Tuesday, June 9, 2015

Korean තරු සහ කොරියන් Mania

කොරියානු රූපවාහිනි කතා මාලාවන් (TV series) ආසියානු සමාජය පුරා සුළඟක් ලෙස පැතිර යන සමයක් ලෙස මෙම කාල වකවානුව හැඳින්විය හැකිය. ඒ හා සමග සමීක්ෂණය කරන ලද කාරණා සහ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර සලකා බැලූ විට පෙනී ගිය කරුණක් වූයේ මෙම නිර්මාණ නරඹන පිරිස අතරින් බහුතරය තරුණියන් බවයි. නව යොවුන් වියේ පසුවන විශේෂයෙන්ම පාසල් යන වයස් කාණ්ඩ වල තරුණියන් මෙම රූපවාහිනී කතා මාලාවන්ට වැඩි වශයෙන් කැමැත්තක් දක්වයි. එය ප්‍රතිශතයක් ලෙස ගත්විට 50% ත් 60% ත් අතර පවතින අතර ඉතිරි සංඛ්‍යාව නව යොවුන් විය ඉක්මවූ තරුණියන් සහ මැදි වියේ කාන්තාවන්ගෙන් යුක්ත බව සඳහන්ය. මෙම තත්වය වටහාගත් කොරියානු රූපවාහිනී ආයතන අතර දැඩි තරඟකාරීත්වයක් මේ වනවිට නිර්මාණය වී අතර ඔවුන් හැම විටම එම නිර්මාණ විදේශ රසිකයන් අරමුණු කරමින් නිර්මාණය කරන බවට වාර්තා වේ. මේ හරහා එම කතා මාලාවන් වල රංගනයේ යෙදෙන රංගන ශිල්පීන් හට විශාල අදායම් මාර්ග පෑදී ඇත. ඔවුන් සතුවන ඉල්ලුම නිසාවෙන් වෙළඳ දැන්වීම් සහ අනෙකුත් ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන් හට ලැබෙන අවස්ථාවන්ද  පුළුල් වී ඇත.  අප මෙහි අවධානයට ලක් කරන්නේ වර්තමානයේ ඉතා ජනප්‍රිය මෙන්ම වැඩි අදායම් ලබන කොරියානු ජාතික රංගන ශිල්පීන් 10ක් පිළිබඳවයි. ඔවුන් පිළිබඳව කෙටි විස්තරයක්ද මෙහි දක්වා ඇත.


KIM SOO-HYUN


1988 වසරේ උපන් ලාබාල තරුණයෙකු වන මොහු ජනප්‍රිය ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී. “Jungle Fish” නම් නිර්මාණය හරහා 2007 වසරේ ඔහු ක්ශේත්‍රයට පිවිසේ. “My Love from the Star” නම් නාටකය ඔස්සේ ඔහු වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ අතරම “Moon Embracing the Sun” සහ “Dream High” නම් නිර්මාණද ඔහු රංගනයෙන් දායක වූ ජනප්‍රිය නිර්මාණ වේ. Baeksang සම්මාන ප්‍රධාන උත්සවයේදී ජනප්‍රියතම නළුවාට සහ හොඳම නවක නළුවා යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට ඔහු සමත් විය.

LEE MINHO


2009 වසරේ නිර්මාණය වූ “Boys Over Flowers” හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පියෙකි. කොරියාව තුළ පමණක් නොව අනෙක් රටවලත් මෙරට තුළත් විශාල උන්මාදයක් ඇතිකළ නළුවෙකි. තරුණියන් අතර ජනප්‍රිය චරිතයක් ලෙස ඔහු ප්‍රකටය. “City Hunters”, “Personal Taste” සහ “The Heirs” යන නිර්මාණ ඔස්සේද ඔහු සිය ජනප්‍රියත්වය ඉහළට ඔසවන ලදී. ජනප්‍රියතම සහ දක්ෂතම නළුවා ලෙස සම්මාන 33 ලැබීමට ඔහු සමත්ව ඇත.

LEE JONG-SUK




2009 වසරේ ක්ෂේත්‍රය හා සම්බන්ද වූ ඔහු “School 2013” ඔස්සේ ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට සමත් විය. “I Can Hear Your Voice”, “Doctor Stranger” සහ “Pinocchio” යනු ඔහු විසින් රංගන දායකත්වය දැක්වූ අනෙක් නිර්මාණයි. හොඳම තරුණ නළුවා සම්මානය සඳහා ඔහු කිහිප වරක් නිර්දේශ විය. 

KIM WOO-BIN



2009 වසරේ සිට මෝස්‌තර නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කරන මෙම තරුව 2011 වසරේ සිට රංගනයේද නියැලේ. “A Gentleman’s Dignity” සහ “To the Beautiful You” යන මාලා නාටකයන්හි ප්‍රධාන සහාය චරිත ඔස්සේ ඔහු ජනප්‍රියත්වයට පත් වෙයි. 2014 වසරේ “The Con Artists” යන නිර්මාණයටද සිනමාපටයක් වන “Twenty” යන නිර්මාණයටද ඔහු දායකත්වය දැක්වීය.

HYUN BI

1982 වසරේ උපන් මොහු “My name is Kim Sam-soon” නම් නිර්මාණය ඔස්සේ ජනප්‍රියත්වයට පත්විය. දැනට තම 30 වන විය පසුකොට මැදි වියට එළඹෙමින් සිටින මෙම තරුව සතු ජනප්‍රියත්වය තවම අඩු වී නැති බව ඔහුට ඇති ප්‍රතිචාර ඔස්සේ පෙනී යයි. “Secret Garden” මාලා නාටකය ඔහුගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කළ නිර්මාණයක් වන අතර ඔහු සම්මාන බොහෝමයකටද හිමිකම් කියයි. 


PARK YOO-CHUN



මොහු හැකියාවන් බොහෝමයක් ඇති නිර්මාණකරුවෙකු ලෙස ප්‍රකට චරිතයකි. නළුවෙකු, ගායකයෙකු, නර්තන ශිල්පියෙකු සහ මෝස්‌තර නිරූපන ශිල්පියෙකු ලෙස ඔහු තම හැකියාවන් ඉදිරිපත් කරයි. කොරියාවේ ප්‍රකට සංගීත කණ්ඩායම් කිහිපයක් සමගම ගායකයෙකු ලෙස ඔහු කටයුතුකොට ඇත. ඔහුගේ රංගන දිවිය ආරම්භ වන්නේ  2010 වසරේ සිටයි. 

SONG JOONG-KI



2008 වසරේ විකාශනය වූ “A Frozen Flower” නම් නිර්මාණය ඔස්සේ මොහු සිය ජනප්‍රියත්වය ඔසවා තබයි. “Heart Paws” සහ “2Penny Pinchers” “Sungkyunkwan Scandal” ඔහු දායක වූ අනෙක් නිර්මාණයි. 2012 වසරේ ඔහු විසින් ප්‍රධාන චරිතයට පණපෙවූ “The Innocent Man” නිර්මාණය ඔස්සේ කොරියාව තුළ විශාල ජනප්‍රියත්වයක් ලැබීමට SONG JOONG-KI සමත් විය.

GONG YOO



36 වන වියේ පසුවන මෙමා තරුව “Biscuit Teacher” සහ “Star Candy” ඔස්සේ කොරියානු රූපවාහිනී තිරය ආක්‍රමණය කරයි. “School”, “Whenever the Heart Beats”, “20 Years” සහ “One Fine Day” යනු ඔහු දායක වූ අනෙකුත් ජනප්‍රිය නිර්මාණ වේ.

JANG GEUN-SUK



මොහුද නළුවෙක්ට අමතරව ගායකයෙකු සහ නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. “You’re Beautiful”, “Love Rain”, “Mary Stayed out All Night”, සහ “Pretty Man” යනු ඔහුගේ අනෙක් නිර්මාණයි.

LEE BYUNG-HUN



1970 වසරේ උපන් මොහු මේ වන විට සිය 40 වන වියද ඉක්මවා සිටී. ධනවත් පවුලක උපත ලබා ඇති මොහු 21 වන වියේදී ක්ෂේත්‍රය හා සම්බන්ද වී ඇත. “I Come with the Rain” හි ඔහුගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ලක් විය. සිනමා නිර්මාණ වල වැඩි වශයෙන් රංගනයේ නියැලීමට ඔහු කැමැත්තක් දක්වන බව සඳහන්ය.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators