Wednesday, May 17, 2017

ලෝකයම හොල්මන් කළ උතුරු කොරියාවේ පිරමීඩය

අඩි 1080ක් උස මෙම පිරමීඩාකර ගොඩනැගිල්ල උතුරු කොරියාවේ පියැන්ජියොන් නගර මධ්‍යයේ ස්ථානගතව ඇත. මෙය "ගොඩනැගිලි අංක 105" ලෙසද හඳුන්වනු ලැබේ. මෙය බහුවිධ අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන්නට සැලසුම් කළ ගොඩනැගිල්ලකි. එසේම මෙහි Ryugyong නමින් දැවැත්ත හෝටලයක්ද නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත. කෙසේ වෙතත් තවමත් මෙහි වැඩකටයුතු අවසන් වී නැත. මෙහි ආරම්භය සිදුවන්නේ 1987 වසරේදී වන අතර 1992 වසරේදී එහි ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇත. ඊට හේතුව වූයේ උතුරු කොරියාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයයි. එදා තාවකාලිකව නතර කළ ඉදිකිරීම් නැවත ආරම්භ වූයේ 2008 වසරේදීය. 2011 වසර වනවිට මෙහි භාහිර පෙනුම සම්පූර්ණ කිරීමට උතුරු කොරියානුවෝ සමත් වූහ. මෙය 2012 වසරේදී විවෘත කිරීමට සැලසුම් කරගෙන සිටියත් එය 2013 වසර තෙක් කල් යන ලදී. කෙසේ හෝ 2013 වසරේදීවත් මෙය විවෘත කරගැනීමට හැකි වූයේ නැත. උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි චෝදනා එල්ල වීමත් ජාත්‍යන්තර සම්බාධක පැනවීමත් එයට හේතුව විය. කෙසේනමුත් ඇමරිකානුවන් නම් පවසන්නේ මෙය ඔවුන්ගේ තවත් එක් ගුප්ත සැලැස්මක් බවයි. මෙහි ඇති පිරමීඩාකාර ගුප්ත හැඩය නිසා ලෝකයේ බොහෝ පිරිස්වලට මෙම ගොඩනැගිල්ල ගැන ඇත්තේ සැක මුසු අවධානයකි. මෙහි සියලු වැඩ කවදා අවසන් වෙයිදැයි කිසිවෙක් දන්නේ නැත. කෙසේවෙතත් ලෝකයට පුවත් මවන උතුරු කොරියාව මේ පිරමීඩ ගොඩනැගිල්ලත් ලෙහෙසියෙන් අත් හරින්නේ නැති බවනම් පැහැදිලිය.





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators