Thursday, November 13, 2014

ස්ත්‍රී මාංශ අලෙවි කිරීම

ලෝකය පුරා ස්ත්‍රී මාංශ වෙළඳාම අඩු වැඩි වශයෙන් විවිදාකාර හැඩ හුරුකම් වලින් සිදු වේ. විශේෂයෙන්ම ස්ත්‍රී නිරුවත යනු විශාල අලෙවිකරණ උපක්‍රමයක් බවට වර්තමානයේ පත්ව තිබේ. මාධ්‍ය හරහා ඕනෑම භාණ්ඩයක් අලෙවි කිරිමේදී හෝ යමකට ජනප්‍රියත්වයක් ලබා දීමේදී ස්ත්‍රී අවයව උලුප්පා දැක්වීම මාධ්‍ය අලෙවිකරණයේ අනිවාර්ය අංගයක් බවට පරිවර්තනය වී ඇත. එය නොවැලක්විය හැකි ප්‍රවණතාවයක් වන අතර අප මෙහි දක්වන්නේ කාන්තාවන් දෙදෙනෙකු විසින්ම කාන්තා නිරුවත යොදා ගනිමින් අලෙවිකරණයේ යෙදීමට ගන්නා උත්සහයකි.

ඇමරිකා එක්සත් ජනපදයේ "ෆ්ලොරීඩා" ප්‍රාන්තයේ කාන්තාවන් දෙදෙනෙකු තමන්ට නව ඉඩමක් මිලයට ගැනීම සඳහා නව උපක්‍රමයක් යොදාගෙන තිබෙනවා. එනම් තමන්ට වගා භූමියක් මිලයට ගැනීමට අරමුදල් උපයා ගැනීම වෙනුවෙන් නිරුවත් කතුන්ගේ චායාරූප සහිත pin-up (a poster showing a famous person or sex symbol, designed to be displayed on a wall) කැලැන්ඩරයක් නිර්මාණය කර තිබේ. ඔවුන් දෙදෙනා නමින් Danielle සහ Claire වේ. "Ten-Speed Greens" නාගරික ගොවිපළේ ගෙවිලියන් දිනක් අවබෝධ කරගන්නවා කිසියම් වෙනසක් කල යුතු බව. "අපගේ යහළුවන් සියලුදෙනා තරුණ කාන්තාවන් බැවින් අප එක්වී අපගේ නිෂ්පාදන යොදා ගනිමින් කැලැන්ඩරයක් නිර්මාණය කර ඒ තුලින් අපගේ අනාගත නාගරික ගොවිපලට මුදල් සොයාගැනීමට අප සිතුවා". එක් කාන්තාවක් පැවසීය. "Ten-Speed Greens" නාගරික ගොවිපළ පිහිටා තිබෙන්නේ ෆ්ලොරීඩා ජනපදයේ "Tallahassee" නම් නුවරයි. 2014 වසරේ වසන්ත කාලයේ මෙම ගොවිපළ වසා දමන්නේ මෙම භුමිය එහි හිමිකරු එය නවීකරණය සඳහා ලබා ගැනීමත් සමගයි. නමුත් මෙම කාන්තාවන් දෙදෙනාට නැවත වරක් එම ප්‍රදේශයට ගොස් ඔවුන්ගේ ම භූමියක ඔවුන්ගේ වගා කටයුතු සිදු කිරිමටත්, වැඩමුළු පැවැත්විමටත්, රාත්‍රී බෝජන සංග්‍රහ පැවැත්වීමට අවස්ථා ලබදීමටත්, දරුවන්ට පාසල් වේලාවෙන් පසුව ගෙවතු වගා කටයුතු ඉගැන්වීමත්, ගොවිපලේ නිෂ්පාදන අලෙවි කිරීමට වෙළෙඳසලක් දැමීමටත් වැනි සමාජ සේවා කටයුතු සිදු කිරීමට ඔවුනට අවශ්‍යව ඇත. එබැවින් මේ සඳහා මුදල් සොයාගැනීමට ප්‍රථමයෙන් ඔවුන් 2015 දී මෙම කැලැන්ඩරය මුද්‍රණය කර එලිදැක්වීමට නියමිතයි. ඔවුන් අනෙක් රටවල පිරිස් වලින්ද මේ සඳහා ආධාර පතයි.







                                                               වීඩියෝව 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators