Saturday, June 6, 2015

Voyager The Interstellar Mission - විශ්වය සිසාරා

පෘතුවියෙන් එපිට වූ විශ්වය ගැන මිනිසාට කුතුහලය ඇති වූදා පටන් අද දක්වා ග්‍රහ තාරකා, ඉර හඳ, මන්දාකිනි, පිටස්තර ජීවයන් පිළිබඳව වූ පර්යේෂණ වල නිමක් නැත. අභ්‍යවකාශය ජයගත් මිනිසා අනතුරුව සඳ තරණය කළ අතර එතැනින් නොනැවතී සෞරග්‍රහ මණ්ඩලය ගවේෂණය කරන්නටත් එතැනින් එහා ගිය අනන්ත විශ්වය සෙවීමටත් උත්සාහ කරයි. 1970 දශකයේ ඇමරිකානු නාසා ආයතනය ආරම්භ කරන "Voyager The Interstellar Mission" යනු එහි එක් සංධිස්ථානයකි. එය අතිවිශාල පරිශ්‍රමයකට සහ පර්යේෂණ ගණනාවකට පසුව බිහි වූ දැවැන්ත ව්‍යාපෘතියකි. මෙහි මූලික අරමුණ වූයේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහ වස්තූන් පිළිබඳව පර්යේෂණ පැවැත්වීම සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත කිසියම් දියුණු ජීවයක් පවතීද යන්න සොයා ගැනීමත්ය.


එකී අරමුණින් අභ්‍යවකාශගත කරන ප්‍රථම යානය වන්නේ "Voyager 2" යානයයි. එය 1977 වසරේ අගෝස්තු 20 වන දින Cape Canaveral හිදී අභ්‍යවකාශගතකරන අතර ඉන් සති දෙකකට පසුව සැප්තැම්බර් 5 වන දින Voyager 1අභ්‍යවකාශගතකරනු ලබයි. මෙම අවස්ථාව වන විට Voyager 1 යානය පෘථිවියේ සිට 19,562,255,449 KM ඈතට ගමන් කරමින් සිටින බවට වාර්තා වේ. Voyager 2 යානය 16,083,933,980 KM දුරක් ගෙවා හමාරය.
Voyager 1 සහ 2 යන යාන ද්විත්වයේම Golden Record නම් වූ කේතගත කළ මතකයක් තැන්පත් කොට තිබේ. 2012 අගෝස්තු මාසයේ 25 වන දින වොයේජර් 1 යානය අන්තස්තාරීය අවකාශය (interstellar space) වෙත ගමන් කරන ලද බවට තොරතුරු පෘතුවියට පැමිණ ඇත. මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද දැනට පවත්නා විශ්වයේ වැඩිම දුරක් ගිය යානය ලෙස (Most distant human-made object in existence) සැලකේ.

වොයේජර් 1 යානය බ්‍රහස්පතී සහ සෙනසුරු ගවේෂණයට සහ නව චන්ද්‍රයන් සොයා ගැනීමට මෙන්ම සක්‍රිය ගිනිකඳු මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත වටිනා තොරතුරු ලබා දීමට දායක විය. මෙහි විශේෂත්වය වන්නේ මෙම වොයේජර් යානා දෙක තුලම තැන්පත්කර ඇති රත්තරන් තැටියයි (Golden Record). මෙය අඟල් 12 කින් යුත් රන් ආලේපිත තඹ තැටියකි. එහි පෘතුවිය පිළිබඳව වූ ජායාරූප 115ක් ඇති අතර භාෂා 55 ක සුභපැතුම් පණිවුඩ ඇතුලත්ය. මෙම පින්තුර තුළ විවිධ ජාතින් සංස්කෘතීන් නිරුපණය කරන රූප ඇතුලත්ය. මෙහි අන්තර්ගත පින්තූර තුල පෘථිවි ජීවීන්ගේ නිර්මාණය වීමේ ක්‍රියාවලිය හා මිනිස් ක්‍රියාකාරකම් දක්වා ඇත. ඊට අමතරව මෙහි පෘථිවියේ ස්වභාවික ශබ්ද ඇතුලත් ය. ඒ අතර තල්මසුන් කුරුල්ලන් ආදී විවිධ සතුන්ගේ සහ ගොරවන ශබ්දය සුළං ශබ්දය සහ රළ ගසන ශබ්ධ මෙහි ඇතුලත් වන අතර තවද මෙහි විනාඩි 90 ක ශබ්ධ කාලය තුල පෙරදිග හා අපරදිග සංගීත කාණ්ඩ ගණනාවක්ද ඇතුලත්ය. මෙයට අමතරව මෙහි එවකට ඇමරිකානු ජනාධිපති වරයා වූ ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කර්ට් වැල්ඩ්හෙයිම් (Kurt Waldheim) ගේ මුද්‍රිත පණිවුඩද අන්තර්ගත වේ.


භාෂා 55 අතුරින් මුලින් ම ඇත්තේ Sumer නම් වූ වසර 6000කට වඩා පැරණි "මෙසපොතේමියා භාෂාව" වන අතර අවසන් භාෂාව ලෙස ඇත්තේ "Wu" නම් වූ නව චීනයේ උපභාෂාව යි. මේ අතර සිංහල භාෂාවේ "ආයුබෝවන්" යන්න ද මෙහි ඇතුලත් වී ඇති බව පැවසිය යුතුමය. මෙම Golden Record එක මෙහි ඇතුලත් කර ඇත්තේ පෘථිවිය පිලිබඳ වූ නිරූපනයක් ලෙස වන අතර එය පිටස්තර ජීවයකට (extraterrestrial intelligence) පෘථිවියේ සැකැස්ම හා දැනුමක් ලබාගැනීමට අවශ්‍ය තොරතුරු සපයා දීමකි.


මෙම වොයෙජර් යානා තුල ඇතුලත් Golden Record තුල අන්තර්ගත දෑ විස්තරාත්මකව සඳහන් කරන ලද මෙන්ම ඊට හේතු වූ පසුබිම් කතාව "Murmurs of Earth" නම් කෘතිය තුල විස්තරාත්මකව සඳහන් කර ඇත. මෙම "Murmurs of Earth" කෘතියේ ප්‍රථම මුද්‍රණය 1978 සිදු වූ අතර නැවත මුද්‍රණයක් 1992 දී සිදුවිය. එම සියලු පිටපත් විකිණී අවසන්ය. අවාසනාවකට මෙන් එය නැවත මුද්‍රණයක් සිදු කර නැත. එම නිසා මෙම Golden Record තුල ඇති දේ පිලිබඳ සඳහන් දුර්ලබය. කෙසේ හෝ අප මෙම Golden Record හි සම්පුර්ණ අන්තර්ගතය ඔබට Download කර ගැනීම සඳහා මෙසේ දක්වා සිටිමු. පහත Link එක මත click කිරීම මගින් ඔබට "Murmurs of Earth" ලබාගැනීමට පහසුකම් සපයා ඇත.



                                                    DOWNLOAD


               Voyager 1
         
            Voyager 2


           Voyager Golden Record



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators