Saturday, June 1, 2019

ප්ලාස්ටික් ටොන් ගාණට අරන් සපත්තු නැව් ගාණට හදන ADIDAS

සමහර වෙලාවට අපිට කුණු ගොඩවල් උඩින් ඇවිදින්න සිද්ද වුණත් කුණු එක්ක ඇවිදින්න කවුරුත් කැමැති නෑ. ඒත් ලෝකයේ ජනප්‍රිය සන්නාමයක් දැන් මිනිස්සුන්ව කුණුවල බස්සලාම ඇවිද්දවනවා කිවුවොත් යමෙක්ට පුදුම හිතෙන්නත් පුළුවන්. ඔව්. සන්නාමය තමයි " ADIDAS". අඩිඩාස් සන්නාමය බොහෝ ජනප්‍රිය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අතර. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නොයෙදුනත් බොහෝ දෙනෙක් Adidas සපත්තු පළඳින්න කැමැතියි. Adidas සමාගම පසුගිය කාලයේ විශිෂ්ට සොයා ගැනීමක් කළා. ඔවුන් මුහුදට එකතුවුණු ප්ලාස්ටික් ඇතුළු අපද්‍රවය සම්පූර්ණ වශයෙන් යොදාගෙන සපත්තු නිපදවන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මුහුදු පතුලේ ඇති මසුන් අල්ලන්නට යොදන තහනම් දැල් ආම්පන්න ආදිය පවා මේ සපත්තු නිෂ්පාදනයට ඔවුන් උපයෝගී කරගන්නවා. 



Adidas සමාගම මේ කර්තව්‍ය වෙනුවෙන් එකතු වුණේ The sea shepherd conservation society සහ Parely for the ocean කියන සංවිධාන එක්ක. ඔවුන් දින 110ක නිරීක්ෂණ මෙහෙයුමකින් පස්සේ සාගර අපද්‍රවය තොගයක් සොයාගත්තා. Adidas සමාගමට හැකි වුණා ඒ මහා අපද්‍රව්‍ය කන්ද වෙනස්ම නිෂ්පාදනයක් බවට පත් කරන්න. 


2017 වසරේදී Adidas සමාගම එලෙස නිර්මාණය කළ සපත්තු යුගල මිලියනයක් අලෙවි කරන්න හැකි වුණා. මේ ජාතියේ සපත්තු යුගලයක් නිර්මාණය කරන්න Adidas සමාගමට ප්ලාස්ටික් බෝතල් 11ක් වුවමනා වෙනවා. සපත්තු මිලියනයක් අලෙවි කළා නම් ඔවුන් යොදාගත්තා සාගර අපද්‍රව්‍ය ප්‍රමාණයේ තරමත් ඔබට දැන් හිතාගන්න පුළුවන්. Adidas සමාගම කියන විදිහට නම් 2019 වසර අවසන් වෙද්දී ඔවුන් මේ ජාතියේ සපත්තු මිලියන 11ක් අලෙවි කරන්නට සැලසුම් කරනවා. මේ සාගර අපද්‍රව්‍යවලින් කොටසක් විතරයි. ලෝකයේ අනෙකුත් නිෂ්පාදන සමාගම් වුණත් තමන්ගේ සම්ප්‍රදායික රාමුවලින් පිට පැනලා හිතුවොත් පරිසරය බේරගන්න කුමක් හෝ දායකත්වයක් දෙන්න හැකි වේවි. විශේෂයෙන්ම සාගර දූෂණය වැඩියෙන්ම සිද්ද කරන අපි වගේ රටක සමාගම් පවා මේ විදිහේ නිෂ්පාදන ආදර්ශයකට ගත්තොත් අනාගත විනාසයක් කල් තියාම නවත්තගන්න පුළුවන් වේවි. 


___අයේෂ් ලියනගේ___





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators