Wednesday, March 25, 2015

බයිරන්

ලෝක සාහිත්‍යය කවීත්වයෙන් හැඩ කළ ලේඛකයන් සුළුතරය අතර "බයිරන්" යනු වෙනමම ලකුණක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. 1788 වසරේ ජනවාරි මස 22 වනදා බ්‍රිතාන්‍යයේදී උපත ලබන ඔහුගේ සම්පූර්ණ නම වන්නේ George Gordon Byron. බ්‍රිතාන්‍ය රජ පවුල සමග සමීප සබඳතා සහිත පවුලක උපත ලබන ඔහු පසු කලෙක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ස්වාමි මන්ත්‍රීවරයෙක් බවටත් පත් වනවා. තමා සතු වූ රාජතාන්ත්‍රික වරප්‍රසාද හැම විටෙකම ඔහු යොදා ගත්තේ තමාගේ නිර්මාණශීලිත්වය අනෙකා හා බෙදාගැනීමට.

පාසල් වියේ සිට කවියට වැඩි රුචිකත්වයක් දැක්වූ ඔහු වියරණ වරදමින් වූවත් කවි ලිවීම නොනවත්වා සිදු කළ අයෙකි. සම්භාව්‍ය ඉංග්‍රීසි ලේඛකයන්ගේ පොත පත ඇසුරු කිරීමත් සමග පසු කාලීනව ඔහු තමා සතු වූ අඩුලුහුඬුකම් නිවැරදි කරගන්නා ලදී. කෙසේ වෙතත් මුල් කාලීනව විචාරකයන් ඔහුට සහ ඔහුගේ නිර්මාණ කාර්යයන් වලට දැඩි ලෙස පහර එල්ල කළ බව ඔහුගේ ජීවිත කතාවේ සඳහන් වනවා. 1805 වසරේ බ්‍රිතාන්‍යයේ ප්‍රකට "කේම්බ්‍රිජ්" සරසවියට ඇතුළු වන     බයිරන් 
එහිදී සාහිත්‍ය කලාව නිවැරදිව උගනී. 


විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටියදී 1807 වසරේදී ඔහු විසින් රචනා කරන "Hours of idleness" යනු ඉංග්‍රීසි කාව්‍ය කණපිට ගැසූ නිර්මාණයක් බවට විය. එය කෙටි කාව්‍ය වලින් යුතු සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කාව්‍ය එකතුවකි. ඔහුගේ සමකාලීන කාව්‍ය මිතුරෙකු වූයේ ඔහු වැනිම ගති පැවතුම් ඇති කවියෙකු වූ "පර්සි බයිස් ෂෙලී". ඔවුන් දෙදෙනා ඉතා කුළුපග මිතුරන් වූයේ දෙදෙනාම අපූරු ප්‍රේම පුරාණයන් ඇති කවියන් නිසාම වන්නට ඇති. ඔවුන් දෙදෙනා ලෝකය පුරා එක්ව චාරිකා ගිය බවද සඳහන් වේ. ෂෙලී සමග ඉතාලියේ සංචාරය කොට පෙරලා බ්‍රිතාන්‍යයට පැමිණි බයිරන් ලියූ 'Childe Harold's Pilgrimage' නම් කෘතියද අග්‍රගණ්‍ය කෘතියක් ලෙස සැලකේ.

පෙර සඳහන් කළ සේම බයිරන් හට අපූරු ප්‍රේම පුරණයක්ද විය. ඉතා ලාබාල වියේ සිටම ප්‍රේම සබඳතා ගණනාවක් ඔහුගේ ජිවිතයට බොහෝ අත්දැකීම් එක් කරන ලදී. ඒ අතරින් 
ඔහු බොහෝ සෙයින් ප්‍රේම කළ කෙල්ලක්ද විය. ඇය නමින් "මාග්‍රට්" වූවාය. අවාසනාවකට ඇය ක්‍ෂය රෝගය නිසා මියයන අතර එය බයිරන්ගේ හදවත බිඳ දැමූ සත්‍යම ප්‍රේමය විය. එතැන් සිට කිසිදු තරුණියකට එක් සිතකින් පෙම් කිරීමට ඔහුට නොහැකි විය. සෑම කවියෙකුගේම ජීවිතයේ එක් ප්‍රේමයක් සදාකල්හිම වේදනා දෙන ලෙස ඉතුරු වී ඇති බව බයිරන්ගේ ජිවිතයද ඔප්පුකොට පෙන්වීය.

කෙසේ වෙතත් ඔහු පසු කලෙක විවාහ වූ අතර එදින මංගල රථයට ගොඩ නැගුණු අවස්ථාවේ ඔහු විසින් තම බිරිඳට මෙසේ පැවැසූ බව සඳහන් වේ. " එහෙනම් අද ඉඳන් ඔයා මගේ බිරිඳ... එහෙම නේද? ඉතිං ඒ කියන්නේ අද ඉඳන් තමයි මට ඔයාව පේන්න බැරි වෙන්නේ.... ඒත් වැරදිලාවත් ඔයා වෙන කෙනෙක්ගේ බිරිඳක් උනානම් මගේ ආදරය හැමදාම පිරිලා ඉතිරිලා යාවි...."

1824 වසරේ අප්‍රේල් මස 22වනදා ග්‍රීසියේදී හදිසියේ ඇති වූ උණ රෝගයක් නිසාවෙන් මේ මහා කවියා ලෝකයෙන් සමු ගන්නවා. ඒ වන විට ඔහුට වයස අවුරුදු 36 සම්පුර්ණ වූවා පමණි. මියයනවිට ඔහු කුඩා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.




                       චිත්‍ර ශිල්පී Joseph Denis විසින් ඇඳි බයිරන්ගේ මරණ මංචකයේ සිතුවම 

                                                    බයිරන්ගේ අත් අකුරු 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators