Wednesday, January 25, 2017

ඔස්කාර් ඉතිහාසයේ වාර්තාවක් - 'La La Land' සම්මාන 14කට නිර්දේශ වෙයි

2017 ඔස්කාර් සම්මාන උළෙල සඳහා වූ නිර්දේශයන් නිකුත්කොට තිබේ. මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයක් වන්නේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් 'La La Land' සිනමාපටය මෙවර උළෙලේ සම්මාන 14ක් සඳහා නිර්දේශ වීමයි. හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර පිටපත හොඳම නළුවා සහ නිළිය, හොඳම සහාය නළුවා සහ නිළිය, හොඳම සංගීතය, හොඳම සංස්කරණය, හොඳම කැමරාකරණය, හොඳම ශබ්ද ප්‍රයෝග, හොඳම නිෂ්පාදනය සහ හොඳම වේශ නිරූපණය යන ප්‍රධානම සම්මාන එම නිර්දේශයන් ඒ අතර වේ. 


ඔස්කාර් සම්මාන ඉතිහාසයේ 'සංගීතමය සිනමාපට ශානරයේ ' නිර්මාණයක් සම්මාන 14කට නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එය වාර්තාවකි. මීට පෙර ඔස්කාර් සම්මාන දිනූ Whiplash අධ්‍යක්ෂණය කළ ඩේමියන් චෙස්ලි 'La La Land' සිනමපටයේද අධ්‍යක්ෂවරයාය. මෙවර සම්මාන උළෙලේ තවත් විශේෂත්වයක් වන්නේ කළු ඇමරිකානු නළු නිළියන් හට නිර්දේශිත නාම අතර වැඩි අවස්ථා හිමිවීමයි. පසුගිය වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී වර්ණ භේදවාදී පදනම මත කළු ජාතික නළු නිලියන් නිර්දේශ නාම අතරට එක් නොවූ බවට විවේචනද එල්ල වූහ. 89 වැනි ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි මස 26 වැනිදා කැලිෆෝර්නියාවේ 'ඩොල්බි' තියටර් හිදී පැවැත්වීමට නියමිතය. සම්මාන සඳහා වූ අනෙකුත් නිර්දේශ කිහිපයක් පහතින් දැක්වේ. 


හොඳම සිනමාපටය සඳහා වූ නිර්දේශයන්


Arrival
Fences

Hacksaw RidgeHell or High Water
Hidden FiguresLa La Land
Lion
Manchester by the Sea
Moonlight

ප්‍රධාන නළුවා සඳහා වූ නිර්දේශයන්

Casey Affleck - Manchester by the Sea
Andrew Garfield - Hacksaw Ridge
Ryan Gosling - La La Land
Viggo Mortensen - Captain Fantastic
Denzel Washington - Fences



හොඳම නිළිය සඳහා වූ නිර්දේශයන්

Isabelle Huppert - Elle
Ruth Negga - Loving
Natalie Portman -Jackie
Emma Stone - La La Land
Meryl Streep - Florence Foster Jenkins





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators