිතන්නට වීමි.
_අයේෂ් ලියනගේ_
No comments:
Post a Comment