Saturday, November 8, 2014

සුරතලුන්ගේ ලෝකය

හාවා යනු ඉතාමත් සුරතල් මෙන්ම කිසිවෙකුටත් කරදරයක් නොමැති අවිහිංසක සතෙකි. මෙහි දක්වන්නේ එවන් සුරතලයට ඇති කරනා සාවුන් රැසකගේ වාර්තාගත තොරතුරු එකතුවකි. මොවුන් අතරින් බොහෝමයක් ගිනස් වාර්තා පොතටද ඇතුළත් වූ සුරතලුන් වේ. ඊට අමතරව ඔවුන්ගේ ආකර්ශනීය ජායාරූප එකතුවක්ද මෙහි ඇතුළත් කරන්නේ සුරතල් සතුන්ට කැමැත්තක් දක්වන පාඨකයන් උදෙසාමය.


ලොව කුඩාම හාවා


වාර්තා වලට අනුව ලොව කුඩාම හාවා ගේ නම "RUEDIGER" ය. බරින් ග්‍රෑම් 72ක් වන මෙම සුරතලා සොයාගෙන ඇත්තේ කිසිවෙකු විසින් අතහැර දමා තිබියදීය. ඔහු සමග ඔහුගේ සහෝදරියකද සොයාගෙන ඇති බවට වාර්තා වේ. මොවුන් සොයාගත් පසුව රැගෙන ගොස් ඇත්තේ ජර්මනියේ සත්ව උද්‍යානයකටයි.




ලොව ලොකුම හාවා

ලොව ලොකුම හාවා ගේ නම "Darius" ය. ඔහුගේ හිමිකාරියගේ නම "Annette Edwards" වන අතර ඔවුන් වාසය කරන්නේ බ්‍රිතාන්‍යයේ "Worcester"හීය. මෙම හාවා ඔහුගේම ලෝක වාර්තාව බිඳ දමා ඇත. ඔහු බරින් කිලෝ 22.2 ක් බර වන අතරම දිගින් අඩි 4 අඟල් 4 (1.32 m) පමණ වේ. තවද ඔහු දිනකට කැරට් අල 12කට වඩා ආහාරයට ගන්නා බවත් සඳහන්ය.




ලොව දිගම කන් ඇති හාවා

ඔහුව හඳුන්වන නම වන්නේ "Nipper's Geronimo" ලෙසයි. ඔහුගේ හිමිකරුවන් වන්නේ "Waymon" සහ "Margaret Nipper" යන දෙපලයි. ඔහු වාසය කර ඇත්තේ ඇමරිකාවේ "කැලිෆෝර්නියා" ප්‍රාන්තයේ "Bakersfield" ප්‍රදේශයේය.ඔහුගේ කන් දෙකේ දිග 79 cm ලෙස දැක්වේ.






ලොව වැඩිම කාලයක් ජිවත් වූ හාවා

ලොව වයස් ගතම හාවා වන්නේ "Do" ය. ඔහු ගේ හිමිකාරිනිය වන්නේ "Jenna Antol" ය. ඇමෙරිකාවේ "New Jersey" ප්‍රදේශයේ වාසයකර ඇති ඔහු 1996 ජනවාරි 01 දින උපත ලබා ඇත. 2012 පෙබරවාරි 15 දිනවන විට "Do" ගේ වයස අවුරුදු 16 කුත් මාස 1යි දින 14 කි. ඔහුගේ ප්‍රධාන ආහාරය වී ඇත්තේ පිදුරුය. "Do" කිසි දිනකවත් එළවලු ආහාරයට ගෙන නැතිබව හිමිකාරිනිය පවසයි.






සාවුන්ගේ දුපත ( Okunoshima Island)

"ඔකුනොෂිමා" ජපානයේ ඇති කුඩා දුපත කි. මෙම දුපත හඳුන්වන අන්වර්ථ නාමය වන්නේ "Usagi Shima" එසේත් නැතිනම් සාවුන්ගේ දුපත (Rabbit Island) ලෙසය. එසේ හඳුන්වන්නේ මෙහි හාවුන් සිය දහස් ගණනින් වාසය කරන හෙයිනි. දෙවන ලෝක යුද්ධ සමයේ මෙහි අධි රහසිගත විෂ ගෑස් නිපදවන කර්මාන්ත ශාලාවක් තිබී ඇත. පසු කාලීනව මෙය රජය විසින් අතහැර දමා ඇත. මේ හවුන්ගේ බෝ වීමට හේතුව පරීක්ෂණ සඳහා ගත් හාවුන් කැලයට අතහැරීම බව සමහරුන්ගේ මතයයි. නමුත් තවත් සමහරුන් පවසන්නේ 1971 දී පාසල් ශිෂ්‍යයන් පිරිසක් මෙම දුපතට හාවුන් 8 දෙනෙකු අතහැරීම නිසා මෙය සිදු වූ බවකි. කෙසේ හෝ අද මෙය සංචාරක පාරාදීසයකි. නමුත් මෙහි හාවුන් දඩයම් කිරීම, බල්ලන්, පූසන් ආදී සතුන් ගෙන ඒම තහනම්ය.








පහතින් දැක්වෙන්නේ සුරතලයට ඇතිකරන විවිධ වර්ගයේ හාවුන්ගේ ඡායාරූප එකතුවකි.

































No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators