Saturday, December 27, 2014

භීතිය ගෙනා සිතුවම් දොළහක්

    අප මෙහි දක්වන සිතුවම් නිර්මාණ සියල්ල ලෝ ප්‍රකට වී ඇත්තේ කිසියම් අත්භූතමය සිදුවීමක් පාදක කොටගෙන වන අතර එම සිදුවීම් විටෙක පුදුම සහගත සිදුවීම්ය. මෙම සිතුවම් නිර්මාණය කළ නිර්මාණ ශිල්පීන් පවා වෙනස් සහ ගුප්ත චරිත ස්වභාවයන්ගෙන් යුක්ත වූ බව පැවසේ....

1. 

"The Hands Resist Him" ලෙස නම් කොට ඇති මෙම සිතුවම දෙස දෙස බැලීමෙන් ක්ලාන්තය, කරකැවිල්ල හා අපහසුතා ඇති වීමේ හැකියාව ඇත.එවන් අත්දැකීම් බොහෝ පුද්ගලයන්ට විඳීමට හැකියාව ලැබී ඇති අතර "The Hands Resist Him" චිත්‍රය මිලට ගත් එක්තරා විවාහක යුවළක් එය  මිලදීගත් දිනයේම වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ එහි සිටින පිරිමි ළමයා සහ බියකරු පෙනුමක් සහිත බෝනික්කා පැති මාරු වී සිටිනු  සහ ඔවුන්ගේ කාමරයේ ඔවුන් සජීවීව දර්ශනය වූ බවයි. වාර්තා වන අන්දමට මෙම චිත්‍රය දුටුවන් මෙන්ම අන්තර්ජාලය ඔස්සේ එය බාගත කොට මුද්‍රණය කළ බොහෝ මිනිසුන් රෝගාතුරු වූ බව පැවසේ.

2. 
 2010 වසරේ දී Sean Robinson නම් පුද්ගලයා සතුව චිත්‍රයක් තිබී ඇති අතර එය නම් කර තිබුනේ "The Anguished Man" නැතිනම් "සංවේගයට පත් මිනිසා" ලෙසය. ඔහුගේ මිත්තනිය කියන ආකාරයට මෙහි විශේෂත්වය වුයේ  මෙම චිත්‍රය ඇඳ ඇති පුද්ගලයා මෙය ඇඳීමට බාවිතා කර තිබුනේ ඔහුගේම ශරීරයෙන් ගැලූ ලේය. මෙම සිතුවමේ දැක්වෙන්නේද එම පුද්ගලයා වේදනාවෙන් කෑ ගසන ආකාරයයයි. මෙම චිත්‍රය ඇඳීමෙන් පසුව ඔහු සියදිවි නසාගෙන ඇති බවද පැවසේ. කිසිවෙක් එයට හේතුවක් නොදන්නා නමුත් පසු කලෙක Robbinson සහ ඔහුගේ මිත්තනිය යන දෙදෙනාටම මායාත්මක දර්ශන, දුම් දැමීම සහ වේදනාවට පත් මිනිසෙකුගේ අදෝන හඬ ඇසි තිබේ. මේ පිළිබඳව වැඩි විස්තර youtube හි දක්වා ඇත.



3.
ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියකු වන Bruno Amadio එසේත් නැතිනම් Giovanni Bragolin නමැති චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද "The Crying Boy" නම් මෙම සිතුවම ලොව ප්‍රකට වූයේ මෙම සිතුවම සතු වූ කිසියම් නොපෙනෙනා බලවේගයක් හේතුවෙන් බව පැවසේ. මෙම චිත්‍රය තිබූ නිවාස බොහෝමයක් ගින්නෙන් විනාශ වී තිබුණි. නමුත් එම නිවාස ගින්නෙන් දැවී ගියද එම චිත්‍රය පමණක් විනාශ නොවී නිරුපද්‍රිත ලෙස තිබී ඇත. මෙම හේතුව නිසාවෙන් කිසිවෙක් මෙම සිතුවම නිවසක තබා ගැනීමට කැමැත්තක් නොදැක්වූ අතර සිතුවම කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කරන ලදී. අපගේ පෙර ලිපියක මේ පිළිබඳව සවිස්තර සටහනක් දක්වා ඇත.

4. 
මෙම කලා කෘතිය නමින් "Bernardo de Galvez" නම් වන අතර මෙය ප්‍රදර්ශනයට තබා ඇත්තේ "Galvez" නම්  හෝටලයේය. වාර්තා වන අන්දමට මෙය පසුකරගෙන යන අය දෙස මෙම සිතුවමේ දෑස් සැලකිල්ලෙන් බලා සිටියි. යම් හෙයකින් de Galvez ගේ අවසරයකින් තොරව මෙය ජායාරුප ගතකළහොත් එය කිසිවිටෙකත් පැහැදිලි රූපයක් නොවන බව ද වාර්තාවේ. මෙහි දෑස් දෙස නිරීක්ෂණශීලි ලෙස බැලුවහොත් එම දෑසේ බැල්ම හොඳින් හඳුනාගත හැකිය.

5.
"Delphine LaLaurie" නම්  කාන්තාවගේ  මෙම චිත්‍රය සොයාගැනීමෙන් පසු අදහාගත නොහැකි සිදුවීම් ගණනාවක් සිදු වී ඇත. එම සිතුවම තිබූ නිවසේ බඩු භාණ්ඩ නැතිවීම, ඇතැම් රෙදිපිළි ගිනි උදුනේ තිබී හමු වීම සහ අද්භූත අළු පැහැති කාන්තාවක් නිවසේ වැඩකරන පුද්ගලයන්ට දිස්වීම ඒ අතර ප්‍රධාන වේ. මිනිසුන් පවසන්නේ මෙම කාන්තාව තමාගේ පැරණි නිවස අලුත් වැඩියා කරන පුද්ගලයන්ට එතරම් කැමැත්තක් දක්වන්නේ නැති බවයි.

6.

මෙම චිත්‍රය කිසියම් අරුතක් සහිතව නිර්මාණය කර ඇත. මෙය නිර්මාණය කර ඇත්තේ "Caregan" නමැති අන්තර්ජාල පරිශීලකයෙකි. ඔහු පවසන ආකාරයට මෙය අවසාන කිරීමේදී යම් යම් අපහසුතාවයන් ඇතිවූ බවකි. බොහෝ දෙනා පවසන්නේ මෙම චිත්‍රය දෙස බැලීමෙන් සිත චංචල වන බවකි.

7.
 මෙම චිත්‍රය ඇඳ ඇත්තේ දක්ෂ කොරියානු චිත්‍ර ශිල්පිනියක වන අතර ඇය මෙම චිත්‍රය අවසන්කිරීමෙන් ටික මොහොතකට පසු සියදිවි හානිකරගෙන ඇත. ඔබ මේ දෙස බොහෝ වේලා බලා සිටියහොත් මෙම චිත්‍රය වෙනස්වන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. සමහරෙක් අදහස් දක්වන්නේ මේ කාන්ත රූපය වික්‍ෂිප්ත මනෝවිකාරී තත්වයක් යටතේ අඳින ලද සිතුවමක් බවයි. තවත් පුද්ගලයන් අදහස් කරන්නේ මෙම චිත්‍රයේ දිස්වන කාන්තාව මහලු කාන්තාවක් ලෙස පෙනෙන බවකි.

8.
මෙම චිත්‍රය ප්‍රදර්ශනය කර ඇත්තේ "Austin's Driskill" නම් වූ හෝටලයක වන අතර බොහෝ අමුත්තන් පවසන ආකාරයට මෙය දෙස බොහෝවේලා බලා සිටීමෙන් රෝගීබව ,කරකැවිල්ල වැනි ශාරීරික අපහසුතා දැනෙන බවකි. මෙම හේතුව නිසාවෙන්ම මෙම හෝටලයේ අයිතිකරුවන් ලොබියේ තිබූ මෙම චිත්‍රය එහි 5 වෙනි මහලට ගෙනගොස් ඇත.

9.
 මෙය බොහෝ දෙනා හඳුන්වන්නේ ලොව එතෙක් මෙතෙක් බිහිවූ බියජනකම චිත්‍රය (The most frightening painting of all time) ලෙසයි. "Goya" නම් ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පියාගේ "Saturn Eating His Son" නම් වන මෙය අති දරුණු ගණයේ ප්‍රකාශනයක් ලෙස යුරෝපා ජාතිකයින් හඳුන්වයි. මෙමගින් තවත් දේශපාලන පැතිකඩයක්ද පෙන්වන බවද පැවසේ. එනම් පැසිස්ට්වාදයේ භාවිතාව මෙහිදී විවේචනයට ලක් වන බව විචාරකයන් පවසයි.

10. 

මෙහි නිරුපණය වන්නේ මන්ත්‍රකාරියක් බව පැවසෙන අතර එම සිතුවම දකිනා මිනිසුන්ගේ සිත් වශී කරගැනීමට සමත් බවද පැවසෙනවා. ඇයගේ දෙනෙතෙන් ගලා හැලෙන කඳුළු බිඳු වල ස්වභාවික ගතියක් දක්නට ලැබේ.

11.

 මෙය නිර්මාණය කර තිබෙන්නේ ජනප්‍රිය කලාකාරිනියක වන "Yuko Tatushima" නම්  තැනැත්තිය වන අතර ඇය බෝනිකන් නිර්මාණය කරන්නියක් හා ඉදිරිපත් කරන්නියකි(doll artist and performer). මෙම සිතුවම තුළ සියදිවි නසා ගන්නා ඇතැමුන්ට ප්‍රේරණයක් සපයන ආකාරයේ ප්‍රකාශනයක් ඇති බව විචාරකයන් පවසයි.

12.
"Diego Velasquez"  නම් පුද්ගලයා විසින් මෙම අද්භූත චිත්‍රය නිර්මාණය කර එය "Venus With Mirror" ලෙස එය නම් කර ඇත. මෙම චිත්‍රය සතු වූ හිමිකරුවන් සියලු දෙනා අබිරහස් ලෙස රෝගාතුරු වීම හෝ මරණයට පත්ව ඇති බවද වාර්තා වේ. මෙය කිසිම කෞතුකාගරයක හෝ තබාගැනීමට නොහැකි වී ඇත. තවද මෙම චිත්‍රය විනාශ කිරීමට ඇතැම් නරඹන්නන් උත්සාහ කොට ඇත.



1 comment:

  1. වැඩිදුර සොබලන්න වටින කතන්දරයක්

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators