Tuesday, December 16, 2014

නොවෙනස් ආදරයක අරුමය - "හචිකෝ"

1924 වසරේදී මෙම හචිකෝ නම් සුරතලා ටෝකියෝ අග නගරයට රැගෙන එන්නේ ඔහුගේ හිමිකරු වන "Hidesaburō Ueno" නම් ටෝකියෝ විශ්ව විද්‍යාලයේ කෘෂි අංශයේ මහාචාර්ය වරයෙකි. හචිකෝ (Hachikō) සිය ස්වාමියාට කොතරම් ලැදිදැයි පැවසුවහොත් සෑම දිනකම මහාචාර්යවරයා උදේ නිවසින් පිටත් වන විට තම ආචාරය පුදකරන හචිකෝ දවස අවසානයේ ජපානයේ "Shibuya" දුම්රිය නැවතුමට යන්නේ සිය ස්වාමියා පිළිගැනීමටයි. මෙය නිතිපතා සිදුවන සිදුවීමක් වූ අතර එම ප්‍රදේශයේ මිනිසුන්ට සහ දුම්රිය ස්ථානයේ සේවකයන් හටත් මෙය සාමාන්‍ය සිදුවීමක් විය. 1925 මැයි මාසයේ එක්තරා දිනයක හචිකෝගේ ස්වාමියා නැවත පැමිණියේ නැත.රෑ බෝ වන තුරු "හචිකෝ" සිය ස්වාමියා එන තෙක් බලා සිටි නමුත් ඔහු පැමිණියේ නැත. එදින විශ්වවිද්‍යාලයේදී මහාචාර්යවරයාට හදිසි රෝගී තත්වයක් ඇති වී තිබූ අතර එම නිසා මහාචාර්යවරයා මියගියේය. සුරතල් "හචිකෝ" මේ කිසිවක් දැන නොසිටියේය. තමාට මෙලොව සිටි එකම හිතවතා, එකම ආරක්ෂකයා තමා හැර ගිය බව මේ අසරණ සුරතලා දැන සිටියේ නැත. 

දුම්රිය ස්ථානයේ රැඳී සිටීම තේරුමක් නැති බව වටහාගන්නා "හචිකෝ" පෙරලා නිවස වෙත යන්නේ තම හිමිකරු නිවසේවත් ඇතිද කියා සොයා බැලීමටයි. නමුත් ඔහු නිවසේ සිටියේද නැත. කුඩා හචිකෝ නැවතත් දුම්රිය ස්ථානයට පැමිණෙන්නේ මහාචාර්යවරයා පැමිණෙන දුම්රිය බලාපොරොත්තුවෙනි. දින, සති, මාස ගත විය ඔහු පැමිණියේ නැත. නමුත් බලාපොරොත්තුව නම් හැඟීම අත් හැරීමට "හචිකෝ" සූදානම් නොවීය. වසර ගණන් ගත විය. කරුණාබර මිනිසුන්ගේ දෑස් "හචිකෝ" වෙත යොමු විය. ඔවුන් සත්‍ය කාරණය වටහා ගත් අතර ස්වාමියා අහිමි "හචිකෝ" හට කෑම වේලක් ලබා දීමට කරුණාබර හදවත් ඇති මිනිසුන් කටයුතු කළහ. වසර දහයක් ගත විය. තම ආදරණිය ස්වාමියා පිළිබඳව වූ මතකය මෙම සුරතලා කෙරෙන් මැකී ගියේ නැත. හැම දිනකම ඔහුගේ හිමිකරු පැමිණි දුම්රිය එම ස්ථානයට ලඟා වන හැම විටෙකම ඔහුගේ දෑස් තුළ බලාපොරොත්තුවක සේයාවන් දැල් වුනු බව එය දුටු මිනිසුන් පවසනවා. මේ අයුරින් වසර දහයක් එකී හැඟීම සිතේ සිරකරගෙන සිටි ආදරණිය "හචිකෝ" 1935 මාර්තු 8 වන දින සදහටම දෙනෙත් පියා ගන්නවා.

සැමගේ ගෞරවාදරයට පත්වන "හචිකෝ" ගේ ලෝකඩයෙන් සෑදු පිළිමයක් "Shibuya" දුම්රිය ස්ථානය ඉදිරිපස සදා තිබෙනවා.1994 මැයි 28 වන දින හචිකෝ ගේ 59 වන ජන්ම දිනය නිමිත්තෙන් පටිගත කරන ලද හචිකෝ ගේ හඬපටයක් ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ විකාශය කර තිබෙන අතර මෙයට සවන් දීමට ජපානයේ මිලියන ගණනක් ජනතාව ගුවන් විදුලියට සවන්දුන් බව වාර්තාවෙනවා. "හචිකෝ" ගැන පොත්පත් සහ සිනමා පට රාශියක් බිහිවී ඇති අතර රිචර්ඩ් ගියර් රඟන "Hachiko" සිනමා පටය ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය විය. අදත් හචිකොගේ ලෝකඩ පිළිමය "Shibuya" දුම්රිය ස්ථානයේ පිහිටා තිබෙන්නේ තම ස්වාමියා එන තෙක් පෙරමග බලා සිටින ආකාරයටයි.....







                               Shibuya දුම්රිය නැවතුමේ ඉදිකර ඇති හචිකෝ ගේ පිළිමය.

                    ජපානයේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති හචිකෝ ගේ පිළිරුවක්.


                                                           සිනමා පටය


2 comments:

  1. A heart touching story, once i watched the movie and i couldnt able to stop crying. no one'll ever know the love of a dog else dog owner. the great love i've ever seen is between human & dog. :)

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators