දීර්ග කාලයක් තිස්සේ social Networks හරහා විවිද අදහස්, ගති පැවතුම් ඇති පුද්ගලයින් ඇසුරු කිරීමෙන් ඒ ඒ පුද්ගලයින් තාක්ෂණය සමග ගනුදෙනු කරනා ආකාරය පිළිබඳව සැලකියයුතු මට්ටමක අවබෝදයක් ලබා ගැනීමට හැකි වීමත් සමග ඔවුන්ගේ චර්යාත්මක ප්‍රතිචාරයන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි විය. පසුගිය දිනෙක ඇමරිකානු සමාජ විද්‍යාත්මක කණ්ඩායමක් කළ පර්යේෂණයකින් තහවුරු වූයේ සමාජ ජාල භාවිතයට හුරු වූ ඇමරිකානුවක් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් විශාදය නම් මානසික රෝගී තත්වය නිසාවෙන් පීඩා විඳින බවයි. විශේෂත්වය නම් ඔවුන් බහුතරයක් එය නොදැන සිටීමයි. ඒ අනුව එම මානසික තත්වය තම ස්වභාවික චර්යාව ලෙස ඔවුන් වැරදි වැටහීමක සිටීම නිසා එය විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් ඔවුන් පවසනවා. කෙසේ වෙතත් එය ඇමරිකා කලාපයට පමණක් සීමා වූවක් නොව ලෝකයටම පොදු වූවක් බව පැහැදිළිය.
ප්‍රධාන ගැටලුව වී ඇත්තේ ස්වභාවික ලෝකය සමග ගැටීමට ඇති ඉඩකඩ තාක්ෂණය විසින් සීමා කිරීමයි. ස්වාභාදහමේ සුන්දරත්වය පියවි ඇසින් නොවිඳින ලෝකය එය ස්මාර්ට් දුරකථනයේ තිරය මත හෝ පරිගණක තිරය මත හෝ රූපවාහිනී තිරය මතින් දකින්නට උත්සාහ කරනවා. මිදුලට බැස අහසේ වලාකුළු නොබලන, රාත්‍රී අහසේ තරු නොබලන මිනිසුන් ඩිජිටල් තිරය මත වූ රෑ අහසේ තරු නරඹා එය "perfect shot" එකක් යැයි පවසනවා. සැබෑ ලෝකයේදී, පාරක තොටකදී තවත් ගැහැණියකගේ මිනිසෙකුගේ මුහුණ බලා කතා නොකරන, මුහුණේ හිනාවක් ගෑවුනේ නැති බුම්බාගත් අය "මුහුණු පොතේ" නොදන්නා ගැහැණුන් මිනිසුන් සමග ඇති පදමට සිනහව :) හුවමාරු කරගනී. තොරතෝංචියක් නැතිව කියවයි. නමුත් ව්‍යාජය වන්නේ සැබෑ ජීවිතයද?නැතිනම් තාක්ෂණික ජීවිතයද? යන්න ගැන කිසිවෙකුටත් අවබෝදයක් නැත.
නූතන පරම්පරාවේ අප බොහෝ දෙනා තුළ මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති බව මාගේ අදහසයි. පහත දක්වන cartoon පිළිබඳව වෙනමම පැහැදිලි කළ යුතු නැති අතර සිතාබැලීමට පමණක් මෙලෙස පළ කරමි.
-අයේෂ් ලියනගේ-
No comments:
Post a Comment