Wednesday, February 18, 2015

නූතන ප්‍රේමය සහ විවාහය පිළිබඳව වූ ආදරණිය විමසුමක් ‘What a Nice Couple’

ප්‍රේමය සහ විවාහය මූලික කොටගනිමින් ලාංකේය වේදිකාව තුළ බිහි වන නිර්මාණ රික්තකයක් තුළ චාමර ගුරුගේ නම් නව පරපුරේ නාට්‍යකරු අතින් බිහි වන ‘What a Nice Couple’ යනු යම් ආකාරයක නිර්මාණාත්මක අස් වැසිල්ලකි. පසුගිය පෙබරවාරි 14 එනම් ආදරවන්තයින්ගේ දිනය දා මෙම නිර්මාණය "බොරැල්ල පුංචි තියටර්" හිදී රංගගත වූයේ කිසිදු අය කිරීමකින්ද තොරවයි. මා හටද එම දර්ශනය බැලීමට හැකියාව ලැබුණු අතරම මා හට එය දැනගැනීමට සැලැස්වූ දුෂාන්ති සහෝදරියට බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුය.

මා මේ නිර්මාණය තුළ දුටු විශේෂත්වය නම් ප්‍රේමය සහ විවාහය නූතනය සමග බද්ධ කර තිබූ සූක්ෂමභාවයයි. අප අද ජීවත් වන සමාජය තුළ භාවිතා වන නව්‍ය සමාජ භාවිතාවන් බොහෝ සෙයින් අපගේ පෞද්ගලික ජීවිතය වෙනසකට ලක් කොට ඇත. මීට දශක දෙක තුනකට එහා තිබූ ප්‍රේමය සහ විවාහයත්, නූතනයේ වූ ප්‍රේමය සහ විවාහයත් අතර පැහැදිලි වෙනසක් ඇත. එකල පෙම්වතුන් පෙම්වතියන් "ඔබද 
මාද විය, මාද ඔබම විය" යනුවෙන් ඇදහූ පරම්පරාවක් වූවද , 2000 සහශ්‍රය තුළ ප්‍රේමයේ අත් පොත් තැබූවන්ගේ පරම්පරාවේ ජීවිත රහස් ගුහාවන් බවට පත් විය. එහිදී "ඔබ ඔබම වී , මම මම වන්නේය". ජංගම දුරකථනයේ සීග්‍ර පැතිරීම, සමාජ ජාල (social networks) පරිහරණයේ සීග්‍රතාවය අපේ කාලයේ ප්‍රේමය අපගෙන් ඈත් කරන ලදී, විවාහකයන් විවාහය තුළ වෙන් කරන ලදී. සැකය,අවිශ්වාසය රෝපණය කළ පුද්ගල සබඳතා සමාජය ආක්‍රමණය කරන්නට විය. එවන් වපසරියක් තුළ පවුල් ජීවිතයක් රැක ගැනීම යනු අතිශය සංකීර්ණ වූ ක්‍රියාවලියක් වන්නේය. පවුල, ආදරය සහ විවාහය රැක ගැනීමේ එකී පොදු සංකීර්ණ ගැටුම චාමර ගුරුගේ විසින් ‘What a Nice Couple’ හි සූක්ෂමව නිර්මාණය කරයි.

කතා විස්තරයක් මා කීමට අපේක්ෂා නොකරමි.එය ඔබ නරඹා තීරණය කළ යුතුය. නාට්‍ය තුළ නාට්‍යරූපී ගුණය ඉහළින් ආරක්ෂා වී ඇත. තවද පසුතල නිර්මාණය, ආලෝකකරණය සහ සංගීත භාවිතාව හැම විටෙකම නාට්‍ය තුළ වූ හැඟීම තීව්‍ර කිරීමට සමත් විය. ප්‍රධාන චරිත දෙකකට පමණක් සීමා කොට ඇති මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නිලංක දහනායක සහ ශ්‍යාමිලා කල්හාරි විසිනි. ඔවුන්ගේ රංගනය චරිතයන්ට උපරිම සාධාරණයක් වේදිකාව මත ඉෂ්ට කරයි. සමස්ථයක් ලෙස සහ ප්‍රේක්ෂක කෝණයෙන් බැලූ විට වෙනසක් සහිත හැඟීම් දැනීම් සහිත නාට්‍ය නිර්මාණයක් ලෙස ‘What a Nice Couple’ හැඳින්විය හැකිය.




චාමර ගුරුගේ 

5 comments:

  1. thats not a matter of being in a relationship. its totally about who we are. :)

    ReplyDelete
  2. නිර්මාණය ගැන ලීවාට ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ඔබගේ වෑයම විශිෂ්ටයි... තව තවත් ගුණාත්මක නිර්මාණ කාර්යයන් වල යෙදීමට කවුළුවේ අපෙන් සුබ පැතුම්.....!!!

      Delete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators