Monday, March 2, 2015

ආදරයේ මිහිරි රස

ඒ රාත්‍රී සාදයේ මනමාලියක ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසුපස යද්දී සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝ වෙද්දී ඇය කරා ලංවුණු ඔහු ඇයට කෝපි කෝප්පයක් රස විඳීමට ආරාධනා කළා. එක්වරම මේ නොසිතූ ආරාධනයෙන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුගේ ඒ ඉල්ලීමට එකඟ වුනා. වීදිය කෙළවර වූ කෝපි හලක් වෙත පිය නැගූ දෙපළ ඔවුනට වෙන්කර ගත් මේසයක මුහුණට මුහුණලා අසුන් ගත්තා. නමුත් ඇය හා කිසිත් පැවසීමට හෝ ඇය තමාට යා යුතු බව පැවසුවේ ඔහුගේ මේ හැසිරීම ඇයටද අපහසුවක් වූ නිසයි. එවිටම ඒ අසලින් ගිය වේටර් වරයෙකුට ඔහු මෙසේ පැවසුවා. 

කරුණාකරලා මට ලුණු ටිකක් දෙනවාද...? මේ කෝපි කෝප්පයට දාගන්න...?

අවට වූ සියල්ලෝම ඔහු වෙත නෙත් යොමා බැලුවා. ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ ඔහු වේටර්වරයා ගෙන ආ ලුණු තම කෝපි කෝප්පයට මුසු කොට බොන්නට වුනා. ඔහුගේ මෙම ක්‍රියාවෙන් පුදුමයට පත් වූ තරුණිය මෙසේ විමසුවා.

"ඇයි ඔයා මේ ඔයාගේ කෝපි කෝප්පෙට ලුණු දාලා බොන්නේ? එහෙම කෙනෙක් මම මගේ ජීවිත කාලෙට දැක්කමයි..."

ඔහු එවිට මෙසේ පැවසුවා........

"මගේ පුංචි කාලය ගෙවුනේ මුහුද ලඟ මගේ සීයාගේ ගෙදර. මම මුහුදට පුදුම ආදරෙයි. ඒ ආදරේ අදටත් ඒ වගේ. මගේ කෝපි කෝප්පේ ලුණු රස දැනෙද්දී මම මගේ ළමා කාලෙට ආයෙත් යනවා වගේ හැඟීමක් මට දැනෙනවා. මගේ පියා නැති වුනේ මට අවුරුදු 2දී. එදා ඉඳන් මගේ අම්මා,සිය,ආච්චි එක්ක මගේ ළමා කාලේ ගෙවුන විදිහ මට ආයෙමත් මතක් කරලා දෙන්නේ මේ ලුණු දාපු කෝපි කෝප්පය."

එසේ පවසද්දී ඔහුගේ දෑසින් කඳුළු කැට කිහිපයක් කඩා හැලෙනවා ඇය නිරීක්ෂණය කළා. ඔහුගේ මෙම මතකය පිළිබඳව ඇයට ඇති වුනේ ඔහු පිළිබඳව විශාල පැහැදීමක්. අනතුරුව ඇයත් ඇයගේ අත්දැකීම් ඔහු හා බෙදා ගත්තා. ඔවුන් නැවතත් මුණ ගැසීමට තීරණය කර ගත්තා.එදින එම පුද්ගලයා කෝපි කෝප්පයට ලුණු එකතු කර නොගන්නට ඔහු තමාට මග හැරෙන්න තිබූ බව ඇය නිතරම සිතන්නට වුණා.


මෙලෙස කාලය ගත වුණා. ඔවුන් ආදරවන්තයින් බවට පත් වුණා. පසුව එය විවාහය තෙක් ඇදී ගිය ශක්තිමත් සබදතාවයක් බවට පත් වූ අතර ඔවුන් සතුටින් ජීවත් වුණා. එක් විශේෂ දෙයක් වූයේ ඇය සෑම දිනෙකම ඔහු වෙනුවෙන් ලුණු මුසු කළ කෝපි කෝප්පයක් පිළිගැන්වීමයි. මේ ආකාරයට ඔවුන්ගේ විවාහ ජීවිතයට වසර 40ක් පිරුණා. ඔහු මිය ගියා. මිය යෑමට පෙර ඔහු ඇයට ලිපියක් ලියා තිබුණා.
ආදර සැසී,

මට සමාවෙන්න මම ජිවිත කාලෙම ඔයාට බොරු කලා, වංචා කලා. ඒත් ඒ එකම බොරුවක්. ඒ තමයි මම ඔයාව හමු වුන මුල්ම දවසේ බිවුව කෝපි කෝප්පය.එදා ඔයා එක්ක මම මොනවා ගැනද කතා කරන්නේ කියලා චකිතෙකින් ඉන්න වෙලාවකයි වේටර් එතැනින් ගියේ. මට ඇත්තටම ඕන වුනේ සීනි. ඒත් මට කියවුනේ ලුණු කියලා. මම කියපු දේ වෙනස් නොකරන්න තීරණය කළා. මම එක මොහොතකටවත් හිතුවේ නෑ ඔයා එක්ක කතා කරන පළවෙනි වචන ටික බොරුවක් වෙයි කියලා. ඒත් මම මැරෙන්න ලං වෙලා ඉන්න මේ මොහොතේ මේ දේ මං කියන්නම ඕන. මම ඊට කලින් කවදාවත් ලුණු දාලා කෝපි බීලා නැහැ. ඒ තිත්ත රස බොන්න තියා හිතන්නවත් බෑ සැසී. ඔයාට ඒක හිතාගන්න පුළුවන්ද? ඒත් ඔයා එක්ක මේ තරම් කාලයක් ගෙවපු ජීවිත කාලේ ඒ ලුණු රස කෝපි මම ආදරයෙන් රස වින්දා. ඔයා අතින් හදලා දුන්න ඒ කෝපි කෝප්පය හදලා දෙන හැම දවසකම අපි මුලින්ම මුණ ගැහුණා දවස මට මතක් වුණා. මම ඒ ආදරණිය මතකය එක්ක ඒ කෝපි කෝප්පය ආදරෙන් රස වින්දා. මට තව වතාවක් ජීවත් වෙන්න ලැබුනොත් ඒ ජිවිතය පුරාවටත්, මට ඔයාව ලබාගන්න ලුණු දාපු කෝප්ප තව ආත්ම ගානක් වුනත් බොන්න පුළුවන්.

ඇයගේ දෑසින් කඳුළු බිඳු වැගිරෙන්නට වුණා. ඇය ඒ ලිපිය පපුවට තුරුල් කරගනිමින් මෙසේ පැවසුවා.... "ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරේ පිරුණු ජීවිතයක් වගේ"
- පරිවර්තනයකි -


3 comments:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators