"රාත්‍රී එකොළහ වන විට මම නිදා ගැනීමට ගියෙමි. පසු ගිය දින කිහිපයේම ඇසුණු පරිදිම එදින අඩි ශබ්දයක් ඇසුණු බැවින් මම අවදි වුනෙමි. පාන්දර තුන පමණ වී තිබූ එම අවස්ථාවේ බිරිඳ මාගේ ලියන මේසය මත තිබූ ලිපි ලේඛන සොයන බව පසක් කර ගතිමි. ඇතැම් විට ඇය සොයන්නේ මාගේ අන්තිම කැමති පත්‍රය වන්නට පුළුවන. ඒත් සමග ඇති වූ පිළිකුල මිශ්‍ර කලකිරීම සමග ශෝකය මාව තෙරපන්නට විය. මා හට හුස්ම ගැනීමත් අපහසුවක් වූ බැවින් තවදුරටත් ඇඳ මතට වී සිටීමට මට නොහැකි විය. ඇඳ මත හිඳගත් මා එම අවස්ථාවේ නිවසින් පිටවී යන බවට තීරණය කළෙමි. බිරිඳට ලියුමක් ලියා තබා ගමනට අවශ්‍ය කළමණා පමණක් සුදානම් කොට ගතිමි. මාගේ පුද්ගලික වෛද්‍යවරයා වන දුයිෂෙන් මාකොවිට්ස්කි සහ දියණිය සාෂා අවදි කළෙමි. කෙසේ හෝ බිරිඳ මග හැර යා යුතුය" රූබල් තිහක් පමණක් අත තබාගෙන සීතල හිමිදිරියක තෝල්ස්තෝයි නිවස හැර ගියේය.
වරක් තෝල්ස්තෝයි කෞතුකාගාරය බැලීමට ගිය හෙළයේ මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් "සෝවියට් දේශයේ නැගීම" කෘතියේ මෙසේ සටහන් කරනවා.
" තෝල්ස්තෝයිගේ පුස්තකාලයේ පොත් විසි දෙදහසකට අඩු නොවන ගණනක් වූහයි මට අසන්නට ලැබිණ. දැනට එතරම් ගණනක් පොත් පුස්තකාලයේ නැත. බුදු සමය පිළිබඳව පොත් කොපමණ තිබුණාදැයි මම ඇසුවෙමි. දහතුනක් තිබුණා යැයි කළමණාකාරවරයා කීවේය. තෝල්ස්තෝයිගේ What is Religion, First steps යන දීර්ඝ නිබන්දන දෙක ඔහු බුදු සමයෙහි හරය වටහාගත්තෙකු බව හෙළි කරයි. බුදු සමය පිළිබඳව ඉංග්‍රීසි පොත් අතර ඔලෙන්බෙර්ග් ගේ බුද්ධ චරිතයද විය. තෝල්ස්තෝයි ගිහි ජීවිතය කලකිරෙන්නට පෙර කියවන්නටත්, ලියන්නටත් භාවිතා කළ එක් කාමරයක බිත්ති සරසන ආගමික සිත්තම් කිහිපය මැදි වියෙහි සිට කෙමෙන් වැඩෙන්නට වූ ඔහුගේ ආගමික හැඟීමට දෙස් කියයි......
තෝල්ස්තෝයිගේ සොහොන දකින ආශාවෙන් වැඩුණු මම නොඉවසුම්ව මගේ රුසියන් යහළුවා දෙස බැලුවෙමි.
තෝල්ස්තෝයිගේ සොහාන කොතැනද?
ඔය තියෙන්නේ...! කියමින් ඔහු බතල පාත්තියක් වැනි පස් ගොඩක් පෙන්නුවේය. ලං වී තෝල්ස්තෝයිගේ සොහොන බැලූ මට සිහි වූයේ අපේ ගමේ දිළිඳු ගැමියෙකුගේ සොහොනයි. බතල පාත්තියක් වැනි ඒ ගැමි සොහොන තෝල්ස්තෝයිගේ සොහොනට වෙනස් වූයේ එක උසට වැදුණු පැළෑටිවලින් නොවසනු ලැබීමෙන් පමණකි. තෝල්ස්තෝයිගේ සොහොන රුසියන් ජනයාගේ අධ්‍යාත්මයෙහි එක අංගයක් පිළිබිඹු කරන කැඩපතක් වැන්න. මේ අංශය සියලුම පැරණි රුසියන් නවකතාකාරයෝ අඩු වැඩි වශයෙන් තම කතා වලින් නිරූපණය කළහ."
නිවසින් නික්ම ගිය තෝල්ස්තෝයි "අස්තපෝවෝ" නම් දුම්රිය ස්ථානයේදී නිව්මෝනියා රෝග තත්වය උත්සන්න වී මිය යන විට අසූ දෙවන වියේ පසු විය. වයෝවෘද වියේ මිය ගිය බොහෝ රුසියානු ලේඛකයන් සේම අධ්‍යාත්මික නැඹුරුවකින් මරණය විඳ ගැනීමට තෝල්ස්තෝයිද සමත් විය. තරුණ අවදිය අතිශය විවාදාත්මකව සහ රැඩිකල් ස්වරූපයකින් ගත කළ තෝල්ස්තෝයිගේ ජීවිතය ඔහුගේ අවසන් සමය හා සැසඳීමේදී අහසට පොළොව මෙන් යැයි පෙනී යයි. ඇතැම්විට ජීවිතය යනු අත්දැකීම් සමග වෙනස් වන දෙයක් වීම ඊට මූලිකම හේතුව වනවා ඇති. වෙනස් කළ නොහැකි එකම දෙය වෙනසයි.
තෝල්ස්තෝයි අවසන් වරට බිරිඳට ලියූ ලිපියේ මෙසේද සඳහන්ය.....
"ගෙදර මා ගතකළ ජීවිතය දරාගත නොහැකි තැනට පැමිණ ඇත. තවද ගෙදර ඇති සැප සම්පත් පිරි ජීවිතය මට තිත්ත වී ඇත. මහලු සියල්ලන් මෙන් අවසාන කාලය සන්සුන්ව සහ තනිව හුදෙකලා ජීවිතයක් ගත කිරීමට නිවස හැර යමි. මා සොයා එන්න එපා කියා මා ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මා සමග වසර හතලිස් අටක් එක්ව ගත කළ කාලය ගැන මා ඔබට ස්තූතිවන්ත විය යුතුය. එම කාලය තුළ මා අතින් වරදක් සිදු වූයේනම් එම සියල්ලට මම ඔබෙන් සමාව ඉල්ලා සිටිමි. ඔබටද සමාව දෙමි.
මාගේ ජීවිතයේ සාපරාධි ක්‍රියාව නම් මරණයයි. ජීවිතයේ වූ පුහුදුන් ව්‍යාජය, බොරුව මට දැන් අවබෝද වී ඇත. ලෝකයේ ඇති විශාලම අපරාධය වන්නේ සුඛෝපභෝගී භාවයයි."

-අයේෂ් ලියනගේ -
තෝල්ස්තෝයි සිය බිරිඳ සමගින්
තරුණ තෝල්ස්තෝයි
No comments:
Post a Comment