මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ
අනාගතේ කියා දෙයක් තියෙනවාද?
අතීතයේම ප්‍රක්ෂේපණයක් ද ඒක?
කාලය යනු ගෙවිලා ගිය අතීතයද ?
හේතු ඵල දාමයක ඉතුරුවද ?
සිතිවිලි නැවතුණු විටකදී
කාලය කියා දෙයක් ඉතුරු වේද ?
කාලය යනු සිතුවිල්ල ම නොවේ ද....?
සේකරයන්ගේ කාව්‍ය අතර අග්‍ර ස්ථානය "ප්‍රබුද්ධ" යැයි විචාරකයන් පැවසීම වරදක් නොවන්නේ එහි වන ජීවන දෘෂ්ටිය නිසාම බව පැහැදිලිය. ජීවිතයේ වූ අනේකවිද පැති කඩයන් ඔස්සේ සේකරයන් සිය කවිය මෙහෙයවයි. සමාජය පිළිබඳවත්, මිනිස් සන්තානය පිළිබදවත් වූ සැබෑ ඉවක් විසින් සේකරයන් මෙහෙයවූ බව "ප්‍රබුද්ධ" පරිශීලනයේදී අපට හැඟී යන අතරම භෞතිකත්වයත් අධ්‍යාත්මයත් අතර වන ගැටළු සහගත තැන් සේකරයන් තමාගෙන්ම ප්‍රශ්න කරන අයුරෙන් සමාජයෙන් ප්‍රශ්න කරයි. එය මෙම කාව්‍ය සංග්‍රහයේ එන විශේෂ ලක්ෂණයකි. සෑම කව්‍යයකම රිද්මයට වඩා අර්ථය මතු කරවන්නේ නවකතාවක ගලා යෑමක් ලෙසිනි. සමාජ යථාර්තයට මුහුණ දෙන, අභ්‍යන්තරයෙන් කම්පිත එහෙත් විමුක්තියක් සොයා යන්නෙකුගේ හෘද සාක්ෂියක් සේකරයන් "ප්‍රබුද්ධ" තුළ කුළුගන්වා ඇත.
No comments:
Post a Comment