Friday, December 12, 2014

ලෝක ඉතිහාසයේ මිනිස් ජාවාරම්

මිනිසුන් විසින්ම පාලනය වන මිනිස් ලෝකයක් තුළ "මිනිසුන් සත්වයන් ලෙස ප්‍රදර්ශනය කළ ප්‍රදර්ශනාගාර" ලෝකයේ තිබූ බවට ඔබ විශ්වාස කරනවද?විශ්වාස කිරීමට අපහසු වූවත් එය සත්‍යක්. මේ ආකාරයට මිනිසුන් වෙනත් සිවුපා සත්වයන් ලෙස ප්‍රදර්ශනයට තැබූ ස්ථාන 1930 දශකය තරම් මෑත කාලයේ පවා ලෝකයේ තිබී ඇත. මෙයට හොඳම උදාහරණය ලෙස Le Jardin d'Agronomie Tropicale (The Garden of Tropical Agriculture) නම් ස්ථානය දැක්විය හැක. මෙය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි. මෙය ඉදිකර ඇත්තේ 1899 වසරේදී වන අතර එදවස මෙය හඳුන්වන ලද්දේ "jardin d'essai colonial," ලෙසය. මෙය ඉදිකිරීමට හේතුව වී ඇත්තේ ප්‍රංශය විසින් යටත් කරගෙන තිබු රටවල වටිනා ශාක වර්ග රෝපණය කර ඒවා හඳුන්වා දීමට කටයුතු කිරීම හා ඒවා කෘෂිකාර්මික පර්යේෂණ වලට යොදාගැනීමයි. 1907 දී මෙහි ප්‍රංශ අධිරාජ්ජයට යටත්ව තිබූ යටත් විජිත දේශයන් වූ මැඩගස්කරය, සුඩාන්, කොන්ගෝ, ටියුනීසියා සහ මොරොක්කෝ යන රටවල ජනතාව මෙහි ගෙනැවිත් ප්‍රදර්ශනයට තබා ඇත. මෙය මානව සදාචාරය, මානව හිමිකම් ආදිය හෑල්ලු කිරීමක් ලෙසද මානව ධර්මතා යටපත් කිරීමක් ලෙසද සමාජවේදීන් සලකනවා. අද වන විට මෙය භාවිතාවට නොගෙන වල් බිහිවී ගොස් තිබුනද ,මානව හිමිකම් අගයන රටක් ලෙස ප්‍රංශයට මෙය කළු පැල්ලමකි.

මිනිස් ජාවාරාම ප්‍රංශ සමාජය තුළ අතීතයේ සිට පැවත ආවක් වන අතර ඔවුන්ගේ පාලනය යටතේ තිබූ රටවල සිටින මිනිසුන් වහල් සේවයටත්, පර්යේෂණ සඳහාත් විනෝදාස්වාදය සඳහාත් රැගෙන එනු ලැබුවා. මේ සිදුවීම පිළිබඳව මැනවින් සඳහන් සිනමා පටයක් 2010 වසරේ ප්‍රංශය තුළම නිර්මාණය වූ අතර එය නමින් "Black Venus" නම් විය. දකුණු අප්‍රිකාවේ සිට ගෙන එන ගැහැනියක ප්‍රංශයේ සර්කස් කණ්ඩායමක සාමාජිකාවක් ලෙස සේවයේ යොදවන අතර අනතුරුව ඇයව ගණිකා වෘතියේ යෙදවීමත්, ඇයගේ ශරීරයේ ඇති විශේෂ ලක්ෂණයක් හේතුවෙන් පසු කාලීනව ඇයව වෛද්‍ය පර්යේෂණ සඳහා යෙදවීමත් මෙම කතාවට තේමා වනවා. වැනීස් සිනමා උළෙලේ සම්මාන වලින්ද මෙය පිදුම් ලැබීය.

වර්තමාන ලෝකය තුළ මේ ආකාරයට මිනිස් ජාවාරම් ආදිය සිදු වීමේ සම්භාවිතාව ඉතා පහළ මට්ටමක පවතින අතර නොවන්නේ යැයිද ස්ථිර වශයෙන් පැවසිය නොහැක. කෙසේ වූවත් එදා සමාජයේ මෙන් සෘජු වශයෙන් නොවුනද මිනිස් ශ්‍රමය සූරා කෑම ලෝකයේ අදත් හෙටත් සිදුවන නොනවතින ක්‍රියාවලියක් ලෙස පවතිනු ඇත.










                                                       අද දිස්වන ආකාරය.




                                           Black Venus සිනමා පටය 


                                                  Black Venus  පූර්ව ප්‍රචාරක පටය

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators