Saturday, November 15, 2014

මරණය ගෙනා වනාන්තරය "Aokigahara"

ලොව සියදිවි නසාගැනීම් අතරින් ප්‍රථම ස්ථානයට ඇති රට වන්නේ ජපානයයි. මෙම මරණ වලට හේතු සෙවීමේදී ජපානයේ වෙසෙන මිනිසුන් අනෙක් රටවල ජීවත් වන මිනිසුන්ට සාපේක්ෂව ඉහළ මානසික පීඩනයකින් යුතු මිනිසුන් බව හෙළි විය. කාර්මික රටක් වන ජපානයේ ඇති අතිශය කාර්යබහුල ජිවන රටාව මෙයට මූලික වී ඇති බව සමාජ විද්‍යාවේදීන්ගේ මතයයි. මෙහි දැක්වෙන්නේ ජපාන මිනිසුන් සියදිවි නසා ගැනීමට තෝරාගත් එක්තරා විශේෂ ස්ථානයක් පිළිබඳවයි.

එය නමින් "Aokigahara" නම් වන අතර එය වනාන්තරයකි. ජපානයේ "ෆූජි" ගිනි කන්දට ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති මෙම වනාන්තරයේදී වසරකට විශාල සංඛ්‍යායාවක් සිය දිවි තොර කරගනී. මේ සම්බන්දව පරීක්ෂණ පැවැත්වීමේදී හෙළි වූ කරුණක් නම් මෙසේ සියදිවි තොරකරගන්නා අය අතරින් බහුතරයක් ණයකරුවන් බවයි. ඔවුන් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකි වූ තැන ජීවිතයෙන් පලා යෑම වඩා හොඳයැයි සිතන්නන් මේ ආකාරයට සිය දිවි තොර කරගෙන ඇත. වරක් මෙසේ සියදිවි නසාගැනීමට ගිය වයස 44ක් වූ පුද්ගලයෙකු පොලීසිය විසින් සොයා ගන්නා අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන්ට හැකි විය. පසුව තොරතුරු විමසා බැලීමේදී හෙළි වූයේ ඔහු "ජපන් යෙන් මිලියන 1.2ක" මුදලක් සමාගමකට ණය වී ඇති බවයි. මේ වෙනුවෙන් පිළියම් සෙවූ එක්තරා ස්වේච්ජා සංවිධානයක් මෙයට විසඳුමක් යෝජනා කරන ලදී. ඔවුන් එම වනාන්තරයේ ඔවුන්ගේ උපකාර සේවාවන් පිළිබඳව සඳහන් පණිවිඩ සහිත පුවරු සහ ක්ෂනිකව ඇමතිය හැකි දුරකථන අංක සහිත පුවරු එල්ලා පෙනෙන්නට සැලැස්වීය. එය බොහෝ දුරට සාර්ථක ක්‍රියාවලියක් විය. බොහෝ පිරිස් එම සංවිධානය අමතන්නට විය. වසරක් තුළ ඒ ආකාරයට මියයෑමට අදහස් කොට සිටි පුද්ගලයින් 29කගේ ජීවිත බේරා ගැනීමට ඔවුනට හැකි විය. පසුව ඔවුන් හෙළිකරගත්තේ මෙලෙස සිය දිවි නසාගැනීම රැල්ලක් ලෙස ව්‍යාප්ත වූ තත්වයක් බවයි. ජපානය පුරා ඇති මෙම ප්‍රවනතාවය අදටත් අඩුවීමක් පෙන්වන්නේ නැත.


මෙම වනාන්තරය පිළිබඳව පවසනවානම් සාමාන්‍ය මිනිසුන් මේ තුළට යෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. මන්දයත් වසරකට විශාල පිරිසක් මිය යන මෙම භූමිය මළගිය යක්ෂ ආත්ම වලින් පිරී තිබෙන බවට ඔවුන් විශ්වාස කරයි. මෙහි තැනින් තැන මිය ගිය මිනිසුන්ගේ ඇට කටු, ඔවුන් භාවිතා කළ භාණ්ඩ ආදිය දක්නට ලැබේ. ගස් වල එල්ලී මියගිය මිනිසුන්ගේ ස්වරූපයන් මෙම කැලෑවට අහම්බයෙන් ඇතුළු වූ පුද්ගලයින් බියගන්වා ඇත. මෙම වනාන්තරය හා සබැඳි විවිද කතා ඇති අතරම සිනමා පට පවා මෙම කතා ආශ්‍රයෙන් නිර්මාණය වී ඇත.



එල්ලී මියගිය මිනිසෙකුගේ මළ සිරුරක් 

                                               මියගිය අය සතු භාණ්ඩ 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators