Saturday, May 16, 2015

ඩොලර් 50 (පරිවර්තනයකි)

ඔහු කාර්යබහුල පියෙකි. එවැනි කාර්යබහුල අවස්ථාවක ඔහුගේ කුඩා පුතු පැමිණ ඔහුව අමතයි..... මේ ඔවුන් අතර වන සංවාදයයි....


පුතා : තාත්තේ මං ඔයාගෙන් දෙයක් අහන්නද....?

තාත්තා : ඔව් පුතේ මොකද්ද....?
පුතා : තාත්තේ තාත්තා පැයකට කීයක් විතර හොයනවද...? මං අහන්නේ සල්ලි වලින්...?
තාත්තා : ආහ්... ඒක ඔයාට අයිති දෙයක් නෙමෙයිනේ... ඇයි ඔයා එහෙම ප්‍රශ්නයක් මගෙන් අහන්නේ....?


පුතා : නෑ මට නිකං දැනගන්න අහන්නේ..... අනේ කියන්නකෝ.... කීයක් විතර හොයනවද...?


තාත්තා : ඔයාට දැනගන්නම ඕනනම් මම කියන්නම්... මම පැයකට ඩොලර් 100ක් විතර හොයනවා...

එම අවස්ථාවේ දරුවා හිස සලන්නට වූ අතර කිසිවක් පිළිබඳව කල්පනා කරන බවක් දිස් විය.....අනතුරුව ඔහු නැවතත් පියාව අමතන්නට විය.


පුතා : එහෙනම් මට ඩොලර් 50ක් දෙන්නකෝ....


පියා මෙයින් කෝපයට පත් වූ බවක් පෙනෙන්නට විය. ඔහු තරමක් දැඩිව සිය පුතු ඇමතීය

තාත්තා :      ආහ් ඒකටද තමුසේ මේ තරම් වෙලා තෙපරබබා මගෙන් ඕක ඇහුවේ. මගෙන් සල්ලි කීයක් හරි කඩාගෙන වැඩකටනැති සෙල්ලම් බඩුයි අනිත් වැඩකට නැති දේවල් වලටයි නිකරුනේ නාස්ති කරන්නනේ ඔය හදන්නේ. යනවා තමුන්ගේ කාමරේට ගිහින් නිදාගන්නවා. ටිකක් හිතනවා තමුන් කොයි තරම් ආත්මාර්ථකාමීද කියලා..... මම දවස තිස්සේ මහන්සි වෙලා හම්බු කරනවා ඔයාට ඒවා සෙල්ලමක් වෙලා... යනවා...
කුඩා දරුවා නිහඬව ඔහුගේ කාමරය දෙසට පිටත් විය. කාමරයට වැදුණු ඔහු දොර වසාගන්නා හඬ පියාට ඇසුණි. පියා පසෙකින් වාඩිවී තම පුතුගේ ඉල්ලීම ගැන සිතන්නට විය. මොනතරම් කපටියෙක් වෙලාද මේකා මගෙන් ප්‍රශ්න අහලා සල්ලි කීයක්හරි කඩාගන්න...
පැයකට පමණ පසුව පියා තරමක් සංසුන් වූ අතර ඔහු නැවතත් සිතන්නට විය. "සමහරවිට එයාට ඇත්තටම ඕන මොනවාහරි දෙයක් සල්ලි වලට ගන්න ඕන උනාද දන්නෙත් නෑ.... ඇත්තටම එයා නිතරම ඒ විදිහට සල්ලි ඉල්ලන්නෙත් නැහැනේ..... බලමු..." ඔහු තම කුඩා පුතුගේ කාමරය දෙසට යන්නට විය. ඔහු දොර හැර බලන විට කුඩා දරුවා ඇඳේ පැත්තකට හැරී නිදා සිටියේය.


තාත්තා : පුතා ඔයා නිදිද......?


පුතා : නෑ තාත්තේ.... මම නැගිටලා ඉන්නේ...


තාත්තා : හ්ම්ම්.... මම හිතුවා... කලින් ඔයාට ටිකක් සැර උනත් ඒ ගොඩක් කාලෙකට පස්සේ.... මෙන්න එහෙනම් ඔයා ඉල්ලපු ඩොලර් 50


පුතා : ඕහ්.... ගොඩක් ස්තූතියි තාත්තේ....!


අනතුරුව කුඩා දරුවා තමාගේ කොට්ටය ගෙන එහි වූ යමක් සොයන්නට විය. කිසියම් දෙයක් ඒ තුළින් එළියට ගත් ඔහු එය දිගාරින්නට උනා. එහි තවත් මුදල් නෝට්ටු තිබෙන බව පියාට පෙනුණු අතර ඔහුට නැවත තරහක් ඇති විය. කුඩා දරුවා හෙමින් හෙමින් මුදල් ගණන් කරන්නට විය. අනතුරුව ඔහු හිස ඔසවා සිය පියා දෙස නැවතත් බැලීය.


තාත්තා : ඇයි ඔයාට තවත් සල්ලි ඕන උනේ ඔය සල්ලි තව තියෙනවනේ.....?


පුතා : මට ඇති තරම් තිබුණේ නැහැනේ... දැන් හරි හරියටම ගාණට තියෙනවා.....
තාත්තේ... මගේ ලඟ දැන් ඩොලර් 100ක්ම තියෙනවා. ඉතිං මට ඔයාගේ වෙලාවෙන් එක පැයක් ගන්න පුළුවන්ද දැන්...? අනේ එහෙමනං හෙට ටිකක් වේලාසනින් ගෙදර එන්න පුළුවන් නේද...? මට තාත්තා එක්ක එකට රෑ කෑම ගන්න ඕන" ඔහුගේ මේ ඉතා සුළු ඉල්ලීමත් සමග පියා අභ්‍යන්තරික වේදනාවකින් මිරිකී ගියා. ඔහුගේ දෑසට නොදැනීම කඳුළු උනන්නට උනා. ඔහු හෙමින් තම කුඩා පුතු වටා තම දෑත් දමා ඔහුව තමා අසලට ගෙන තදින් වැළඳගත්තා.

(ජීවිතේ සමහර දේවල් මුදල් වලට වඩා ගොඩක් වටිනවා. ඒ නිසා ජිවිතේ දැනෙන තැනින් අල්ලාගන්න. නැතිනම් ඒ දේවල් ඔබට මග හැරේවි.........)


පරිවර්තනය - 
_අයේෂ් ලියනගේ_



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators