කතාව ගැන කිසිම ආකාරයක සාරාංශයක් මම මෙහි සඳහන් කරන්නේ නැහැ. ඒක ලේඛකයාටත් පාඨකයාටත් කරන වරදක් විදිහටයි මම හිතන්නේ. ඔබ බොහෝ දෙනා මෙය කියවනු ඇතැයි සිතන නිසා කියැවීමට අවශ්‍ය ප්‍රේරණයක් ලබා දීම පිණිස පමණයි මේ විදිහේ කෙටි සටහනක් උනත් තියන්නේ. ඔබ ප්‍රථමයෙන් "සෙන්කොට්ටන්" කෘතිය කියවා එම කතා වස්තුවට, එම චරිත වලට ආදරය කළේනම් ඔබ දෙවනුව "මාණික්කාවත" කියැවිය යුතුමයි. මෙම කෘති දෙකේ එන චරිත අතර කිසිදු රේඛිය සබඳතාවක් නොතිබුණද එකම භූමි භාගයක් තුළ විසූ එම මිනිසුන් ලේඛකයා විසින් එක් ලක්ෂයකදී මුණගස්වන අයුරු අපූර්ව වේ. එහි ප්‍රහර්ෂය දැනෙන්නේ කෘතියේ එම ස්ථානයට පැමිණි පසුවයි. අප අපගේ උපන් ගම් බිම් හැර විවිද අරමුණු සාක්ෂාත් කරගැනීමේ උවමනාවෙන් නගර වලට ඇදුන අලුත් පරම්පරාවකි. අරමුණු පසුපස පමණක් දිවයන විට අක් මුල් ගැන සිතීමට අපට ඇති කාලයද සීමිතය. නමුත් මේ කෘතිය එක දිගට කියවාගෙන ගොස් මදකට නවත්වන හැම තැනකදීම මම දැන් ඉන්න තැන ඉඳන් පරම්පරා ගණනක් අතීතයට ගිහින් හිතන්න උත්සාහ කළා. මෙය කියවන ඕනෑම පාඨකයෙක්ට ඒ හැඟීම නිසැකවම දැනෙන බව මම දන්නවා.
කතාවේ එන ප්‍රධාන චරිතය වන "කෙටිහාමි" නම් ඒ නිර්ව්‍යාජ ගැමියා තුළින් නැවත ප්‍රති නිර්මාණය කළ නොහැකි අපේ සමාජයෙන් නැති වෙලා ගිය සාරධර්ම සහ වටිනාකම් බොහෝමයක් මා දුටුවා. එපමණක් නොවේ ඇඳි වත පමණක් ඇතිව හිස් දෑතින් මේ ශිෂ්ටාචාරය, සංස්කෘතිය ආරම්භ කළ මිනිසුන් දහසකගේ ජීවිත වලට "කෙටිහාමි" නම් ගැමියා නිදසුනක්. දියුණු සමාජ පරිණාමනයට පෙරමගින් ශිෂ්ටාචාරයේ මුල අනාගතය උදෙසා වූ බීජ වැපිරූ මිනිසුන්ගේ දෑසින් උපන් කඳුළුද, ගතින් හෙලූ දහදියටද මේ කතා වස්තුව සාධාරණයක් ඉෂ්ට කරනවා. මේ පොළෝ තලයටද ඒ මිනිසුන්ගේ ශේෂයන් එකතු වූ අයුරුද, මේ වා තලයටද ඒ මිනිසුන්ගේ අවසන් සුසුම් පොදද මුසු වූ අයුරුද දෑසට කඳුලක් නැගෙන තරමේ සංවේදී බවකින් ලේඛකයා රචනා කළ අයුරු සාධනීය වේ. ලෝක සාහිත්‍ය තුළ "පර්ල්.එස්. බක්" ලේඛිකාව තුළ දුටු ඒ විශිෂ්ටත්වය කලක් ලාංකේය සාහිත්‍ය තුළ මම "ජයසේන ජයකොඩි" ලේඛකයා තුළ දුටිමි. නැවත "මස්ඉඹුල" නම් නව පරපුරේ ලේඛකයා තුළ මම ඒ විශිෂ්ටත්වය දකිමි.
කෙටිහාමි සේම ඔහුගේ ආදරණිය බිරිඳ වූ පිච්චි වැනි ධෛර්යවන්ත ගැහැණුන් මිනිසුන් ඉතිහාසය පුරා බලවතුන්ගේ පයට පෑගෙමින්, තාඩන පීඩන උහුලමින් එම අවනඩු කියන්නට නොහැකි තැන තම වේදනාවන් වා තලයේ ගසාගෙන ගිය සුළඟට මිමිණු අයුරු හෘදසංවේගයන් මම විඳගතිමි. ඒ මිමිණුම් දැනුදු දෙසවනේ රැව් දෙන්නා සේය. සතුටට කාරණය නම් කතාව අවසානයේදී වැළලී ගිය පරම්පරාවක ශේෂ වූ එක් පුරුෂාර්ථ සහිත මිනිසෙක් සහ ගැහැනියක් නැවතත් තම මුතුන් මිත්තන් පැමිණි මග දිගේ, ඔවුන්ගේ පා සටහන් ඔස්සේ ගමන් කිරීමයි. සතුට විසින් නිරුත්සාහිකවම අවසානයේ මා දෑස් තෙත් කළ බවද පැවසිය යුතුමය.
_අයේෂ් ලියනගේ_

Ela wadak bro. Oyata puluwan nam East Coast and West Coast athara athi una rap harambaya gana article ekak karanna. E wage dewal kiyawanna godak aya aasai. mama dakka oyage eka post ekak Tupac gana article ekak karanna kiyala keepa denekma ahala thibuna. Mamath asai Tupac ge songs walata. E mokada Tupac kawadawth kaagenwath copy karala songs produce kare na.
ReplyDeleteawankawama ,, godak pin hoda deyak ka ekkath beda ganna ekata.. aniwarenm may potha kiyawanwamai,, mokada senkotan potha kiyawapu para ananthai,,, thak u,, so mach...
ReplyDeleteබොහෝම ස්තූතියි... තොරතුරු හොයලා ඔබ කියපු විදිහේ විශේෂාංගයක් ලියන්නම් ඉස්සරහට අනිවාර්යෙන්......
Deleteඋඹේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාත් විශිෂ්ඨයි සහෝදරයා !
ReplyDelete