Sunday, March 22, 2015

ගිලටීනය සහ එහි ඉතිහාසය

"ගිලටීනය" (Guillotine) යනු හිස ගසා දමා යමෙකුට මරණ දඬුවම ලබා දීම පිණිස භාවිතා කරන උපකරණයක් බව ඔබ අසා ඇති. මෙම උපකරණය කරලියට පැමිණෙන්නේ ප්‍රංශ විප්ලව සමයේ වන අතර විප්ලවයට ප්‍රති විරුද්ධ මත දැරූ බොහෝමයකගේ හිස ගසා දැමීමට මෙම ගිලටීනය භාවිතා කොට තිබේ. ඒ අනුව 1790 සහ 1794 අතර කාලය තුළ මෙම උපකරණය ප්‍රංශය තුළ බහුල වශයෙන් භාවිතා කොට තිබේ.

ප්‍රංශ විප්ලවය සමයේ මෙය භාවිතයට ගත් නමුත් ඊට පෙර යුග වලද යුරෝපයේ බොහෝ රටවල මෙය භාවිතාකොට ඇති බවට සාධක ලැබී ඇත. ලොව පැරණිතම ගිලටීනය එඩින්බරෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එකළ ප්‍රංශයේ විප්ලව මණ්ඩලයක් තිබූ අතර එම විප්ලව මණ්ඩලය විසින් මරණ දඬුවම ලබා දෙන අය තීරණය කරන ලදී. "plos de la revolution" නම් ස්ථානයේ ස්ථාපනය කොට තිබූ ගිලටීනයෙන් මරණ දඬුවම ලබා දුන් පිරිස 4000 කටත් වැඩිය.

මෙසේ ගිලටීනයට ගොදුරු වූ බහුතරය වංශවතුන් වූහ. ඒ අතර ප්‍රංශයේ 16 වන ලුවී රජුගේ සුප්‍රකට බිසව වූ මාරි ඇන්ටනට් බිසවද වේ. ප්‍රංශ ජනතාවට "පාන් නැතිනම් කේක් කාපිය" යැයි කීවේ ඇයයි. මරණයට පෙර ඔවුන් රඳවා සිටි ගොඩනැගිල්ල අද කෞතුකාගාරයකි. එය "කන්සිගර්" නමින් හැඳින්වේ. මාරි ඇන්ටනට් බිසවගේ සහ තවත් හාරදහසකට අදික පිරිසකගේ හිස් ගසා දැමූ ගිලටීන් පිහි තලය අදටත් මෙහිදී දැකගත හැකිය. මානව හිමිකම් සංවිධාන වල දැඩි විරෝදය හමුවේ ප්‍රංශ ව්‍යවස්ථාදායකය 1918 වසරේ සිට මරණ දඬුවම සඳහා "ගිලටීනය" භාවිතා කිරීම තහනම් කරන ලදී.



මාරි ඇන්ටනට් බිසව

2 comments:

  1. මේකෙයි අර අනිත් එක, අර බෙල්ලෙ ලනුවක් ගෙට ගහලා මරන්නේ (නම මතක නෑ ::P) මහෑ ලොකු වෙනසක් නෑ වගේ.., ඊයෙ හරි පෙරෙදා හරි film එකක් බලන්න ඇති ඔයා මෙයින් එකක් තියෙන :P

    ReplyDelete
    Replies
    1. film වලනම් ඔය වගේ ඒවා නිතරම දකිනවා.... :p

      Delete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators