ඔබත් මමත් සිටිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකට දෝ
ඔබත් මමත් අප දෙදෙනකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු ….
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු....
අවි ගැටෙනා බිම් තලය පුරා යුධයේ ගිනි දැල් පැතිරෙන්නේ
දුක් විලපයයි මිනිසුන්ගේ …….
යුධ වැදී කුමට මේ එකම පොලව මත
එකම ලෙයින් අප සැදුනේ
එකම සුසුම් ළය රැඳුනේ
රකිමු මිනිස්කම් බේද නොවී
කුල ගොත් උස් මිටිකම් දුරලා
සතුරු සිතුම් අත් හැරලා
කුස ගින්න අවි දරා දැයේ ලපටි සිත්
කඳුළු පිසිමු දරුවන්නේ... සතුට බෙදමු මිහි මඩලේ....
මිනිසාට මිනිසා සතුරු නොවන සමාජයක් පිලිබඳ වූ සුබ සිහිනයක් මම දකිමි. එය කවදා කෙසේ කෙලෙස ඉටු වේද යන්න නොදන්නා නමුත් එය සිදු විය යුත්තක් ලෙස විශ්වාස කරමි. ජගත් වික්‍රමසිංහයන්ගේ හඬින් ගැයෙන මේ ගීතයේ තනුව හිතට සියුම් වේදනාවක් රැගෙන එයි. බල තණ්හාවෙන් යුද වැදෙන ලෝකයක් තුළ පීඩාවට පත් වන්නේ සටන අවුලන්නෝ නොවේ. අසරණ ජීවිත පමණක් සීමිත බල ලෝබී පිරිසකගේ බිලි බවට පත් වෙයි. දරුවන්ට පියවරු මවුවරු අහිමි කළ, මවු පියන් හට දරුවන් අහිමි කළ විනාශකාරී යුද ගිනි දැල් තවත් කුමටදැයි රචකයා ප්‍රශ්න කරයි. එකම පොලෝ තලයක් මත, කුසගින්න පිපාසාව සමානව දරනා ශරීර ඇතිව ඉපිද තමා හා සමාන තවත් මිනිසෙකුට එදිරිව අවි එසවිය හැක්කේ කෙසේද? අනේකවිද බෙදීම් මත එකිනෙකා මරාගනිමින් සටන් කරන්නට නොව හෙට දවසේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, දුප්පත්කමට,කුසගින්නට එරෙහිව සටන් කරන මෙන් කෙරෙනා ආයාචනයක් මේ ගීතය තුළ කියැවේ.
Friday, October 10, 2014
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment