Tuesday, April 28, 2015

අපි සහ Technology

ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් කියන ලද අනාගත වාක්‍යයක් දුටු නිසාම ඒ පිළිබඳව යමක් සඳහන් කිරීම වැදගත් බව සිතුනි. ඔහුට අනුව අනාගත ලෝකය පිළිබඳව සහ තාක්ෂණයේ දියුණුව පිළිබඳව ඔහු දැරූ ආකල්පය මෙහි ගැබ් වන බව පෙනෙන්නට ඇත. එය මෙසේය " මට බියක් තිබෙනවා යම් දවසක තාක්ෂණය විසින් මානවයාගේ අන්තර් සබඳතාවයන් අභිබවා යයිද කියා. එදිනට ලෝකයම මෝඩයන්ගේ පරම්පරාවක් වනු නිසැකය. ( I fear the day that technology will surpass our human interaction. the world will have a generation of idiots ) අයින්ස්ටයින් එදා පැවසූ අනාගත වාක්‍යය වර්තමානයේ සත්‍යක් බවට පත් වෙමින් තිබේදැයි විටෙක සිතෙන තරමටම අප තාක්ෂණයේ වහලුන් බවට පත්ව ඇත. සමාජ ජාල වෙබ් අඩවියක් තුළ ඒ හා සබැඳි අපූරු cartoon කිහිපයක්ද දුටු බැවින් නූතන පරම්පරාව තුළද එම මතය පිළිගන්නා තරුණ කොටස් වෙසෙන බව අවබෝද කොට ගතිමි.

දීර්ග කාලයක් තිස්සේ social Networks හරහා විවිද අදහස්, ගති පැවතුම් ඇති පුද්ගලයින් ඇසුරු කිරීමෙන් ඒ ඒ පුද්ගලයින් තාක්ෂණය සමග ගනුදෙනු කරනා ආකාරය පිළිබඳව සැලකියයුතු මට්ටමක අවබෝදයක් ලබා ගැනීමට හැකි වීමත් සමග ඔවුන්ගේ චර්යාත්මක ප්‍රතිචාරයන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි විය. පසුගිය දිනෙක ඇමරිකානු සමාජ විද්‍යාත්මක කණ්ඩායමක් කළ පර්යේෂණයකින් තහවුරු වූයේ සමාජ ජාල භාවිතයට හුරු වූ ඇමරිකානුවක් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් විශාදය නම් මානසික රෝගී තත්වය නිසාවෙන් පීඩා විඳින බවයි. විශේෂත්වය නම් ඔවුන් බහුතරයක් එය නොදැන සිටීමයි. ඒ අනුව එම මානසික තත්වය තම ස්වභාවික චර්යාව ලෙස ඔවුන් වැරදි වැටහීමක සිටීම නිසා එය විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් ඔවුන් පවසනවා. කෙසේ වෙතත් එය ඇමරිකා කලාපයට පමණක් සීමා වූවක් නොව ලෝකයටම පොදු වූවක් බව පැහැදිළිය.

ප්‍රධාන ගැටලුව වී ඇත්තේ ස්වභාවික ලෝකය සමග ගැටීමට ඇති ඉඩකඩ තාක්ෂණය විසින් සීමා කිරීමයි. ස්වාභාදහමේ සුන්දරත්වය පියවි ඇසින් නොවිඳින ලෝකය එය ස්මාර්ට් දුරකථනයේ තිරය මත හෝ පරිගණක තිරය මත හෝ රූපවාහිනී තිරය මතින් දකින්නට උත්සාහ කරනවා. මිදුලට බැස අහසේ වලාකුළු නොබලන, රාත්‍රී අහසේ තරු නොබලන මිනිසුන් ඩිජිටල් තිරය මත වූ රෑ අහසේ තරු නරඹා එය "perfect shot" එකක් යැයි පවසනවා. සැබෑ ලෝකයේදී, පාරක තොටකදී තවත් ගැහැණියකගේ මිනිසෙකුගේ මුහුණ බලා කතා නොකරන, මුහුණේ හිනාවක් ගෑවුනේ නැති බුම්බාගත් අය "මුහුණු පොතේ" නොදන්නා ගැහැණුන් මිනිසුන් සමග ඇති පදමට සිනහව :) හුවමාරු කරගනී. තොරතෝංචියක් නැතිව කියවයි. නමුත් ව්‍යාජය වන්නේ සැබෑ ජීවිතයද?නැතිනම් තාක්ෂණික ජීවිතයද? යන්න ගැන කිසිවෙකුටත් අවබෝදයක් නැත.

නූතන පරම්පරාවේ අප බොහෝ දෙනා තුළ මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති බව මාගේ අදහසයි. පහත දක්වන cartoon පිළිබඳව වෙනමම පැහැදිලි කළ යුතු නැති අතර සිතාබැලීමට පමණක් මෙලෙස පළ කරමි.


-අයේෂ් ලියනගේ-











No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators