Saturday, August 29, 2015

සේයාරුවක කියැවීම - මොහොතක සතුට

මේ සේයාරුව තුළ මම සතුටක් දුටිමි. යුද්ධය, විනාශය සහ අහිමිවීම් මැද ලද ත්‍යාගයක් කුඩා දරුවෙකුගේ හදවතේ මැවූ සතුට අප්‍රමාණ බව ඉහළට යොමු කළ හිසින් පාන මදහස කියාපායි. මේ දෙවන ලෝක යුද සමයේදී ඔස්ට්‍රියාවේ අනාත නිවාසයකදී ලබාගත් ජායාරූපයකි. 1946 වසරේ යුද්ධයෙන් අවතැන් වූ මිනිසුන් වෙසෙන කඳවුරකට ඇමරිකානු රතු කුරුස නිලධාරීන් ආධාර ලබා දීමට පැමිණි අවස්ථාවකදී Gerald Waller නම් ජායාරූප ශිල්පියෙකු විසින් මෙම සේයාරුව හසුකරගෙන ඇත. ඇමරිකානු රතු කුරුස සාමජිකයින් කුඩා දරුවන්ගේ අවශ්‍යතා විමසමින් ඔවුනට යම් යම් දේ ලබා දෙන අවස්ථාවේ මෙම සය හැවිරිදි වියෙහි පසුවන දරුවා පැළඳ සිටි සපත්තු යුවළ බොහෝ සෙයින් අබලන්ව තිබූ බව දැක ඇත. ඔහුගෙන් ඒ බව විමසා අලුත්ම සපත්තු යුවලක් ඔහුට තෑගී කිරීමට පිරිස කටයුතු කොට ඇත. ඔවුනට ස්තූතිකරමින් එය දෑතින් තුරුළු කොටගෙන දිව යන කුඩා දරුවා පඩියක් මත හිඳ ගනිමින් සිනාසෙන අයුරු හදිසියේ දුටු ජායාරූප ශිල්පියා  එය  ක්ෂනිකව තම කැමරා ඇසට හසු කරගන්නා ලදී. සියලු අහිමිවීම් මැද ලැබූ මොහොතක සතුට අනතුරුව ලෝ ප්‍රකට සේයාරුවක් බවට පත් වූයේ ඒ ආකාරයටයි. 

_අයේෂ් ලියනගේ_ 





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators