Wednesday, January 30, 2019

GO Sri Lanka - වෙනස් රැල්ලක්


" විනාශ වෙමින් යන පරිසරය රැකගන්න ජනතාව පෙළඹවීමට කලාව ප්‍රවේශයක් කරගත හැකි බවත්, එය පරිසරය සුරැකීමේ වටිනාකම වඩ වඩාත් සමාජයට දනවන ආකාරයේ උත්සාහයක් විය යුතු බවත් දෘශ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර මහතා පැවසීය. දෙහිවල ගල්කිස්ස මහා නගර සභා පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එළඹෙන 71 වැනි නිදහස් දිනය අරමුණු කරගනිමින් ” වෙරළට නිදහස ” මැයින් සංවිධානය කරන දැවැන්ත ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත්කිරීමේ මාධ්‍ය හමුව අද ( 30 දා ) දෙහිවල ගල්කිස්ස මහා නගර සභා පරිශ‍්‍රයේදී පැවැත්විණි. ” ගෝ ශ‍්‍රී ලංකා” පදනම සහ දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන නවමු අංග ගණනාවකින් සමන්විත වීම විශේෂත්වයකි. ජාතියක් ලෙස නිදහස සමරන විට පරිසරයටත් නිදහස ලබා දිය යුතුය යන අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. ලෝකයේ වෙරළ දූෂණය සිදුවන රටවල් අතරින් ශ‍්‍රී ලංකාව පස්වැනි තැනට පැමිණීමත්, දිනෙන් දින සිදුවන වෙරළ සහ සාගර දුෂණය අවම කිරීමට ජනතාව පෙළඹවීමත් මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණකි. 



එදිනට එනම් පෙබරවාරි හතරවැනිදා ජාතික නිදහස් දිනයදා සුවිසල් ජාතික ධජයක් ගල්කිස්ස වෙරළ තීරය මත වැලිවලින් නිර්මාණය කිරීමට කලාකරුවන් ගණනාවක් සූදානමින් සිටින අතර එය ජාතික වාර්තාවක්ද වනු ඇත. ගල්කිස්ස පාසල් මාවත ඔස්සේ ගොස් හමුවන වෙරළ තිරයේදී උදෑසන 8.00 සිට මෙම වැඩසටහන ආරම්භ වේ. එසේම මුහුදේ ගල්පර අතර සිරවී ඇති ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කිමිදුම්කරුවන්ගේ සහයෙන් පවිත‍්‍ර කරන අතර වෙරළ තීරයද පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇත. එසේ එකතුවන අපද්‍රව්‍ය යොදාගෙන ගෝලීය පරිසර දුෂණය සංකේතවත් වන ලෙස ලෝක ගෝලයක් නිර්මාණය කිරීමටද නිර්මාණකරුවන් පිරිසක් සූදානමින් සිටී. එදිනට පැමිණෙන දරුවන් වෙනුවෙන් නිදහස තේමා කරගත් වැලි නිර්මාණ තරගයක් පැවැත්වෙන අතර ඔවුන් අතරින් ජයග‍්‍රාහකයින් වෙත ත්‍යාග ප‍්‍රදානයක්ද සිදු කිරීමට නියමිතය. 


ඉදිරියේදී මුළු දිවයින පුරා මේ ආකාරයේ වැඩසටහන් දියත් කරමින් පරිසරය නිදහස් කිරීමේ අගය ජාතියට කියා දෙන්නට ” ගෝ ශ‍්‍රී ලංකා පදනම” සූදානමින් සිටී. මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා, උප නගරාධිපති කිර්ති උඩවත්ත මහතා, නාගරික කොමසාරිස් සුනිල් ගලගම මහතා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා, ගෝ ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති දෘශ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර මහතා, ගෝ ශ‍්‍රී ලංකා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් සාහිත්‍ය විචාරක කුමාර ලියනගේ මහතා, නාගරික මන්ත‍්‍රී කුමාර ගෝමස් මහතා, ගෝ ශ‍්‍රී ලංකා සංවිධානයේ ජාතික සංවිධායක ඉංජිනේරු තුෂාන් නිසංසල මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.




ගෝ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති දෘශ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර මහතා මාධ්‍ය හමුව අමතමින් 



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators