Thursday, May 7, 2015

අයින්ස්ටයින්ගේ අමුතු පුරුදු

විසි වන සියවසේ පහළ වූ ශ්‍රේෂ්ට බුද්ධිමතෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් යනු ඉතා ප්‍රකට චරිතයක්. මේ ප්‍රකට චරිතය සතු වූ ඇතැම් අමුතු පුරුදු ඔහුගේ චරිතයට අමතර විශේෂත්වයක් ගෙන ආ බව කිව යුතුයි. විශේෂයෙන්ම ඔහුගේ ළමා කාලය තුළ ඔහු ඉගෙනීම සඳහා ඉතා දුර්වල සිසුවෙකු විය. වයස 16 දී සූරිච් නුවර "Swiss Federal Polytechnic" ආයතනයට සිසුන් බඳවාගැනීමේ විභාගයෙන් ඔහු අසමත් වනවා. ආරම්භය එසේ නමුත් පසු කලෙක සාපේක්ෂතාවාදය නම් මුලධර්මය ලොවට හඳුන්වාදෙන ඔහු ඒ පිළිබඳව වූ කෘති 900කට අධික ප්‍රමාණයක් ලියා පලකරයි.

අයින්ස්ටයින් සතුව කැරලි ගැසුණු සහ තරමක් දිගට වැවුණු කොණ්ඩයක් තිබූ අතර මේ ඒ පිළිබඳව කතාවකි. වරක් New York විශ්ව විද්‍යාලය අසලින් අයින්ස්ටයින් යමින් සිටි මොහොතක එහි සිටි සපතේරු ළමයෙකු ඔහුව අමතනවා. ඔහු අයින්ස්ටයින්ගෙන් අසන්නේ සපත්තු ඔප දමා දෙන්නදැයි කියා. එවිට හිස සැලූ අයින්ස්ටයින් මෙසේ පවසනවා " නෑ ඕන නෑ... ඒත් ඔබ ඔබේ මුහුණ සෝදාගෙන එනවනම් මම ඔබට සෑහෙන මුදලක් දෙන්නම්" එසැනින් එම ළමයා පාරේ පසෙක වූ ජල කරාමයක් වෙත ගොස් මුහුණ සෝදාගෙන පැමිණෙනවා. ඒ අවස්ථාවේ ඔහුව අගය කළ අයින්ස්ටයින් ඔහු අත සෑහෙන මුදල් ප්‍රමාණයක් තැබූ අතර අනතුරුව ඔහු මෙසේ විමසනවා. " දැන් ඔබ ඔය මුදල් වලින් මොනවාද කරන්න හිතන් ඉන්නේ?" ඔහු දෙස මද වේලාවක් බලා සිටින සපතේරු දරුවා මෙසේ පවසනවා " මේ මුදළෙන් යම් ප්‍රමාණයක් මම ඔබට දෙනවා ඔබ ඔය කමකට නැති කොණ්ඩය පිළිවෙලකට කපාගන්නවානම්...."

බොහෝ විට වැදගත් දෑ අමතක වීමේ ගතියක් අයින්ස්ටයින් හට විය. වරක් ඔහු භෝජනගරයකට ගොස් තම කබාය එහි වූ කබා එල්ලන ස්ථානයක තබා අහාර ගෙන නැවත කබාය හැඳගෙන එළියට පැමිණ ඇත. මද දුරක් ගොස් එහි වූ සාක්කු වලට අත් රුවාගත් අවස්ථාවේ එහි කිසිවෙකුගේ අත්මේස් තිබෙන බව දැනී ඇත. ඔහු පෙරළා අවන්හලට ගොස් එහි වූ කළමණාකරුට පවසා ඇත්තේ කිසිවෙකු හෝ තමාගේ සාක්කුවේ අත් මේස් දමාගොස් ඇති බවයි. නමුත් අයින්ස්ටයින් හැඳ සිටින්නේ අන් අයෙකුට අයත් කබායක් බව එහි වූ ප්‍රමාණයෙන් කළමණාකරු හට හඳුනාගත හැකි විය. ඒ බව ඔහුට පහදා දීමට විශාල වෙහෙසක් ගැනීමටද සිදු විය.

අයින්ස්ටයින් හට දුරකථන අංක මතක තබා ගැනීම සම්බන්දවද ගැටළු විය. යමෙකු ඔහුගෙන් දුරකථන අංකය මතකදැයි විමසා සිටියහොත් ඔහු පවසන්නේ "වෙන තැනකින් සොයා ගන්න පුළුවන් අංකයක් මම මොකටද මගේ ඔළුවට දාගන්නේ යනුවෙනි" ඇතැම් අවස්ථා වල ඔහු තම නිවසට කතා කොට "මේ අයින්ස්ටයින් මහත්මයාගේ ගෙදරද ? යනුවෙන් විමසන බවත් එසේ විමසීමෙන් ඔහු එය ප්‍රත්‍යක්ෂ කරගන්නා බවත් ප්‍රසිද්ධ කරුණකි.

බෙල්ජියම් රාජ්‍යයේ අග රැජිනගෙන් වරක් අයින්ස්ටයින් හට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඇරයුම් ලැබුණි. දුම්රියෙන් බෙල්ජියම් රාජ්‍යයට පැමිණෙන අයින්ස්ටයින් පිළිගැනීමට රාජකීය පිරිවරක් පැමිණ සිටියහ. දුම්රිය පැමිණි අතර මිනිසුන් බැස යද්දී අයින්ස්ටයින්ද දුම්රියෙන් එළියට පැමිණියේය. වයලිනයද අත දරාගෙන පරණ වූ කෝට් බෑයක් හැඳසිටි අයින්ස්ටයින් හඳුනාගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. අයින්ස්ටයින්ද කිසිදු වගක් නොමැතිව පයින්ම මාළිගාව සොයා පැමිණ ඇත. රාජකීය පිළිගැනීමේ නිලධාරීන් අවසානයේ ගොස් රැජිනට පවසා ඇත්තේ අයින්ස්ටයින් පැමිණියේ නැති බවයි. පැය කිහිපයකට පසුව වයලිනයක් අතැතිව පැමිණි මිනිසෙක් තමාට රැජිනගෙන් ආරාධනාවක් ඇති බව පවසමින් පිවිසුම් දොර අසල සිටින බව දැනගැනීමට ලැබී ඇත. අනතුරුව ඔහු පිළිගත් අතර සිදු වූ දේ කුමක්දැයි රැජින විමසා ඇත. " කවුදෝ කට්ටියක් කාවහරි පිළිගන්න වගේ උන්නා මම දැක්කා. ඒත් වැඩේ කියන්නේ ඒ අය මාව පිළිගන්න ඉන්න අය බව මට අමතක උනානේ......"

                                    බයිසිකල් පැදීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයක් විය 

                          වයලීන් වාදනයට සහ පියානෝව වැයීමට අයින්ස්ටයින් දක්ෂයෙකි 

                                                                  ළමා වියේදී 



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators