Thursday, December 18, 2014

ගෝලීය පරිසර අර්බුදයේ රතු එළිය - ඒරල් මුහුද

ඒරල් මුහුදට අයත් භූමි ප්‍රදේශය පිහිටා ඇත්තේ මධ්‍යම ආසියාවේ කසකස්ථානය හා උස්බකිස්ථාන දේශ සීමාව අසලයි. භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 68000 (68,000 km2) සමන්විත එය ලොව සිව් වන විශාලතම විල වශයෙන්ද හැඳින්විය. මෙය විලක් වශයෙන්ද හඳුන්වනු ලබන්නේ මෙය භූමියක් තුළ පිහිටා ඇති විශේෂ පිහිටීම නිසයි. එබැවින් මෙය අභ්‍යන්තර මුහුදකි. කසකස්ථානය හා උස්බකිස්ථාන දේශ සීමාවන්හි පිහිටා ඇති විශාල කඳු පංති වල සිට ගලා එන්නාවූ Syr Darya සහ Amu Darya යන ගංගා වලින් මෙම ඒරල් විල පෝෂණය විය.

කෙසේ වෙතත් අද වන විට ඒරල් විල සහිත ප්‍රදේශය සීග්‍රයෙන් කාන්තාර භූමි බවට පත් වෙමින් තිබීම ගෝලීය උණුසුම ලෝකයට බලපා ඇති ආකාරය පිළිබඳව ලෝකයාගේ දෑස් විවර කිරීමක් ලෙස සඳහන් කළ හැකිය. 1960 දශකයේ සෝවියට් සමුහාණ්ඩු සමයේ ඒරල් විලට ගලා බසින ප්‍රධාන ගංගා හරවා එම ගංගා වල ජලය කෘෂිකාර්මික කටයුතු වලට යොදාගැනීමට එම සමුහාණ්ඩුව කටයුතු කොට තිබෙන අතර එම ක්‍රියාවලිය ඒරල් විලෙහි පෝෂණයට තදින් බලපාන ලදී. ආර්ථිකමය වශයෙන් කෙටි කාලීනව ඒ හරහා වාසි ලැබුවද දීර්ග කාලීනව පාරිසරික වශයෙන් එය හිතකර වේද යන වග ඔවුන් විමසුවේ නැත. වර්ෂ 2000න් පසුව ඒරල් විලෙහි සිඳී යෑම වේගවත් වූ අතර අද වන විට එහි බොහෝ ප්‍රදේශ පුර්ණ වශයෙන් කාන්තාර බවට පත්ව තිබීම විශාල ඛේදවාචකයකි. අතීතයේ ඒරල් මුහුදේ ගිලීගිය නැව්,බෝට්ටු ආදිය ඒ ස්ථාන වලම දැකගත හැකිය. මේවයේ දැන් ජීවත් වන්නේ ඔටුවන් වැනි කාන්තාර සත්වයන්ය. මේ ආකාරයට පාරිසරික වශයෙන් සිදු වූ විනාශය නිසාවෙන් එම විල ආසන්න ප්‍රදේශයන්හි මිනිසුන්ගේ ආර්ථිකය පවා පිරිහීමකට ලක් වී ඇත.

2005 වසරේදී කසකස්ථානය වේල්ලක් බැඳ උතුරු සහ දකුණු ප්‍රදේශ වල ජලය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලදී. "Syr Darya" ගංගාවේ ජලය උතුරු ප්‍රදේශයේ ආරක්ෂා වී ඇතත් දකුණු ප්‍රදේශය සම්පුර්ණයෙන් සිඳී ගොස් අවසන්ය. මෙම විනාශය නූතන ලෝකයේ පාරිසරික වශයෙන් සිදුවූ ලොකුම විනාශය ලෙස පරිසරවේදීන් සලකයි (The greatest ecological disaster Earth has ever witnessed in modern history).

නාසා ආයතනයේ "Terra" චන්ද්‍රිකාව මගින් පසුගිය කාලයේ දී එක්රැස් කරගත් ඡායා රූප කිහිපයක් එළිදක්වා තිබූ අතර ඒවා පහතින් දැක්වේ. එමගින් 2000 සිට 2014 දක්වා කාලය තුල සිදුවූ විනාශයේ තරම හොඳින් වටහාගත හැක.


                             ඒරල් විල 1989 වර්ෂයේදී සහ 2014 වර්ෂයේදී දිස්වන ආකාරය
                      ඒරල් විල 2000 සිට 2014 දක්වා වසර 15 ක කාලය තුල දිස්වන ආකාරය

                                                    ඒරල් විල 1964 දිස්වූ ආකාරය

             ඒරල් විලේ උතුරු ප්‍රදේශය 2000 සහ 2011 දක්වා කාලය තුල ආරක්ෂා වී ඇති ආකාරය

                                          සෙසු ප්‍රදේශ කාන්තාර වී ඇති ආකාරය



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators