සරුංගලේ මා සරුංගලේ
පියඹා යනවා දෙරණ මතින්
මායිම් නැති නිල් ආකාසේ
මායිම් ඇති මේ නියර මතේ
කුමර කුමරියන් අතින් මිදී
සරුංගලේ මා සරුංගලේ
කුරිරු පොළෝ මත වැටකොටු බැඳ ඇත
නිදහස වටකොට පවුරු නැගී ඇත
එබැවින් පියඹා යන්නෙම් ගගනත
සරුංගලේ මා සරුංගලේ
දෑ කුලගොත් මායිම් කිසිවක් නැති
නිදහස් නිවහල් සුවිසල් ගගනත
ඈතට ඉගිලෙමි සිතු ලෙස
සරුංගලේ මා සරුංගලේ
මායිම් නැති නිල් ආකාසේ
මායිම් ඇති මේ නියර මතේ
කුමර කුමරියන් අතින් මිදී
සරුංගලේ මා සරුංගලේ
කුරිරු පොළෝ මත වැටකොටු බැඳ ඇත
නිදහස වටකොට පවුරු නැගී ඇත
එබැවින් පියඹා යන්නෙම් ගගනත
සරුංගලේ මා සරුංගලේ
දෑ කුලගොත් මායිම් කිසිවක් නැති
නිදහස් නිවහල් සුවිසල් ගගනත
ඈතට ඉගිලෙමි සිතු ලෙස
සරුංගලේ මා සරුංගලේ
මැණික් ජයසේකර මහත්මියගේ සුමියුරු කටහඬින් ගැයෙන මෙම මනෝරම්‍ය ගීයට සංගීතය සපයන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. සීමාබාධක මත ගෙවෙන පුද්ගල ජීවිතයක ෆැන්ටසියක් මෙම ගීතය තුළ කියැවෙන බව හඳුනාගත හැකිය. සැබෑ ලෝකයේ විඳිය නොහැකි නිදහසක් සරුංගලය මත පුද්ගලාරුඪ කරන රචකයා යථාර්තයෙන් මදක් ඔබ්බට පියඹා යයි. පොලොව මත ලබා ගත නොහැකි නිදහස අහස් කුස තුළ සොයන නමුත් සීමාවකින් තොර වූ නිදහසකට අහසද උචිත නැති බව සරුංගලය නොදන්නවා විය හැක....
ආකාසය මත නිදහසේ පාවෙන සරුංගලය... රිසිසේ පා විය. ඒ අතටත් මේ අතටත් සුළඟ සමග පා වූ සරුංගලය සොයනුයේ නිදහසද? වැට කොටු බැමි මතින් පිරුණු පොලෝ තලයෙන් මිදුන කල දැනෙන නිදහසේ සුව සරුංගලය විඳිමින් සිටී. පාට වේල්පටින් ඔපවත් වූ සරුංගලය ආකාසයේ සැරි සරණ තරුණ ලඳකදැයි විටෙක සිතේ. සුළං දහරා මත ඇය රිසිසේ නිදහස් සුව විඳියි. වැහි අඳුරද නොතකා ඇය ගගන මත පා වෙන්නේ වැහි අඳුරට අභියෝග කරන ලෙසටයි. තව මොහොතකින් වැහි බිඳු එකින් එක පතිත වනු ඇත...,පාට වේල් පටද තෙමී යනු ඇත...,ඇය සෙවූ නිදහස හිස් අහස මත දියව යනු ඇත...
No comments:
Post a Comment