Saturday, December 13, 2014

සදාකාලික මමියක් වූ ලෙනින්

ශ්‍රේෂ්ට රුසියානු ඔක්තෝබර් විප්ලවයට දේශපාලන නායකත්වය ලබා දුන් පුද්ගලයා වන්නේ වී.අයි ලෙනින්ය. ඔහු රුසියාව තුළ නව පරිච්ජේදයකට මුල පිරූ මිනිසා වන අතර 1924 වසරේ මිය ගිය පසුව පවා ඔහුට ශ්‍රේෂ්ටත්වය ලබා දීම සෝවියට් සමූහාණ්ඩුවේ බලාපොරොත්තුව විය. එබැවින් 1924 වසරේ සිට ඔහුගේ ශරීරය මමියක් ලෙස තබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු විය. අදටත් රුසියාවේ සංචාරයේ යෙදෙන්නෙකු හට ලෙනින්ගේ මෘත දේහය බලා ගැනීමේ හැකියාව පවතී. මෙය මෙතෙක් කල් පවත්වාගෙන ආවේ කෙසේද යන්න ලොව පුරා මිනිසුන් හට දැඩි කුකුසක් බවට පත් වී තිබුණි. පසුගිය දිනෙක එම මෘත දේහය පිරිසිදු කරන ආකාරය ඇතුලත් ජායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණ අතර මෙහි දැක්වෙන්නේ ඉන් සමහරකි.

මේ ආකාරයට මෙම ශරීරය නඩත්තු කිරීම සඳහා භාවිත කරන ද්‍රවන ආදිය කුමක්ද යන්න ලෝකයට අනාවරණය කර නැති අතර ඒවා අදටත් රුසියානු රාජ්‍ය රහස් ලෙස භාවිතා වේ. තවද මෙම නඩත්තු කටයුතු සිදු කරන්නේ ඉතා සීමිත පිරිසකගේ අතින් වන අතර ඔවුන් සිය අනන්‍යතාවයන් හෙළි නොකිරීමටද බැඳී සිටී. කෙසේ වෙතත් බලය යන සාධකය පුද්ගලයෙකු වටා භ්‍රමණය වන්නේ ජීවත්ව සිටිනා ඉතා සුළු කාල සීමාවක් තුළ පමණි. බොහෝ බලවතුන් මේ බව නොදැන බලය භාවිතා කළද අවසානයේ උරුම වන්නේ මරණයයි. එදා ශ්‍රේෂ්ට රුසියාවේ නායක ලෙනින් අද මමියක් වී බොහෝ පිරිස් අතින් නඩත්තු වී සැතපෙන අයුරු දැකීමෙන් බලය යනු ජීවත්ව සිටිනතාක් පමණක් බල පවත්වන දෙයක් බව සිහි තබාගැනීම වැදගත්ය.




                                               ලෙනින්ගේ මෘත දේහය තබා ඇති අයුරු











1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators