Tuesday, December 23, 2014

ඔබේ මව කිසි දිනෙක ඔබට නොකී දෑ......

1. ඔබ ඇයව බොහෝ හැඬවූ බව
ඇය පළමු වරට ගැබ් ගෙන ඇති බව දැනගත් දිනයේ ඇය ඔබ වෙනුවෙන් හඬා ඇත, ඔබට ඇය උපත ලබා දුන් මොහොතේ මෙන්ම ඇය ඔබව පළමු වරට දෑතින් තුරුළු කරගත් මොහොතේ ඇය ඔබ වෙනුවෙන් සතුටු කඳුළු හෙලා ඇත. ඇයට ඔබගේ වේදනාව, ඔබගේ සතුට හැම විටම දැනෙන අතර ඒ සෑම විටෙකම ඇය ඔබ වෙනුවෙන් හඬා ඇත. නමුත් ඇය කිසි විටෙකත් ඔබ වෙනුවෙන් රහසේ කඳුළු හෙළු අයුරු ඔබට හෙළි කරන්නේ නැත.


2. ශාරීරික වේදනාව උහුලා සිටි ඇය 
ඔබ කුස තුළ සිටින කාලයේ ඇය කොතරම් ප්‍රවේසමින් අඩි තැබුවේද යන්නත්, ඔබ බිහි කළ මොහොතේ ඇය විඳි ප්‍රසූත වේදනාව එක් වර ශරීරයේ අස්ථි 24ක් කැඩී යන ආකාරයේ වේදනාවක් බව හෝ ඔබ කුඩා කළ හඬන විට එම තියුණු හඬ ඇයගේ දෙසවන් බිහිරි කරන තරමට වේදනා ගෙන දුන් බව හෝ ඔබගේ කුඩා තියුණු නියපොතු වලින් ඇය කොතරම් සීරුම් පහරවල් ලබා ඇතිද යන්නත් ඇය ඔබට පුන පුනා නොකියනු ඇත. මන්ද ඒ සෑම වේදනාවක්ම ඇය ධාරක පෙමින් දරා ගත් බැවිනි.

3. ඔබ නිදා සිටින දෙස ඇය අනන්තවත් බලා හිඳින්නට ඇත.
සැමදා ඔබට පෙර අවදිවන මව ඔබ නිදා සිටින දෙස බලා ඔබ වෙනුවෙන් කොතරම් යහපත පතා ඇතිද? කුඩා කළ ඔබ නිදා සිටින විටත් ඔබ සිහිනෙන් සිනාසෙන විටත් ඔබගේ මව ඔබ වෙනුවෙන් කොතරම් ප්‍රර්ථනා පිරුවේද යන්න ඔබට කිසිදා නොපවසනු ඇත.

4. ඇය ඔබ කොතරම් කාලයක් උසුලා සිටියාද?
ඇය මාස නමයක් ඔබ කුස තුළ උසුලා එතැනින් නැවතුනේ නැත. තවත් වසර ගණනාවක් ඔබව උසුලාගෙන සිටියාය. ඔබ දෙපයින් නැගී සිටින තාක් කල් ඇය ඔබව උසුලා සිටියාය. නමුත් ඇය ඔබ නිසා ඉසිලු බර කිරා මැන ඔබට කිසිදා පවසා නැත.

5. ඇය ඔබ වෙනුවෙන් කොතරම් බිය වී ඇතිද කියා
ඔබ ඇයගේ දෑස් මානයෙන් පිට ගිය සෑම අවස්ථාවකදීම, ඔබ නිවෙසින් බැහැර වූ සෑම විටෙකම ඔබ නැවත පැමිණෙන තුරු, ඔබ පමා වූ සෑම විටෙකම ඔබව යළි දෑසින් දකින තුරු ඇය කොතරම් බිය වී ඇතිද යන්න ඔබට කිසි දිනෙක ඇය විස්තර කරන්නේ නැත.

6. පළමු ස්ථානය ඔබට දුන් ඇය
ඇයට කොතරම් කුසගිනි දැනුනද ඇය අහාර ගන්නේ ඔබට අවශ්‍ය කොටස මුලින් ලබා දීමෙන් අනතුරුවයි. ඇය යන ඕනෑම තැනක ඔබ නොසිටියද ඔබගේ කොටස වෙන් කොට රැගෙන ඒමට ඇය පසුබට වන්නේ නැත. ඒ ඇයට ඔබ ඇයට ඇය වටිනවාටත් වඩා බොහෝ සෙයින්
වටිනා නිසයි.





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators