1970 වසරේ කාම්බෝජයේ ඇය උපත ලබන්නේ "පොල්පොට්ගේ" භිෂණය මුළු රටම වෙලාගෙන තිබූ යුගයකයි. ඇය සිය මව් පිය නෑ හිතමිත්‍රාදීන් ගැන කිසිවක් දැන නොසිටි අතර වයස අවුරුදු හතරේ සිට ඇය හැදී වැඩෙන්නේ ළමා නිවාසයක් තුළයි. දේශපාලන අස්ථාවර භාවය, අත්තනෝමතික මිනිස් ඝාතන සහ කුසගින්න ඇයට සිය දෙමාපියන් ඇතුලු සියල්ල අහිමිකොට තිබුණි. ළමා නිවාසය ඇති ගම් ප්‍රදේශයේ මිනිසුන්ගේ ආදරය මේ කුඩා දැරියට හිමි විය. වයසින් මුහුකුරා ගොස් කලක් ගිය තැන එම ගම් ප්‍රදේශයේ සිටි ගම් ප්‍රධානියා ඇයට අමුත්තෙකු හඳුන්වා දෙන ලදී. ඔහු පැවසූ පරිදි එම අමුත්තා "සොමාලි" ගේ පවුලේ හිතවතෙකි. ඔහු පැමිණ ඇත්තේ ඇයව රැගෙන ගොස් බලා කියා ගැනීමටයි. තමාගේ පවුලේ හිතවතෙකු සෙවනේ සිටීමට ඇයට ලද අවස්ථාවෙන් ඇය ඉතා සතුටට පත් වූවද සිදු වූවේ අනෙකකි. ඔහු ඇයව රැගෙන ගොස් එරට අග නගරය වන "නොම් පෙන්ග්" හි ගණිකා නිවාසයකට විකුණයි. ඇය ළමා ගණිකාවක් බවට පත් විය. සොමාලි ගැනුම් කරුවන් සමග යහන්ගතවිම ප්‍රතික්ෂේප විට එහි හිමිකරුවන් ඇයව කරුවල කාමරයක වූ පුටුවක් මත ගැට ගසා සර්පයන් සහිත පෙට්ටියක් කාමරය තුළ නිදහස් කරන ලදී. පුරා රාත්‍රියක් ඇයගේ ශරීරයේ සර්පයන් වෙලෙමින් සිටි අතර ඇය අතොරක් නැතිව විලාප නගන්නට විය. එම දඬුවමින් පසුව ඇයට ගනුදෙනු කරුවන් සමග යහන් ගත වීමට සිදු වූයේ නැවත එවන් අත්දැකීමක් ලැබීමට ඇති බිය නිසාවෙනි.
දිනකට මිනිසුන් විස්සක් හෝ තිහක් සමග ගත කිරීමට සිදු වූ අතර ඇය වැනි ළමා වියේ පසුවන්නියකට එය කෙසේවත් දරා ගැනීමට නොහැකි විය. වරක් ඇයගේ යෙහෙළියක එම ස්ථානයෙන් පැන යෑමට දැරූ උත්සහයක් එම ගණිකා නිවාසයේ හිමිකරුවන් විසින් වළක්වන්නේ සියල්ලෝම ඉදිරිපිට ඇයව වෙඩි තබා ඝාතනය කිරීමෙනි. ඇයගේ වයස අවුරුදු 20 පසු වන විට සොමාලි හට තිබූ ඉල්ලුම අඩු වූයේ ඇයට වඩා ලාබාල දැරියන් ඒ වන විටත් එහි සිටි නිසාය. ඇය හට තරමක නිදහසක් හිමි වූ අතර ඇය නගරයේ රිසි සේ ඇවිදින්නට විය. මෙසේ යන ගමනකදී ඇය හට ප්‍රංශ ජාතික ස්වේච්ජා සේවකයෙකු වූ "පියරේ" නැමැත්තාව හමු වේ. ඇය ඔහු හා ඉතා සමීප වන අතර තමාගේ වේදනාබර ජීවිත කතාව ඔහු හා පවසන්නේ ඉන් මිදීමට මගක් සෙවීමේ අරමුණිනි. හිත හොඳ මිනිසෙකු වන පියරේ ඇයව එම රැකියාවෙන් මුදවා ගන්නවා පමණක් නොව 1993 වසරේදී ඇයව විවාහ කරගනී. ඔවුන් කාලයක් ප්‍රංශයේ ජීවත් වන අතර එහිදී සොමාලි හොඳින් සමාජානුයෝජනය වූ කාන්තාවක් බවට පත් වෙයි. ප්‍රංශ බස හොඳින් ඉගෙනගත් ඇය නැවතත් සිය සැමියා සමගින් කාම්බෝජයට පැමිණෙන්නේ සමාජ සේවා කටයුතු වල යෙදිමේ අපේක්ෂාවෙනි. ළමා ගණිකා වෘතීය බහුල රටක් වන කාම්බෝජයේ දරුවන් එම ව්‍යවසනයෙන් ගලවා ගැනීම ඇයගේ එකම අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් ඇය අරමුදල් රැස් කළාය. අපචාරයට ලක් වූ ළමුන් දහස් ගණනකට ඇය පිළිසරණක් විය. 1996 වසරේ සොමාලි මවක් බවට පත් විය. ඒ කාල වකවානුවේ ප්‍රංශ ජනතාවගේද සහාය ලබා ගැනීමේ අරමුණින් තවත් වැඩකටයුතු ඇය දියත් කරන ලදී.
ළමා ගණිකාවක ලෙස අතීතයේ සොමාලි විඳි වේදනා තවත් පරපුරකට උරුමකර දීම වැලක්වීමට ඇය කළ හැකි සියල්ල සිදු කලාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ද වීමෙන් ළමා ගණිකා වෘතිය පිටු දැකීමේ නියෝජිතවරියක වූ ඇය "Somaly Mam Foundation" නම් ස්වේච්ජා සංවිධානය පිහිටුවීය. එම සංවිධානය හරහා වසරකට ළමා ගණිකා සේවයේ යෙදවූවන් විශාල ප්‍රමාණයක් වෙනත් වෘතිය පුහුණුවක්ද සමග සමාජගත කරයි. ඇයගේ මෙම ක්‍රියාකලාපය හා උරණ වූ ජාවාරම්කරුවන් ඇයව මරා දැමීමට කිහිප වරක්ම උත්සාහ කරන ලදී. නමුත් මරණයට බිය නොවූ ඇය සිය මෙහෙවර නතර කළේ නැත. ඇය මෙසේ පැවසුවාය " උන් මා මරා දැමුවේ මගේ ළමා කාලයේමයි. ඉතින් නැවත ඔවුනට මා මරා දැමිය නොහැකියි...."
සොමාලි කුඩා දරුවන් සමග
සොමාලි විසින් සමාජගත කළ තරුණියන් සමග
Saturday, September 6, 2014
Subscribe to:
Post Comments (Atom)
ධන තන්හාවෙන් වෙළී තම දරුවන් ( දරුවන් යනු රටක අනාගතයයි ) හුදෙකලාකර දමා, අන් රටුනට දාසකම්කිරීමට රටින්පිටව යන ගැහැණුන් අතර මෙතුමිය උත්තම කාන්තාවකි.
ReplyDeleteඑය සත්‍යක්... මා ඔබත් සමග එකඟ වෙනවා
Deleteඉතාමත් සංවේදී කතා පුවතක්. නමුත් මාගේ අදහස වන්නේ ඇය වෛශ්‍යාවක් ගණයට ඇතුළත් නොවන බවයි. මන්ද යත් ඇය චේතනාත්මක ව මෙම කාර්යයේ නිරත නොවන බැවිනි. කෙසේ හෝ වේවා අන්ධකාරයෙන් වැසෙමින් පවතින ලෝකයට සියුම් හෝ ආලෝකයක් ලබා දීමට ඇය ගත් උත්සාහය අපි අගය කළ යුතුයි.
ReplyDelete- චතුරි -
එවන් චරිත දුර්ලභ නමුත් අමරණීයයි....
DeleteThis reminds me of a book I read a while ago. "Flowers of Dessert".. Wari Dairy was not a prostitute, but she had a rough childhood because of a custom which practiced at their country. According to that book female genital mutilation is a world spread brutal custom and millions of girls die every year because of that. finally she managed to escape from her country and she becomes a world famous model.
ReplyDeletenice article.. :)
Desert Flower is a one of my favorite books........
Delete