Saturday, November 1, 2014

රුව වඩවන ආහාර

පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීමට සහ සුන්දර රූපකායක් වර්ධනය කර ගැනීමට රූපලාවන්‍ය සත්කාර පමණක් ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම සිය රූපය පිළිබඳව දැඩි අවධානයක් දක්වන කාන්තාවන් නිසි පෝෂ්‍යදායි ආහාර රටාවක් පිළිබඳවත් සිය අවධානය යොමු කිරීමත් ඉතා වැදගත් කාරණාවකි. මෙහි දැක්වෙන්නේ පැහැපත් මෙන්ම නීරෝගී සමක් ලබා ගැනීම සඳහා උපකාරී වන ආහාර වර්ග කිහිපයකි. රිඩර්ස් ඩයිජස්ට් සඟරාවද ඔවුන්ගේ පසු ගිය කලාපයක මෙම අහාර පිළිබඳව දීර්ග විස්තර සහිත විශේෂාංගයක් පල කොට තිබුණි.

Flax seeds


මෙම ධාන්‍ය වර්ගය "ඔමේගා 3" පෝෂක කොටස් වලින් යුතු ධාන්‍ය වර්ගයකි. මෙම ධාන්‍ය ආහාරයට ගැනීමෙන් මහලු වියට පැමිණීමේදී මුහුණේ සහ ශරීරයේ ඇති වන රැළි ස්වභාවයන් ඉවත් වන බව පැවසේ.තවද දිනපතා අහාරයට ගැනීමෙන් සමේ නැවුම් බව සහ පැහැපත් බව වර්ධනය වන බව පෝෂණවේදීන් ප්‍රකාශ කරයි.

දම් පැහැති සහ නිල් පැහැති පළතුරු

දම් සහ නිල් පැහැති පළතුරු අනුභවය නිරෝගී සමකට හේතු වන බව පැවසේ. යුරෝපයේ පළතුරු වර්ග අතරින් "බ්ලූබෙරි, බ්ලැක් බෙරි, ප්ලම්ප්" වැනි පළතුරු වර්ග මේ ගණයට අයත් වේ. මෙම පළතුරු අනුභවයෙන් සම මතුපිට වූ කැළැල් ආදිය මැකී යාමේ ගුණයක් ඇති බව පැවසේ.

සූර්යකාන්ත ඇට

මෙම ඇට වර්ගය විටමින් E බහුලව ඇති ධාන්‍ය වර්ගයකි. සූර්යකාන්ත ඇට භාවිතා කරමින් සකසන ආහාර ගැනීම හේතුවෙන් හිරු එළියෙන් සමට සිදු වන හානි අවම වන අතර දීප්තිමත් ස්වභාවය වර්ධනය කරයි.

චොකලට් 
                          

චොකලට් යනු බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයකි. එමෙන්ම චොකලට් යනු සමටද ඉතා හිතකර ආහාරයකි. විශේෂයෙන්ම කළු චොකලට් (Dark chocolate) එනම් සීනි අවම ප්‍රමාණයක් සහිත චොකලට් දිනපතා ආහාරයට ගැනීමෙන් සමේ ප්‍රභාමත් භාවය වර්ධනය වේ. එහිදී චොකලට් වල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.


තක්කාලි

තක්කාලි යනු පළතුරක් සේම එළවළුවක් ලෙසත් භාවිතා කරනු ලබන සුලබ ආහාරයකි. තක්කාලි භාවිතයෙන් විවිද සෝස් වර්ග ආදිය නිපදවා තිබෙන නමුත් තක්කාලි පළතුරක් ලෙස අමුවෙන් ආහාරයට ගැනීම සමට වඩාත් ගුණදායක බව පෝෂණවේදීන් පවසා සිටී.

යෝගට්


කිරි සහිත ඝන ආහාරයක් වන යෝගට් සමේ පැහැය වර්ධනය කිරීමට ඉතා ගුණදායක බව පැවසේ. ඇතැමුන් යෝගට් මුහුණේ තවරා ගනු ලබන අතර ඊට වඩා දිනපතා යෝගට් අනුභව කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. යෝගට් වල ඇති ප්‍රෝටීන වලින් සමේ වූ ලප කැළැල් ඉවත් කරන අතර සමට නැවුම් බවක් එක් කරයි. පෝෂණවේදීන් පවසන්නේ විවිද රසකාරක යොදා සෑදු විශේෂකරණය කළ යෝගට් වලට වඩා සාමාන්‍ය යෝගට් අනුභවය යහපත් බවයි.


නිවිති

මේවයේ විටමින් E , ක්ලෝරෝපිල්, සහ යකඩ වැනි පෝෂක සංඝටක අඩංගු වේ. දිනපතා ආහාර වේලට එක් කරගන්නේ නම් වඩාත් ගුණදායක ආහාරයක් ලෙස සැලකේ. නිවිති වල විවිද ප්‍රභේද ඇති අතර විවිද ආකාරයට සකසාගෙන ආහාරයට ගත හැකිය.බොහෝමයක් සමේ ගැටළු වලට පෝෂණය සපයන ආහාරයක් ලෙස නිවිති හඳුනාගත හැකිය. තවද සම ඇතුළතින් පිරිසිදු කිරීමේ ගුණයක්ද මෙම ආහාරය සතුය.

1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators