Thursday, March 12, 2015

මරණය අභිමුව - සේයාරුවක කියැවීම

මෙම සේයාරුව දුටු සැනින් ඔබට දැනෙන හැඟීම කුමක්ද? එහි කිසියම් කලබලකාරී ස්වරූපයක් ඇති බව එක් වරම ඔබට හැඟී යනු ඇත. මේ සිනමා පටයක දර්ශනයක් හෝ වේදිකා නාට්‍යයක එන නාටකීය අවස්ථාවක්ද නොවේ. මෙය සත්‍ය සිදුවීමක් සත්‍ය ලෙසම කැමරා කාචයෙන් හසු කරගත් අවස්ථාවකි. ජපානයේ සිටි "සමාජවාදී පක්ෂ" නායකයෙකු වූ "Asanuma" නම් දේශපාලන නායකයා ඝාතනය කිරීමට තත්පර ගණනකට පෙර ලබාගත් සේයාරුව මෙහි දැක්වේ.

1960 වසරේ ඔක්තෝබර් මස 12 වන දින 17 හැවිරිදි වියේ පසු වූ " Otoya Yamaguchi" ගේ කඩු පහරකින් මේ ආකාරයට ඔහු මරණයට පත් වනවා. එම ඝාතකයා කඩුව අතැතිව සිටින අයුරු මෙහි පැහැදිලිව දැකගත හැකිය. ඔහු මෙලෙස පහර දෙන්නේ " wakizashi" නම් කඩුවෙන් වන අතර "සමුරායි කඩුව" ලෙස හඳුන්වන්නේද මෙයයි. එක් පසෙක තලය පමණක් අතිශය තියුණු ස්වභාවයක් ගන්නා මෙම කඩුවෙන් Asanumaගේ යටි උදරයට කැපුම් පහර එල්ල කොට තිබුණි.

මෙම ඝාතකයා ජපානයේ යුදකාමී ජාතිකවාදියෙක් වන අතර සමාජවාදියෙකු වූ Asanuma ගේ ප්‍රතිපත්ති සමග කාලයක් පුරා වෛරයකින් සිටි අයෙකි. ටෝකියෝවේ Hibiya නම් සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම ඝාතනය සීදු වූ අතර ජපානයේ NHK රූපවාහිනිය විසින් මෙම අවස්ථාව රූගත කරමින් සිට ඇත. කැමරා ශිල්පී "Yasushi Nagao" විසින් මෙම අවස්ථාව රූගත කරන ලද ලදී. 
අත් අඩංගුවට පත් වූ ඝාතකයා වන Otoya Yamaguchi පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුව සියදිවි නසාගත් බව වාර්තා වේ.

ඝාතකයාගේ කඩු පහරත්, මරණයත් අතර තත්පර කිහිපයක නිශ්චල සේයාරුව තුළ කී දෙනෙකුගේනම් හැඟීම් කියැවිය හැකිද....? ජීවිතය උදුරාගන්නේකුගේ මෙන්ම ජීවිතය යදින්නේකුගේ මුහුණු වල වූ හැඟීම් Yasushi Nagao ගේ සේයා පටලයේ සදහටම සටහන් විය.







No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators