Friday, November 22, 2019

ඔබ එන්න ඇවිත් දියවෙන්න


ලේඛක නුවන් තොටවත්ත විසින් රචිත කෘති ත‍්‍රිත්වයක් පිළිබඳ සාහිත්‍ය කතිකාවක් ලබන 23 සෙනසුරාදා පස්වරු 3:15 ට ජාතික චිත‍්‍රපට සංස්තාවේ තරංගණී ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ග්ලැසියරයක පේ‍්‍රමය කාව්‍ය සංග‍්‍රහය , අකීකරු බිහිදොර කාව්‍ය සංග‍්‍රහය, පැණි රස ගැන රස කතා යන කෘතීන් එදිනට සංවාදගත වීමට නියමිතය.

මෙම උළෙලේ ආරාධිත දේශන ප‍්‍රවීණ කිවියර ආචාර්ය ආරියවංශ රණවීර සහ ගී රචක බන්ධුල නානායක්කාරවසම් යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබේ.

ගායන දායකත්වය ප‍්‍රවීණ ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ මහතාගෙනි.

උළෙලේ ප‍්‍රාසාංගික දායකත්වය රණාරා ප‍්‍රසංග කලා ඇකඩමිය සහ වයිටලීෆ් ප‍්‍රසංග කලා ඇකඩමියෙනි.

‘ග්ලැසියරයක පේ‍්‍රමය’ යනු නුවන් තොටවත්තගේ හතරවන කාව්‍ය සංග‍්‍රහයයි.

මෙය සන්තව ප‍්‍රකාශනයකි. ඔහුගේ තුන්වන කාව්‍ය සංග‍්‍රහය වන ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශිත ” හිණිපෙත පාමුල් ” ට පසුව ගෙවුණු වසර පහක කාලය තුල කරන ලද කවි නිර්මාණවලින් තෝරාගත් නිර්මාණ එකතුව ග්ලැසියරයක පේ‍්‍රමය ලෙස එළිදැක්වුණි.

”අකීකරු බිහිදොර” යනු පුරා දෙවසරක් පුරා සති අන්ත පුවත් පතකට නිර්මාණය කළ කෙටි කවි එකතුවකි.

තෙවැන්න වන පැණි රස ගැන රස කතා පාසල් දරුවන් වෙනුවෙන් ලියැවුණු කෘතියකි.

වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ලේඛක නුවන් තොටවත්ත සිය වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් ලියන ලද මෙම කෘතිය අධික සීනි භාවිතය හා එතුළින් ඇතිවිය හැකි රෝගාබාධ ගැන කියැවෙන නිර්ප‍්‍රබන්ධ ගණයේ ළමා කතාවකි.










No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators