Sunday, February 1, 2015

සේයාරූ කියැවීම

මෙහි එන සේයාරූ ලෝක ඉතිහාසයේ විවිද කාල වකවානු සහ ඉතිහාසයේ එම කාල වකවානු තුළ සිදු වූ වෙනස්කම් පිළිබඳව සියුම් ඉඟි සපයයි.



1800 වකවානුවේ බ්‍රිතාන්‍ය ජාතික වහල් වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ සිටින අප්‍රිකානු ජාතික වහලෙකු බැඳ ඇති යදම් ලිහිල් කරන අයුරු මෙම ජායාරූපයේ දැක්වෙයි. මනුෂ්‍යත්වය අතිශය පහත් මට්ටමකට වැටුනු යුගයක අඳුරු සටහනක් මේ තුළ දෘශ්‍යමාන වේ.



වර්තමාන ඉරානය යනු ඉස්ලාමිකවාදය බෙහෙවින් ව්‍යාප්ත වූ  ආගමික රාජ්‍යයකි. ඉරානයේ සිදු වූ ඉස්ලාමික විප්ලවයට පසුව මේ ආකාරයට දැඩි සීමාකිරීම් මැද රාජ්‍ය පාලනය සිදු වෙයි. මෙහි සිටින්නේ ඉරාන ජාතික කාන්තාවකි. නමුත් ඇය මේ ජායාරූපයට පෙනී සිටින්නේ 1960 දශකයයේ ඉරාන ආගමික විප්ලවයට පෙරයි. වර්තමානයේ මේ ආකාරයට නිදහස් ලෙස ඇඳ පැලඳ  සිටීමට ඉඩ කඩක් ඉරානය තුළ ඇත්තේ නැත.


දෙවන ලෝක යුද්ධයෙන් පසුව එහි ප්‍රධාන කොටස්කාරිත්වය දැරූ ජර්මනිය නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය ලෙස තාප්පයකින් බෙදා වෙන් කරන ලදී. නෑ හිත මිත්‍රාදීන් එකිනෙකාගෙන් වෙන් විය. සංස්කෘතික බැඳීම දෙකඩ විය. මෙම සේයාරුවේ දැක්වෙන්නේ බටහිර ජර්මනියේ සිටින දරුවන් නැගෙනහිර දිශාවේ සිටිනා තම දෙමාපියන් හට ඔවුන්ගේ මුණුබුරු මිණිපිරියන් තාප්පයට ඉහළින් ඔසවා පෙන්වන ආකාරයයි.


මොහු ජර්මන් නාසි හමුදාවේ සිටි අණ දෙන නිළදාරියෙකි. නමින් "Amon Goeth" නම් වන මොහුගේ විනෝදාංශය වන්නේ උදෑසන පිබිදී තම නිල නිවාසයේ සඳළුතලයට වී පහළ රඳවා සිටින යුදෙව් සිරකරුවන්ට ඉලක්කයට වෙඩි තබා ඝාතනය කිරීමයි. මොහුගේ චරිතය ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ "Schindler’s List” සිනමා පටයේ හොඳින් නිරුපණය කොට ඇත. පසු කලෙක මිත්‍ර හමුදාවන්ගේ අත් අඩංගුවට පත් මොහුව සිදු කළ අපරාද හේතුකොටගෙන එල්ලා මරණ ලදී.


බැලූ බැල්මට ඇය සුකුමාල තරුණියකි. නමුත් ඇය අවි දරා සිටී. මෙය 1970වේදී  අයර්ලන්තයේදී ලබා ගත් සේයාරුවකි. ඇය IRA විමුක්ති සටන් කල්ලිය හා එක්වී බ්‍රිතාන්‍යට විරුද්ධව සිය මාතෘ භුමිය වෙනුවෙන් සටන් වදී. 


මෙහි දැක්වෙන්නේ 1865 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ "නිව් යෝර්ක්" නුවර සේයාරුවක සටහන් වූ ආකාරයයි. වර්තමානයේ නිව් යෝර්ක් යනු ලොව ඇති ප්‍රමුඛ වෙළඳ නගරයක් වූවද 1865 තරම් ඈත අතීතයක එහි වූ ස්වභාවය හඳුනාගත හැකිය.


සිවිල් යුද්ධයට පෙර 1960 වසරේ සෝමාලියාවේ මොගඩිෂු අගනුවර වීදියක දර්ශනයක් මෙහි දැක්වේ. වර්තමානයේ සෝමාලියාවේ මොගඩිෂු අගනුවර යනු ත්‍රස්තවාදය පැතිරුණු අතිශය අස්ථාවර නගරයකි. මෙහි දකින සන්සුන් බව අද එහි නැත.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators