Sunday, July 26, 2015

අයාලේ ගිය කාලේ.... මාලේ ගැයූ තාලේ.....

ජැමෙයිකාවේ මාලේගේ රස්තෆාරි සංස්කෘතිය ලංකාවට එනකොට "ෆාරි" හැලිලා "රස්තා" වෙනවා. අන්තිමට ඒක අපේ විදිහට වෙනස් වෙනවා. අන්තිමට රස්තා වලට සංශෝදන එකතු වෙලා "රස්තියාදු" වෙනවා. නමුත් "රස්තෆාරියෙක්" වෙච්ච මාලේ අපේ විදිහේ රස්තියාදුකාරයෙක් නෙමෙයි කියලා දන්නේ එහෙමත් එකෙක්. ඔව්. ඔහුත් රස්තියාදුකාරයෙක් තමයි. ඒත් මාලේගේ රස්තියාදුව ඇතුලේ සෙවීමක් තිබුණා. දාර්ශනික බවක් තිබුණා. විමුක්තිය යැදීමක් තිබුණා. බල අධිකාරියට විරුද්ධ සටන් පාඨ තිබුණා. කොටින්ම මාලේගේ රස්තියාදුව ඇතුලේ ගැඹුරක් තිබුණා. අපේ කොදෙව්වේ රස්තියාදුවට වඩා මාලේගේ කොදෙව්ව ඇතුලේ මාලේ ගියපු රස්තියාදුව වෙනස් උනේ එහෙමයි.


Cedella Marley නම් කළු ගැහැනියකගේ කුසේ Norval Marley නම් සුදු මිනිසෙක්ට දාව මාලේ ඉපදෙන්නේ 1945 ජනවාරි මාසේ 6 වෙනිදා ජැමෙයිකාවේ Nine Mile හිදී. ඇත්තටම ගත්තොත් මාලේ පූර්ණ වශයෙන් කල්ලෙකුත් නොවන පූර්ණ වශයෙන් සුද්දෙකුත් නොවන වර්ණ දෙකක මිශ්‍රණයක්. කතෝලික පරිසරයට හැදී වැඩෙන ඔහු වරෙක පවසනවා "සුද්දෙකුත් නොවෙන කල්ලෙකුත් නොවෙන මා අයත් වන්නේ දෙවියන් වහන්සේට විනා අන් කවරෙකුටත් නොවන බව". නමුත් පසු කාලීනව ඔහු තීරණය කරනවා තමන් අයත් වන්නේ කල්ලන්ගේ සමාජයට බව. සමේ වර්ණයත් සමාජ පීඩණයත් ඔහුට බල කරනවා උඹ කල්ලෙක් බව පිළිගනින් කියා. මේ වකවානුව ලෝකයේ වර්ණ භේදවාදය තදින් පැතිරී ගිය සමයක්. එක් පසෙකින් ඇමරිකා එක්සත් ජනපදය තුළත් අනෙක් පසින් අප්‍රිකානු මහාද්වීපය තුළත් නිරන්තරයෙන් හට ගත්තා වූ වර්ණ භේදවාදී සටන් මාලේගේ ජීවන දර්ශනය ඇතුලේ විපර්යාස නිර්මාණය කරන්න පටන් ගන්නවා. පසු කාලීනව ඔහු අතින් බිහි වන විශිෂ්ට නිර්මාණ වන "Black man redemption" "Black survivor" වැනි ගීත එකී විපර්යාසයේ ප්‍රතිපලයක් වන්නට ඇත.



අධ්‍යාපනය පරම අරමුණ විය යුතුයැයි විශ්වාස නොකළ මාලේ සිය පාසල් ගමනට තිත තබන්නේ වයස 14ක් තරම් වූ කුඩා වයසකදී. එතැන් පටන් ගිටාරය සහ ගායනය ඔහුගේ ජීවිතය බවට පත් වන්නේ අනාගත දෛවය ඔහු වෙත බාර කරමින්. 1962 වසරේ පටන් සංගීතපට එලි දැක්වීමට මාලේ කටයුතු කළද ඔහුගේ ඇල්බමයක් ප්‍රථමයෙන් ජනප්‍රිය වන්නේ 1965 වසරේය. ඒ The Wailing Wailers නම් ගීත ඇල්බමයයි. කෙසේ වෙතත් ඒ වන විට ඔහු "The teenagers" නම් සංගීත කණ්ඩායම ඔස්සේ යම් ජනප්‍රියත්වයක් හිමිකොටගෙන සිටියේය. 1966 වසරේදී "රීටා ඇන්ඩර්සන්" නම් තරුණිය හා විවාහ දිවියට ඇතුල් වන මාලේ ඇමරිකා එක්සත් ජනපදය බලා පැමිණෙන්නේ ඔහුගේ මව එවක එහි වාසය කළ නිසයි. ඇමරිකාවට පැමිණ ගීත ගායනාකොට ජීවත්වීමට නොහැකි බව තේරුම්ගත් මාලේ හට සාමාන්‍ය කම්කරුවෙකු ලෙස ඇමරිකානු කර්මාන්තශාලාවන්හි සේවය කිරීමට සිදු වෙයි. මේ ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රීය සංධිස්ථානයකි. ලිබරල් ධනවාදී රාජ්‍යයක් තුළ තැලෙමින් මිරිකෙමින් වර්ණ භේදවාදයන්හි ගොදුරු වෙමින් ජීවත්වන සිය සනුහරේ මිනිසුන්ගේ දුක මාලේ අත් වින්දේය.


උපතින් කතෝලිකයෙකු වුවත් මාලේ මේ වන විටත් රස්තෆාරී උපසංස්කෘතිය අදහන්නෙක් බවට පත්ව තිබුණි. පෙරලා ඇමරිකා එක්සත් ජනපදයේ සිට ජැමයිකාවට පැමිණි මාලේ නැවතත් සුපුරුදු ගිටාරය අතට ගනී. "The Wailers" නමින් ඇරඹු සංගීත කණ්ඩායම තුළ සිය ආදරණිය සගයන් වූ බනී, බොබ්, පීටර් ටෝෂ් සමග එක්වී රෙගේ තාලය ගීතයට මුසු කරන්නට මාලේ සමත් විය. 1968 සහ 1976 අතර කාලය යනු මාලේ සංගීතය තුන්වන ලෝකයේ මිනිසුන් අතර අතිශය ජනප්‍රිය වූ වකවානුවයි. 1973 වසරේ දීර්ග වෑයමක ප්‍රතිපලයක් ලෙස බිහි වූ "catch a fire" ගීත ඇල්බමය ලොව පුරා ආදායම් වාර්තා තබමින් අලෙවි විය. මෙම ඇල්බමය තුළ මාලේ ගැයූ ගී අතරින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීත ගොන්නක්ම විය. කා අතරත් එකසේ ජනප්‍රිය වූ "Get Up stand up" නම් අධිරාජ්‍ය විරෝධී නව රැඩිකල් රෙගේ ගීතය ඇතුලත් වූයේද මේ ඇල්බමයටයි. 1975 වසරේද නිකුත් කළ "Natty Dread" ඇල්බමයද "catch a fire" ඇල්බමයට නොදෙවෙනි ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය. මේ වකවානුව වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පවා මාලේගේ නව රෙගේ ගීත රැල්ල සුළඟක් සේ හමා යමින් පැවතුනි. "No women No Cry" ගීතය එම ඇල්බමයේ තිබූ අතිශය ජනප්‍රිය ගීය විය. යමක් පැවසිය යුතුය. බොහෝ දෙනෙක් මෙම ගීතයේ අර්ථය වරදවා වටහාගෙන ඇත. ඇතැමුන් සිතනුයේ "No women No Cry" යන්නෙන් අර්ථවත් වන්නේ "ගැහැණු නැතිනම් කඳුළුද නැත" යන්න බවයි. එය එසේ නොවේ. මෙය මාලේ විසින් කාන්තා විමුක්තිය උදෙසා ගැයූ ගීයකි. ඔහු පීඩිත පන්තියේ කාන්තාවට ආමන්ත්‍රණය කරන්නේ "නාඩන්න කඳුළු පිසගන්න" කියාය.


රස්තෆාරී උපසංස්කෘතිය තදින් වැළඳගත් මාලේ නිර්මාංශ දිවියක් ගත කළේය. නමුත් "මරිජුවානා" නැතිනම් ගංජා ඉරීම පුරුද්දක් කොටගෙන සිටියේය. අවිහිංසාව දර්ශනය කොටගත් උප සංස්කෘතියක් වූ රස්තෆාරී දහම තුළ "මරිජුවානා" භාවිතය තහනමක් වූයේ නැත. ඒ සඳහා නීතිය තුළ පවා අයිතියක් ඔවුන් උදෙසා නිර්මාණය කර දී තිබුණි. අවාසනාව නම් මෙරට තුළ ඇතැමුන් බොබ් මාලේ පිළිබඳව නිර්මාණය කොට ඇත්තේ වැරදි චිත්‍රයක් වීමයි. බොබ් මාලේ දර්ශනය නොදත් ඇතැමෙක් බොබ් මාලේ යනු හුදෙක් රස්තියදුකාරී ගංජාකාරයෙක් ලෙස මතුකොට ඇත. සත්‍ය එය නොව මාලේ යනු සම්ප්‍රදායක් තුළ ජීවත් වෙමින් උසස් අරමුණක් උදෙසා සිය හැකියාව මෙහෙයවූවෙකි. බොබ් මාලේ මිය යන්නේ සමේ ඇති වූ පිළිකාමය තත්වයක් හේතුවෙනි. ඔහු අවසන් වතාවට සජීවී සංගීත ප්‍රසංගයකට සහභාගී වූයේ රුසියාවේ පීතර්බර්ග් නුවරදී 1980 වසරේදීය. එම සජීවී ප්‍රසංගයෙන් පසුව ඔහුට වේදිකාව මත පෙරළි කිරීමට පිළිකාව විසින් ඉඩ ලබා දුන්නේ නැත. සියලු සජීවී ප්‍රසංග නවතා දමන ලදී. පිළිකා තත්වය මොළය දක්වා පැතිරී ශාරීරිකව දුර්වල වී ඇමරිකාවේ ෆ්ලොරීඩාහි මියාමි නුවර රෝහලක ඇඳක් මත වැතිර සිටි මේ විමුක්ති ගායකයා 1981 වසරේ මැයි මස 11 වන දින සදහටම දෙනෙත් පියාගත්තේය.

වයස 36දී මියගිය මේ අසහාය ගායකයා මියයෑමට සුළු වේලාවකට පෙර සිය පුතු අමතා "ජීවිතය සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නොවේ" යැයි පවසා ඇත. මාලේ සාමන්‍ය දුක් විඳින මිනිසුන් අතර ජනප්‍රිය වූයේ ඔවුන්ගේ ලෝකය තුළ කිඳා බැස්සේ හුදෙක්ම ගායකයෙක් නිසා නොවේ. ඔහු තුළ ගැබ් වූ කිසියම් මානුෂීය ගුණයක් ඔහුට එසේ වීමට මග පෙන්වා ඇත. ඒ නිසාමයි ලෝකය ඔහුව ගායකයෙක්ට එහා ගිය දර්ශනවාදියෙක් ලෙස අදහන්නේ. වරක් ඔහු ආදරය ගැන පැවසූ ප්‍රසිද්ධ වදනකින්ම මේ ලිපිය අවසන් කරනවා.


"ඔබ කියනවා ඔබ වැස්සට ආදරේ බව, නමුත් වැස්ස වැටෙන විට ඔබ කුඩයක් සොයනවා.

ඔබ කියනවා ඔබ හිරුට ආදරේ බව, නමුත් හිරු එළිය වැටෙන විට ඔබ හෙවනක් සොයනවා

ඔබ කියනවා ඔබ සුළඟට පෙම් කරන බව, ඒත් හුළඟ හමන විට ඔබ කවුළු පියන් වසා දමනවා

ඒ නිසාම මට බියක් දැනෙනවා... මන්ද ඔබ මටත් පෙම් කරන බව පවසනවා....."


_අයේෂ් ලියනගේ_



                                      සිය බිරිඳ රීටා මාලේ සමග 


                                             දරුවන් සමග 





6 comments:

  1. Mulinma kiyanna ona, meka supirima article ekak bro. mama ekenma music lover kenek, especially Bob Marly & Tupac. me 2 nnage Music style eka wenas unath, e songs walin samagayata dena message eka kiyala nima karanna ba, atthatama me 2nna kalu minissun athare devi varu 2nnek. mama oyagen podi illimak karanna kamthiye, puluwan nam Tupac ganth me wage article ekak danna. ape culture eka athin baluwoth tupac watenne mudukkuwaka ipadila, mudukkuwe hadila wadila suddonta sinduwen challenge karapu"Paathaala" Label ekata. eth minissu danagena inna ona eyala ewage thathwekata path une mona hethuwak nisada kiyana eka. oyata puluwan nam Tupac ganth article ekak karanna. ekath me wage success wei kiyala mama hithanawa.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඉස්සරහ දවසක 2pac Shakur ගැනත් ලිපියක් ලියන්න බලන්නම්. ඔහුත් ලෝකයේ සංගීත කලාව වෙනස් දිශාවකට රැගෙන ගිය කලාකරුවෙක්. බොහෝම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.......

      Delete
  2. aniwa machan, api godak aaasi me wage dewal kiyawanna. mamath Rap Lover kenek, mage favourite rapper thama Tupac (one and only 2pac) Pac ge "Dear Mama" eminem ge "Mockingbird"songs tharam mata waduna songs thawath nathi tharam, ape artist lage bolanda sindu rasa windinawata wada me wage rap songs ahana eka godak hondai. meyala thamange jeewithe karadara madin gewagena aapu hati ahanakoth pudumai. kaagewath udawwak nathuwa, thamange kakul 2nma nagitala samajeta padamk ugannapu aya meyala.

    ReplyDelete
  3. “Why am I fighting to live,
    If I am just living to fight
    Why am I trying to see.
    When there aint nothing in sight
    Why am I trying to give,
    When no one gives me a try
    Why am I dying to live,
    If I am just living to die?”

    Tupac

    ReplyDelete
  4. Hell yeah, i am totally agree with yo'll . Tupac was a legend, he was born without anything. he didn't have a beautiful childhood, no good family, raised as a ghetto child, hung around with thugs. but he loved his mom and hate his Father. from my point of view, he is a hero. 'cause he defeated his fate. he never surrendered to anyone. he did a damn well job for his community. it always makes me tear up when i listening to his "Dear Mama" song.

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators