Monday, January 30, 2017

ට්‍රම්ප් නිසා ඔස්කාර් වර්ජනයක්



2017 ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට පැමිණි ඉරාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ 'අස්ගාර් ෆර්හාදී' මෙවර ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කිරීමට තීරණයකොට ඇත. "The Salesman" නමින් ඔහු අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා සිනමාපටයට හිමිවන සම්මානය සඳහා නිර්දේශ වී තිබුණි. ඇමරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා මුස්ලිම් රටවල් හයකට පැනවූ සංක්‍රමණික තහනමට විරෝධය පා මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශකොට තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තම ජනතාව මෙවන් ජාතිවාදී තීරණයක් හේතුකොටගෙන අපහසුතාවට පත්ව ඇති මොහොතක විශේෂ වරප්‍රසාද ලබා ඇමරිකාවට යාමට තමන්ට කිසිදු වුවමනාවක් නැති බවයි.  අස්ගාර් ෆර්හාදී 2012 වසරේදී නිර්මාණය කළ "The Separation" සිනමාපටයද හොඳම විදේශ භාෂා සිනමාපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගනු ලැබීය.


ඇමරිකානු ජනපති මැදපෙරදිග රටවල් 6කට දින 120ක් පුරා බලපැවැත්වෙන පරිදි පැනවූ සංක්‍රමණික තහනමට ඉරානයද අයත් වේ. ටයිම්ස් සඟරාවට අදහස් දක්වමින් 'අස්ගාර් ෆර්හාදී' පවසා තිබුණේ තම ශිල්පීන් කණ්ඩායම සමග ඔස්කාර් උළෙලට පැමිණීමට සැලැස්මක් තිබූ නමුත් ට්‍රම්ප් ජනපතිගේ නියෝගය සියල්ල කණපිට පෙරලූ බවයි.
 

The Salesman 
සිනමාපටයේ ප්‍රධාන නිළිය වූ 33 හැවිරිදි 'තාරානේ අලී දුස්ති' තමා ඔස්කාර් උළෙල වර්ජන කරන බව පැවසුවේ ට්‍රම්ප් ජනපති සිය 
නියෝගය පැනවීමටත් පෙරාතුවයි. නියෝගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් ලියමින් ඇය පවසා සිටියේ මෙය හුදෙක් ජාතිවාදී අරමුණකින් කළ නියෝගයක් බවත් තමා කුමන තත්ත්වයේ සිටියත් ඔස්කාර් උළෙල වර්ජනය කරන බවයි.



__අයේෂ් ලියනගේ__






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators