Thursday, October 20, 2016

න්‍යෂ්ටික අවදානමක් නැති රටවල් මෙන්න - ශ්‍රී ලංකාවත් ඒ අතර

සිරියාව තුළ සිදුවන ඇමරිකානු  සහ රුසියානු ක්‍රියාකාරකම් න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වුවත් තල්ලු වී යා හැකි බව  තුර්කියේ උප අගමැති නියුමාන් කුර්ටුල්මුස් ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

"මේ බල අරගලය තවදුරටත් පැවතුනොත් නිසැක වශයෙන්ම ඇමෙරිකාව සහ රුසියාව යුද්ධයක් නිර්මාණය කරගන්නා තැනකට පැමිණේවි. ඔහු එලෙස පවසා තිබුණි. මේ ප්‍රකාශය පාදක කරගනිමින් ලෝ ප්‍රකට "ඉන්ඩිපෙන්ඩන්ට්" වෙබ් අඩවිය න්‍යෂ්ටික අවදානම් ඇති රටවල් සහ න්‍යෂ්ටික අවදානම් නැති රටවල් පිළිබඳව වූ සිතියමක් ප්‍රසිද්ධකොට තිබේ . 

"සුපිරි බලවතුන් අතර ඇතිවී තිබෙන සීතල යුද තත්ත්වයත් සමග අනපේක්ෂිත න්‍යෂ්ටික යුද්ධයකට ඔවුන් එළඹුනහොත් එවන් සිදුවීමකට මැදිවන්නන් කොයි තරම් ආරක්ෂිතද ? ඔබට එයින් වහාම ගැලවීමට අවැසිනම් මෙම සිතියමේ වූ න්‍යෂ්ටික අත්හදාබැලීම් නොකරන සහ කිසිදු ආකාරයක න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹී නැති රටකට යන්න". ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවියේ වැඩිදුරටත් දක්වා තිබුණි.

මෙම සිතියමට අනුව ලෝකයේ දකුණු අර්ධගෝලයේ වූ රටවල් බොහොමයක් න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලින් ඈත් වූ ආරක්ෂාකාරී රටවල් ලෙස දක්වා තිබේ. ඇමරිකානු විද්‍යවේදීන්ගේ ෆෙඩරේෂනය පවසන පරිදි  රුසියාව සහ ඇමෙරිකාව සතුව ඇති න්‍යෂ්ටික මිසයිල සංක්‍යාව ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට අනූවකටත් වැඩිය. ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති වෙනත් රටවල් සේම ඒ ආසන්න රටවල්ද මෙම සිතියමේ අවදානම්  සහිත කලාප ලෙස දක්වා තිබේ. වාසනාවකට මෙම සිතියමට අනුව ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවදානමක් නැති රටකි. කෙසේ වෙතත් තද රතු පැහැයෙන් දක්වා ඇති අසල්වැසි ඉන්දියාව යනු  අධි අවදානම් කලාපයකි. ඉන්දියාව පුරා න්‍යෂ්ටික බලාගාර පිහිටුවා ඇති අතර දකුණු ඉන්දියාවේ  ඇති න්‍යෂ්ටික බලාගාරයක යම් ගැටලුවක් ඇතිවුවහොත් ආසන්නයේ ඇති ශ්‍රී ලංකාවට  අවදානමක් නැතැයි කිව හැක්කේ කාටද ? 



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators