Friday, July 3, 2015

සැබෑ ලෝකයේ දුටු "සුරඟන ලෝකය" - Faerie Magazine

ලෝ ප්‍රකට Faerie සඟරාව පිළිබඳව ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. ලෝ පුරා සෑම වයස් කාණ්ඩයකම අය අතර ඉතා ජනප්‍රිය මෙම සඟරාව ඔස්සේ ඔවුන් ප්‍රකාශයට පත් කරන කරුණු වල විශේෂත්වයක් තිබෙනවා. Faerie යන්නේ අර්ථය "මායාත්මක" යන්න නිසා ඔවුන්ගේ සඟරාවේ තේමාව වන්නේද "මායාවයි". අප සුරඟන කතාවක සිතින් මවාගන්නා, සුරඟන සිනමාපටයක ඇසින් දකිනා භුමි දර්ශන, අලංකාර නිවෙස්, මනස්කාන්ත විලාසිතාවන් සැබෑ ලෝකයේද තිබෙන බව ඔවුන් පෙන්වන්නට උත්සාහ කරනවා. එපමණක් නොව සංචාරකයන් උදෙසා වූ ප්‍රවර්දන කටයුතුද ඔවුන්ගේ සඟරාව ඔස්සේ සිදු වනවා. අතිදක්ෂ සහ නිර්මාණශීලි ජායාරූපශිල්පීන් බොහෝමයක් මෙම සඟරාව සමග එක් වී වැඩ කටයුතු කරන අතර ඔවුන්ගේ කැමරා ඇස රසිකයන් මායා ලෝකයකට රැගෙන යාමට ඔවුන් සමත් වනවා. මෙහි දැක්වෙන්නේ ඔවුන්ගේ කැමරා ඇසින් දුටු අතිශය අලංකාර ජායාරූප කිහිපයකි. මෙම ජායාරූප තාක්ෂණික වශයෙන් නිර්මාණය කළ ඒවා නොවන අතර සැබෑ ලෝකයේ සැබෑ ලෙස දැකිය හැකි ස්ථාන බවද සඳහන් කළ යුතුය.

                                 Hobbiton නවසීලන්තය 

                          දකුණුදිග ප්‍රංශයේ අත්හැර දැමූ දුම්රිය මාර්ගයක් 

                                     Forest bridge ඉතාලිය 

                                      Cheshire බ්‍රිතාන්‍යය 

                                 Dartmoor ජාතික උද්‍යානය 

                                           බෙල්ජියම 
                                    Jökusarlon අයිස්ලන්තය 





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators