මෙහි සිටින්නේ කිරිල්ලියයි. ඇය මාර්ගයේ කොනක වැටී සිටින්නේ ඉතා දරුණු ලෙස තුවාල ලැබීමෙනි. ඇයට තව දුර පියඹා යෑමට ශක්තියක් නැත. එම නිසා යමෙකු පැමිණෙන තෙක් ඇය බලා සිටින බවක් පෙනෙන්නට ඇත.
මද වේලාවකට පසුව ඇය අවසන් හුස්ම හෙලයි. කුරුල්ලා ඇයව සෙලවීමට උත්සාහ කරයි. නමුත් කිරිල්ලිය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි.
කුරුල්ලා කෑ ගසයි... අවට සිටින සියල්ලන්ගේම අවධානය කුරුල්ලා වෙත යොමු වේ. ඔහු කොතරම් කෑ ගැසුවද කිරිල්ලිය නැවත නොයෙන බව සිතන්නට කුරුළු සිත සූදානම් නැත...
කුරුල්ලා නොනවත්වා හඬා වැටේ. නමුත් කිසිවෙකු හෝ ඔහුගේ හඬට කන් දෙන්නේ නැත. කන් දුන්නද කිසිවෙකුටත් කිරීමට දෙයක් ඉතුරු වී නැත.
අවසානයේ ඇය යළි නොයෙන බව ඔහු වටහාගන්නට ඇති.... එය ලෝක ස්වභාවයයි. හඬා වැටුනු කුරුල්ලා නිහඬ විය. නිසළ ඇගේ සිරුර දෙස බලා සිටි ඔහුගේ කුරුළු හදවතට කවරාකාරයේනම් හැඟීම් සමුදායක් නැගෙන්නට ඇත්ද? සුන්දර සැන්දෑවන්හි ඇය හා ඈත අහස් කුස සිසාරා පියඹා ගිය අතීත දවස්, ඇය හා එකම කැදැල්ලක උණුසුමේ ගෙවූ දවස්, ඔහුගේ මතකයේ යළි යළිත් සිතුවම් පටක් සේ ඇඳී යන්නට ඇත.......
No comments:
Post a Comment