චිකාගොවෙන් ඇරඹි සටන ඇමරිකාවේ අනෙක් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත විය. එපමණකින් නොනැවතී ලොව පුරා මෙම සිදුවීම ජන රැල්ලක් නිර්මාණය කරවීය. යුරෝපය පුරාද පැය 8ක වැඩ මුරය වෙනුවෙන් සටන් ඇති විය. 1889 ජුනි මාසයේ පැරිස් නුවරදී "ෆෙඩ්ඩ‍්‍රක් එංගල්ස්ගේ" ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී චිකාගෝ නුවර "හේමාකට් චතුරස‍්‍රයේදී" ඇති වූ කම්කරු සටන් අනුස්මරණය මැයි පළමුවැනි දාට සැමරීමට කතිකා කරගන්නා ලදී. ඒ අනුව 1890 වසරේ ලොව ප්‍රථම මැයි රැළිය සහ සටන් සගයින් සැමරුම සිදුවිය. එහිදී ජාත්‍යන්තර කම්කරු දිනය යෝජනා වූ අතර එය ඒකමතිකව සම්මත විය.
ලෝකයේ මැයි දිනය එසේ වන විට ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 තරම් ඈතට දිව යයි. කම්කරු සහ දේශපාලන නායකයෙකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය මුල් වරට මෙරට ආරම්භ විය. ලෝකය පුරා රතු පාටින් සමරණ මැයි රැලිය ලංකාවේ නිල්,කොළ, කහ පැහැයෙන් ආරම්භ කරන්නට වූයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි පෙරමුණ වැනි දේශපාලන සංවිධානයි. වර්තමාන ලාංකේය මැයි දිනය ලෝකයේ ආදර්ශය ලෙස නොව පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව පවත්වන්නක් බවට පත්ව තිබීම විහිළුවක් වී ඇත. එය බොහෝවිට පුද්ගල චරිත උලුප්පා දැක්වීම පිණිස පවත්වන මැයි දින රැළියක් වී ඇති අතරම රැළියේ කෑ ගසන කම්කරුවාට අරක්කු වඩියක් ලැබෙන දවසකි. ඔහුට අරක්කු ටික ලැබුනත් නිවාඩු දවස නිසා කුලිය නොලැබෙයි. අවසානයේ බඩගින්නේ සිටින්නට සිදු වන්නේ දරුවන්ට සහ බිරිඳයි. ඒ අපේ රටේ මැයි රැළි සමරණ හැටිය. ලක්බිම පුවත්පතේ "අවන්ත ආටිගල" කාර්ටූන් ශිල්පියා ඇඳි වචන රහිත කාර්ටූනය මම පහතින් දක්වමි. වචන වලින් කිව නොහැකි නමුත් සිතින්ම කිරා මැන බැලිය හැකි ප්‍රකාශනයක් ඒ තුළ ඇත.
_අයේෂ් ලියනගේ_
No comments:
Post a Comment