මා මෙහි දක්වන පැදි පෙළ අන්තර්ගතව ඇත්තේ කුමාරගමයන් විසින් රචිත "අයියනායක" නම් කාව්‍ය සංග්‍රහයේය. දුෂ්කර පළාතක සේවය කරන වකවානුවේ එම පළාත්හි ජීවත් වන අසරණ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව එතුමා සතුව තිබූ අනුකම්පා සහගත දෘෂ්ටිය මෙම කාව්‍ය සංග්‍රහය ඔස්සේ මැනවින් නිරූපිතය. මෙම පැදි දෙකෙහි වන්නේ එම මිනිසුන්ගේ විශ්වාසයන් සහ ඇදහිලි එතුමන් දුටු ආකාරයයි. කිසි විටෙකවත් ඔවුනගේ විශ්වාසයට ඇදහීමට ගැරහීමට තම කවිකම යොදා නොගත් කුමාරගමයන් එම ගැමියන්ගේ ජීවිත තුළ ජීවත් වෙමින් සිය නිර්මාණ කාර්යයේ නිමග්න විය. එය ඔහුගේ සියලු කාව්‍ය නිර්මාණ වල දක්නට ලැබෙන විශේෂත්වයක් ලෙසද හඳුනාගත හැකිය.
දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්වර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
No comments:
Post a Comment