Monday, November 10, 2014

ලොව සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටිනා රටවල් 10

2014 වසරේ "World Happiness Report" නම් වාර්තාවට අනුව ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින රටවල් දහයක් නම් කොට තිබේ. එහිදී එම සමීක්ෂණ කණ්ඩායම් එම රටවල ජනතාවගේ අදායම් මට්ටම්, විරැකියාව,මානසික සහ ශාරීරික සෞඛ්‍යය, පවුල් සංස්ථාවන්ගේ ස්ථාවරභාවය සහ විනෝදාස්වාදය සඳහා එම ජනතාවට ඇති ඉඩ කඩ යන කාරණා පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කොට ඇත. මෙම සමීක්ෂණයේදී ලොව පුරා රටවල් ගණනාවක ජීවන දත්ත සලකා බැලූ අතර ආසියාවේ, අප්‍රිකාවේ හෝ දකුණු ඇමරිකාවේ එකදු රටක් හෝ මෙම රටවල් දහයට ඇතුලත් වූයේ නැත. මෙම රටවල් බහුතරය යුරෝපා රටවල් වීම විශේෂ කාරණාවකි.


ඩෙන්මාර්කය

ස්කෑන්ඩිනේවියානු කලාපයේ වූ කුඩා රටක් වන ඩෙන්මාර්කය ලොව සතුටින්ම සිටින මිනිසුන් ජීවත් වන රටවල් ලැයිස්තුවේ ඉහලින්ම ඇති රට වේ. මෙහි ජනගහනය මිලියන 5.5ක් වේ. ඩෙන්මාර්කයේ අග නගරය වන "කෝපන්හේගන්" නුවර ලොව ඇති අතිශය අලංකාරවත් නගරයක් ලෙස හැඳින්වේ. "Monocle" නම් ජාත්‍යන්තර සබඳතා පිලිබඳ සඟරාව "කෝපන්හේගන්" නුවර හඳුන්වන්නේ “world’s most liveable city” ලෙසයි.

නෝර්වේ

ස්වභාව සෞන්දර්ය අතින් ලොව පිහිටා ඇති ප්‍රමුඛපෙලේ රටකි. අපරාධ ආදිය ඉතා අවම සාමකාමී මිනිසුන් වෙසෙන රටක් ලෙස නෝර්වේ රාජ්‍යය හැඳින්විය හැකිය. මෙම සමීක්ෂණයට අනුව එම රටේ මිනිසුන් 96% කට වඩා සිය ජීවන මට්ටම පිළිබඳව තෘප්තිමත් බව දක්වා තිබුණි.

ස්විට්සර්ලන්තය

රටවල් ශ්‍රේණිගතකිරීමේ තුන් වන ස්ථානය හිමි කරගන්නේ ස්විට්සර්ලන්තයයි. ලෝකයේ ඒකපුද්ගල ආදායම ඉහල මට්ටමක පවතින යුරෝපයේ කඳුකර ප්‍රදේශයන්ගෙන් වටවූ සුන්දර රටකි.


නෙදර්ලන්තය

යුරෝපයේ පිහිටා තිබෙන දේශපාලනික වශයෙන් ස්ථාවර රාජ්‍යයකි. ඉහළ ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක් ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇත. යුරෝපයේ බීර සඳහාද ප්‍රචලිත රටකි.


ස්වීඩනය
                          

බටහිර යුරෝපයේ තෙවන විශාලතම රාජ්‍ය වන්නේ ස්වීඩනයයි. ගෘහ නිර්මාණ ශිල්පයේ දක්ෂයින් වෙසෙන රටක් ලෙසද සැලකේ.


කැනඩාව

ඉහල ආදායම් ලබන මිනිසුන් වෙසෙන රටක් ලෙස උතුරු ඇමරිකානු කලාපයෙන් මෙම ශ්‍රේණිගතකිරීමට පැමිණි එකම රට කැනඩාවයි. සංක්‍රමණිකයන්ගේ ගැටළු නොමැතිනම් ශ්‍රේණිගත කිරීම්හි තවත් ඉහලට පැමිණීමට හැකියාව තිබී ඇත.

ෆින්ලන්ඩ්

යුරෝපයේ අටවෙනි විශාලතම රාජ්‍යයයි. Global Peace Index හි දක්වන ආකාරයට ලොව සාමකාමීම රටවල් අතර ඉහළින්ම ඇති රාජ්‍යයකි.


ඔස්ට්‍රියාව

සාහිත්‍ය,නාට්‍ය කලාව සහ සංගීතය වැනි ක්ෂේත්‍ර වලින් ඉදිරියෙන්ම සිටිනා යුරෝපා රටකි. ස්වභාව සෞන්දර්යෙන්ද අග තැන්පත් මෙම රාජ්‍ය කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රයන්හිද ඉදිරියෙන්ම සිටිනා රටකි.


අයිස්ලන්තය

Global Peace Index වලට අනුව ලොව ඇති සාමකාමීම රාජ්‍යයයි. යුරෝපයේ පිහිටා ඇති සුබසාධන රාජ්‍යයකි. නිදහස් සෞඛ්‍යය සහ ද්විතීය අධ්‍යාපනය නොමිලේ ලබා දෙන අයිස්ලන්තයේ අදායම් බදු ඉතාම අඩු මට්ටමක පවතී.


ඕස්ට්‍රේලියාව

විශාල භූමි ප්‍රමාණයකට හිමිකම් කියන ඕස්ට්‍රේලියාව යහපත් දේශගුණය සහ දේශපාලන ස්ථාවරභාවය යන කරුණු අතින් ඉහලින් සිටින රාජ්‍යයකි. ආසියානු සංක්‍රමණිකයන් හේතුවෙන් මෑත කාලීනව අර්බුද වලට මුහුණ දී සිටි.


2 comments:

  1. me gena thawa tikak hoyala balanna..
    mokada asiyawa niyojanaya karana ratak mul ratawal 10ta athulath wenna oni.
    a thama Bhutan.....
    mul ratawal 5ta athulath wenna oni.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි. අප මෙහි පළ කර ඇත්තේ World Happiness Report (2013 - 2014 March) හි දක්වා ඇති ආකාරයටයි. පහත links ඔස්සේ වැඩි දුරටත් තොරතුරු ලබාගත හැක.

      http://en.wikipedia.org/wiki/World_Happiness_Report

      http://www.cnn.com/2014/03/20/travel/happiest-countries-to-visit/index.html

      Delete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators