Wednesday, February 24, 2016

Oscar ඉතිහාසයෙන්........

ලොව පුරා සිනමා රසිකයන් අතර ඔස්කාර් සම්මාන උළෙල පිළිබඳව සහ එහි නිර්දේශිත නාමයන් පිළිබඳව මෙන්ම සම්මානලාභීන් කවුරුන් වනු ඇත්ද යන වග පිළිබඳව කථිකාවන් ඇති වන කාලයයි මේ. එම නිසා ඔස්කාර් සම්මාන ඉතිහාසය පිළිබඳව කෙටි සටහනක් මෙසේ පලකල කිරීමට සිතුවෙමි.


ඔස්කාර් සම්මානය ආරම්භ වන්නේ 1926 වසරේ ස්ථාපිත කළ සිනමාවේදීන්ගේ වෘතීය සමිති වල දිරි ගැන්වීමක් මතයි. MGM සිනමා සමාගමේ එවක අධිපතිව සිටි ලුවිස් බී මේයර්ගේ සමයේ සිනමාකර්මන්තය තුළ වෘතීය සමිති වල නව නැග්මක් නිර්මාණය විය. එවක හොලිවුඩ් නළුවෙක් වූ කොන්ඩ්රාඩ් නේජල්, අධ්‍යක්ෂවරයෙක් වූ ෆ්‍රෙඩි නිව්ලෝන්, ෆ්‍රෙඩි සිට්සන් යන වෘතීය සමිති සාමාජිකයන් සිනමා කර්මාන්තයේ අභිවෘදිය වෙනුවෙන් යම් සංවිධානයක් පිහිටුවිය යුතු බවට ලුවී මේයර් සමග යම් එකඟතාවකට පැමිණ ඇත.

එම මූලික සාකච්ජාවන්ගෙන් පසුව පැවැත්වූ අනෙක් හමුව සුවිශේෂී වූ අතර එයට සැලකියයුතු මට්ටමක වෘතීමය පිරිසක්ද සහභාගී විය. එම හමුව Academy of Motion Picture Arts and Sciences (AMPAS) ලෙස හඳුන්වන්නට යෙදුනි. ලුවිස් බී මේයර් එහි ආරාධිත දේශනය සිදු කරන ලදී. එහිදී සිදු වූ සුවිශේෂී දෙය නම් සිනමා කලාවට සේවයක් කළ ශිල්පින් ඇගයීමට ලක් කිරීමයි. එමෙන්ම ඔවුනට එම සංගමයේ සාමාජිකත්වයද හිමි විය. ඔවුන්ගේ දැනුම නව කර්මාන්තය ගොඩ නැගීමට යොදා ගැනීම එහි අරමුණ විය. එම සංවිධානයේ පළමු සභාපතිවරයා ලෙස හොලිවුඩ් නළු Douglas Fairbanks තේරී පත් විය.


මීළඟ හමුවේදී සංවිධානයේ සාමාජිකත්වය පෙර තිබුනාටත් වඩා දෙගුණ තෙගුණ විය. ආරාධිතයන් 230කට ඇකඩමියාවේ සාමාජිකත්වය හිමි වූ අතර සාමාජිකත්වය වෙනුවෙන් මුදලක්ද අය කරන ලදී. 1927 වසරේ පැවති හමුවේදී ඇකඩමියාවේ සභාපති Douglas Fairbanks විසින් යෝජනාවකින් ඉදිරිපත් කළේ සිනමාපට නිෂ්පාදනය වෙනුවෙන් කුසලතා සම්මාන ලබාදිය යුතු බවයි. අනතුරුව විශිෂ්ටයන් තෝරාපත් කරගැනීම සඳහා කමිටුවක් පත් කරන ලද නමුත් නිශ්චිත තේරීම් පටිපාටියක් ඔවුනට තිබුනේ නැත. නිවැරදි ලෙස එය සකස් කරගන්නා විට 1928 වසර උදා වී තිබුණි.


සිනමා නිෂ්පාදනයේ ඒ ඒ අංශ සඳහා එක් එක් ජන්දය බැගින් ලබා දී විනිශ්ච මණ්ඩලයක් හරහා තවත් ස්වාධින විනිශ්ච මණ්ඩලයක් වෙත එම තෝරපත්කරගැනීම් යොමු විය. සියලු අංශ නියෝජනය වන ලෙස විනිශ්චකාරවරු පස් දෙනෙකු පත් කොට ඔවුන් හරහා සම්මානලාභීන් තෝරාපත් කරගැනීමට කටයුතු සිදු විය. ඒ අනුව ලොව මුල්ම "ඇකඩමි සම්මාන උළෙල" 1929 වසරේ මැයි මස 16 වනදින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් විය. Hollywood Roosevelt Hotel හීදී එය පැවැත්වීමට කටයුතු යෙදුනි. එයට 270 ක පමණ පිරිසක් සහභාගී වූ අතර ටිකට් පතක මිළ ලෙස සටහන්ව තිබුනේ ඩොලර් 5කි. සම්මාන ලබාදීමට මාස තුනකට පෙර සම්මානලාභීන් හෙළි කිරීම මෙම සම්මාන උළෙලේ වූ විශේෂත්වයි. වර්තමානයේ අවසන් අවස්ථාව දක්වා සම්මානලාභීන් පිළිබඳව කිසිදු ආකාරයක ඇඟවීමක් හෝ නොකිරීමට කටයුතු සිදු වේ.


1929 වසරේ සම්මානලාභීන් කිහිපයක් පහතින්


හොඳම නළුවා - Emil Jannings (The Way of All Flesh සහ The Last Command) සිනමාපට සඳහා
හොඳම නිළිය - Janet Gaynor (Seventh Heaven, Street Angel and Sunrise: A Song of Two Humans) සිනමාපට වෙනුවෙන්


Best Director -
Frank Borzage (Seventh Heaven)
Lewis Milestone (Two Arabian Knights)

හොඳම සිනමාපටය - Wings
විශේෂ සම්මාන - චාර්ලි චැප්ලින්


ඇකඩමි සම්මානය නැතිනම් ඔස්කාර් සම්මානයේ උස අඟල් 13 1/2 කි. බර පවුම් 8 1/2කි. මෙම සම්මානය ශිල්පීන් කොටස් 5ක් නියෝජනය කරන බව පැවසේ. actors, directors, producers, technicians and writers එම කාණ්ඩ පහ වේ. කැමරා රීලයක් මත නැග සිටින කඩුවක් අතින් ගත් පුද්ගලයෙකු ඉන් නිරූපිත වේ. මූර්ති ශිල්පියෙකු වන George Stanley නැමැත්තා විසින් එය නිර්මාණය කළ අතර MGM සමාගමේ කලා අධ්‍යක්ෂවරයෙක් වූ Cedric Gibbons නැමැත්තා එය සැලසුම් කරන ලදී.


ඔස්කාර් සම්මානයේ මූලාරම්භකයෙක් වූ MGM සමාගමේ අධිපතිව සිටි ලුවිස් බී මේයර්ගේ ඔස්කාර් සම්මානයේ අරමුණ පිළිබඳව මෙසේ සඳහන් කරන ලදී.


"සිනමාකරුවන් හැසිරවිය හැකි හොඳම ආකාරය සම්මාන පදක්කම් ඔවුන්ගේ ගත පුරා පැළඳවීම බව මට සොයාගන්න පුළුවන් උනා. මම ඔවුන්ට සම්මාන,කුසලාන ලබාදේනම් ඔවුන් මැරීගෙන හෝ මා වෙනුවෙන් සේවය කරාවි. එවිටයි මට ඕනෑ දෙය ඔවුන්ගෙන් ලබාගත හැකි වන්නේ. අන්න ඒ නිසයි ඇකඩමි සම්මාන උළෙලක් නිර්මාණය වුයේ....."

(Oscar වෙබ් අඩවිය, පුවත්පත් සහ Wikipedia ඇසුරෙන් සැකසුවෙමි)


_අයේෂ් ලියනගේ_




                                           ලුවිස් බී මේයර්



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators