Monday, April 13, 2015

බිලියනපතියෙකු උගත් පාඩම

"රතන් ටාටා" යනු ඉන්දියාවේ මෙන්ම ආසියානු කලාපයේද ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි. මෙහි දැක්වන්නේ ඔහු විසින් ජර්මනියේ සිදු කළ සංචාරයකදී ලත් අත්දැකීමකි. ඇත්තෙන්ම එය ඔහු විසින් උගත් පාඩමක් ලෙස හැඳින්වීමද වරදක් නැත. මේ තුළින් අප සියලු දෙනාටම උගත හැකි බොහෝ දෑ ඇතැයි මට සිතේ. මෙය ඔහුගේ "ට්විටර්" ගිණුමේ වූ සටහනක් ආශ්‍රයෙන් ලබා ගතිමි.

" ජර්මනිය කාර්මීකරණය අතින් විශාල දියුණුවක් හිමි කරගත් රටක් නිසා බොහෝ අය විශ්වාස කරනවා එම රටේ බොහොමයක් මිනිසුන් ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා කියා. ඉතිං අපගේ ජර්මන් සංචාරයේදී "හැම්බර්ග්" නගරයට ගිය අවස්ථාවක මාගේ ව්‍යාපාරික සගයන් සමග මාත් එහි වූ අවන්හලකට ගොඩ වූයේ අහාර ලබා ගැනීම සඳහා. අපට පෙනෙන්නට තිබූ දෙයක්නම් එහි වූ බොහොමයක් අසුන් හිස්ව තිබූ බවයි. එක් තරුණ යුවලක් එහි ආහාර ගනිමින් සිටි අතර ඔවුන් භාජන දෙකක දමා ගත් ඉතා සරල ආහාරය ස්වල්පයක් සහ බීර කෑන් දෙකක් පමණක් ඇණවුම්කොට තිබූ අයුරු දුටු මා පුදුමයට පත් වුණා. මම හිතුවා මේ තරම් සරල ආහාරයක් එක්කෝ ඉතාම ආදරණිය වෙන්න ඕන නැත්නම් කොයි වෙලාවක හරි මේ කෙල්ල මේ ලෝබ හාදයව දමලා ය
න්න ඕන කියලා.

තවත් වයසක කාන්තාවන් කිහිප දෙනෙකුද අනෙක් පස සිටිනු අපට දැකගන්නට පුළුවන් විය. ඔවුන්ට අවන්හලේ සිටි භෝජනාගාර සේවකයා අහාර පිළිගැන්වූ අතර ටික වේලාවකින් ඔවුන් එම අහාර යන්තමින් හෝ ඉතිරි නොකොට කා දැම්මා. එම අවස්ථාවේ අපද ඉතා කුසගින්නකින් සිටි නිසා මාගේ ඉන්දියානු ව්‍යාපාරික සගයන් අහාර බොහෝමයක් ඇණවුම් කළ අතර අප ලෝබ නැතිව අහාර ගන්නට වුණා. අහාර ගෙන අවසන් කළ අප එන්නට ලැහැස්ති වූ අතර අප ඇණවුම් කළ අහාර වලින් තව අහාර බොහොමයක් ඉතිරි වී තිබුණා. එයින් තුනෙන් එකක් පමණ තව අයෙකුට කෑ හැකි මට්ටමේ තිබුණි.

අප මුදල් ගෙවා යන්නට සූදානම් වූ අවස්ථාවේ එහි සිටි මා කලින් සඳහන් කළ වයසක කාන්තාවන් ඉංග්‍රීසි භාෂාවෙන් අපව ඇමතුවා. ඔවුන් කතා කළ ස්වරූපයෙන් අප අවබෝදකොට ගත්තා අප ඉතුරුකොට දමා පැමිණි අහාර පිළිබඳව ඔවුන් අප්‍රසාදයට පත්ව සිටින බව. එහිදී අපගේ මිතුරන් කිහිප දෙනෙක් ඔවුන්ට තරමක් දැඩිව පිළිතුරු දුන්නා

" අපි කාපු කෑම වලට අපි සල්ලි ගෙවලයි ඉන්නේ. අපි කොයි තරම් කෑම අහක දැම්මත් ඒක ඔයාලට අදාල දෙයක් නෙමෙයි" මගේ මිතුරෙකු එසේ පැවසූ විට එම කාන්තාවන් තරමක් කෝපයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණා. එහි සිටි එක් කාන්තාවක් එක් වරම ඇයගේ දුරකථනය ගෙන කිසිවෙකුට ඇමතුමක් ගත් බව අප දුටුවා. විනාඩි කිහිපයක් ගත වීමටත් පෙර නිළ ඇඳුමකින් සැරසුණු "සමාජ ආරක්ෂණ සංවිධානයක (Social Security organisation) නිලධාරියෙකු අප සිටින ස්ථානයට පැමිණියේය. ඔහු අප අතර වූ ප්‍රශ්නය දැන සිටි අතර කිසිදු කතාවකින් තොරව යූරෝ 50ක දඩ කොළයක් ඔහු අප වෙත ඉදිරිපත් කළේය. අනතුරුව ඔහු දැඩි ස්වරයකින් මෙසේ පැවසීය.

" කරුණාකරලා ඔබලාට කන්න පුළුවන් තරමක් විතරක් ඇණවුම් කරන්න වග බලාගන්න. මුදල් ඔබලාට අයිති දෙයක් උනත් ඔබලා නැති කරන්නේ තවත් කෙනෙකුගේ ආහාර වේලක්. " MONEY IS YOURS.BUT RESOURCES BELONG TO THE SOCIETY" ලෝකයේ තවත් බොහෝ මිනිස්සු ඉන්නවා මෙවැනි ආහාර වේලක් ලබා ගන්න බැරි. ඒ නිසා ඔබලාට හේතු දක්වන්න සාධාරණ අයිතියක් නැහැ අහාර අපතේ යැවීම ගැන.

මේ තරම් පොහොසත් රටක මිනිසුන්ගේ ආකල්පය අප සියලු දෙනාවම ඉතා ලැජ්ජාවකට පත් කළා. අප මෙය පැවසිය යුතුයි. සම්පත් අතින් දුප්පත් ඉන්දියාව වැනි තුන් වන ලෝකයේ රටකින් පැමිණි අප මේ තරම් විශාල අහාර ගොඩක් ඇණවුම් කොට ඒවා නාස්ති කර දැමීම අපව ලැජ්ජාවට පත් කළා. අවසානයේ පැවසිය යුතුයි මේ සිදුවීමෙන් පසු මාගේ එක් මිතුරෙක් සිතාගත නොහැකි ලෙස ඔහුගේ ආකල්ප වෙනස් කරගත් බව"

මෙයින් දෙන පණිවිඩය නම් අප අප සතු උද්දච්ච වූ වෙනස් කළ නොහැකියයි සිතූ වැරදි පුරුදු වෙනස් කරගත යුතු බවයි. සමාජ සේවා නිළධාරිය ඔවුන්ට දුන් ඔවදන යළිත් මතක් කරනුයේ මේ අවුරුදු උත්සව සමයේ එය ඔබටත් නැවත නැවතත් සිතන්නට යමක් ඉතුරු කරන නිසයි. "Money Is Yours. But Resources Belong To The Society............"


අයේෂ් ලියනගේ

                                                  රතන් ටාටා
                                                             

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators